දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Tuesday, November 6, 2012

Android ට සුභ උපන්දිනයක්

ඉතාමත්ම කුඩාවට Android ආරම්භ වූයේ 2007 වසරේ නොවැම්බර් මස 5 වැනිදායි. "Open Handset Alliance" මගින් Android යනු සියළුම ජංගම උපාංග නිශ්පාදකයන් හට විවෘතව යොදා ගත හැකි නවතම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියක් ලෙස එවකට දී හඳුන්වා දෙන ලදී.

Android එළි දැක්වීමට ප්‍රථමව Google සමාගම නිහඬව එහි නිර්මාණ සැලසුම් සඳහා ඊට වසර 2 කට පෙර එනම් වර්ශ 2005 සිට ම දායක වෙමින් පැමිණියේ Android Inc නැමැති ආයතනය ද මිලට ගනිමිනි.

වසර 2009 දී Android කරළියට පැමිණියේ HTC සමාගමේ Dream නැමැති ජංගම දුරකතනයත් සමගයි. නමුත් ජංගම දුරකතන වෙළඳපොළෙහි 75% ක පමණ කොටසකට හිමිකම් කීමට එයට හැකි වී ඇති බව මේ වන විට සනාථ වී හමාරයි.

වසර 3 කට ඉහත දී දුරකතනයක් හරහා එසේ ප්‍රකට වූ Android මෙහෙයුම් පද්ධතිය 2012 වසරේ අග භාගය වන විට ලබා ඇති දියුණුව සහ වෙනස්කම් අතිශයින්ම ඉහළ මට්ටමක පවතී. දැන් දැන් Single core, 500MHz ප්‍රොසෙසර සහ තත්ත්වයෙන් බාල තිර භාවිතයෙන් ඉවත්ව Dual core ප්‍රොසෙසර සහ ඉහළ තත්ත්වයෙන් යුතු HD තිර යොදා ගනිමින් Android සහිතව නිපදවෙන ජංගම උපාංග Quad core ප්‍රොසෙසර භාවිතා කරමින් ද නිශ්පාදනය වීම මේ වන විට ආරම්භ වී ඇත.

දියුණු වන මෙවන් ජංගම උපකරණ වල තාක්ෂණයත් සමග ම ඊට අනුගාමීව ඒ තාක්ෂණය මෙහෙයවීම සඳහා Android ද මේ වසර කිහිපය ඇතුලත දී Android 1.5 Cupcake හි සිට Android 4.2 Jelly Bean දක්වා වෙනස් වෙමින් දියුණු වී ඇති ආකාරය ද සිත් ගන්නා සුළුය. එමෙන්ම එහි ඉදිරිය ද බෙහෙවින් සිත්ගන්නා සුළු වනු ඇත.


0 comments:

Post a Comment