දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Tuesday, November 13, 2012

Samsung Apple ට Chip නොදී චිප් කියයි


පසුගිය සතියේ දී Samsung සමාගම එක්සත් ජනපදයේ ඔස්ටින් හී දී ගොඩනගමින් සිටි ඔවුන්ගේ Chip නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවතා දැමීමට කිරීමට තීරණය කර තිබෙනවා. මේ නිශ්පාදනායතනය විශේෂයෙන් ම නිම වන්නට යෙදුනේ Apple සමාගම වෙනුවෙන් ඔවුන්ගේ උපාංග සඳහා අවශ්‍ය වන Chip ඉතා ඉක්මණින් ලබා දීමේ අරමුණෙනි. 

Apple සමාගම, තමන් වෙනුවෙන් Chip සපයන්නන් අතරෙන් Samsung සමාගම ඈත් කර තම ආයතනය විසින්ම තමන්ගේ ම Chip නිර්මාණකරණයට පිවිසීම නිසා ද, පසුගිය මාසයේ දී Apple සමාගම විසින් Samsung සමාගමෙහි සිටි Chip නිර්මාණකරු බඳවා ගැනීම ද මෙම තීරණයට ප්‍රධානත ම හේතූන් විය හැකිය.

අන්තර්ජාලයෙන් වාර්තා වන නවතම තොරතුරු වලට අනුව Samsung සමාගම iPhone සහ iPad සඳහා ඔවුන් නිර්මාණය කරනා ප්‍රොසෙසර වල මිල 20% කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. මීට හේතුව ලෙස සඳහන් වන්නේ Samsung සමාගම විසින් නව කර්මාන්ත ශාලාව ඉදි කිරීම සඳහා මුදල් සපයා ගැනීම ය. Apple සමාගම තවමත් Samsung සමාගමේ ප්‍රොසෙසර භාවිතා කරනා බැවින් Samsung සමාගමේ නියමයන්ට අනුගත වීමට ද සිදු වී ඇත.

පෙර මෙන් නොව මේ වන විට Apple සහ Samsung සමාගම් ද්විත්වය අතර පවතින විරසකයට හේතුව ඔවුන් අතර පේටන්ට් අයිතීන් වෙනුවෙන් පවතින අරගලයයි. එමෙන්ම මේ වන විට Samsung සමාගම විශාලතම ජංගම දුරකතන නිශ්පාදකයා වීම නිසා Apple සමාගමට පෙරලා පහර දීමට තීරණය කර ඇති බවක් පෙනී යයි.

තවත් වාර්තා වන ආරංචියක් වන්නේ පළමු iPhone දුරකතනයේ තිබූ දෑ එලෙසින්ම තවමත් තිබීමත්, Apple සමාගම iPhone හි කිසිදු නව්‍යකරණයක් සිදු නොකිරීමත් හේතුවෙන් Apple iPhone ලෝලීන් iPhone භාවිතයෙන් ඉවත් වෙමින් පවතින බවයි.

0 comments:

Post a Comment