දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Tuesday, November 13, 2012

Samsung නඩු ගාස්තු Apple ගෙවයි


Apple සහ Samsung සමාගම් ද්විත්වය අතර සටනේ උණුසුම තවත් ඉහළ නැංවෙන තීන්දුවක් අදාළ එක්සත් රාජධානිය සහ වේල්සයේ අභියචනාධිකරණය මගින් නැවතත් නිකුත් කර තිබෙනවා. එනම් Samsung සමාගමට සිදු වූ අපකීර්තිය හේතුවෙන් සමාව ප්‍රකාශ කොට එක්සත් රාජධානියට අදාළ Apple වෙබ් අඩවියේ ලිපියක් පළ කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව දෙවැනි වරට නැවත නිවැරදි කොට පළ කරන ලද සමාව අයැදීමේ ලිපිය එක්තරා නොමග යැවීමක් මෙන්ම අදාළ කරුණු නිසි පරිදි සඳහන් නොවූවක් බැවින් Samsung සමාගමට මෙම නඩු හබය වෙනුවෙන් දරන්නට සිදු වූ සියළුම ගාස්තු නැවතත් එම සමාගමට වන්දිපූර්ණයක් වශයෙන් Apple සමාගම විසින් ගෙවිය යුතුය යනුවෙන් නව නියෝගයක් ලබා දීමයි.

Apple සමාගමට අපකීර්තියක් ලැබීමට සිදු වූ මෙම අධිකරණ නියෝගය හේතුවෙන් Samsung සමාගමට වැය වූ බොහෝමයක් වියදම් අකුරටම පියවීමට Apple සමාගමට සිදු වනු ඇති.

පසුගිය ඔක්තෝබරයේ දී මෙම නඩුවෙන් Apple සමාගමට පරාජය හිමි වූයෙන් එයට Samsung සමාගමෙන් සමාව අයැද ලිපියක් තම එක්සත් රාජධානියට අදාළ වෙබ් අඩවියේ පළ කරන්නට නියෝග ලැබුන ද ඒ හරහා ද Samsung සමාගමට කැළැලක් සිදු විණ. එමෙන්ම එම ලිපිය පැටලිලි සහගත වූවක් ද වීය. අධිකරණයේ පීඩනය මත Apple සමාගම නැවතත් නිවැරදි කරන ලද ලිපියක් පළ කරනු ලැබීය. නමුත් අභිමතයන් සපුරා නොලීම හේතුවෙන් සහ වෙබ් අඩවියට පැමිණෙන්නන්ට එය එක සැණින් දිස් නොවන අයුරෙන් අඩවියේ පහතින් ම එම ලිපියට යා හැකි සබැඳිය පළ කිරීම හේතුවෙන් මෙවන් නියෝගයක් අධිකරණය විසින් ලබා දීමට හේතු වී ඇත.

0 comments:

Post a Comment