දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Monday, November 12, 2012

Apple සහ HTC 10 අවුරුදු විවාහය

HTC සහ Apple සමාගම් ද්විත්වය එකිනෙකා අතර පැවති බලපත්‍ර පිළිබඳ ආරවුල්, දස වසරකට, නඩු මාර්ගයන්ගෙන් ඉවත්ව සමථයකට පත් කර ගැනීමට එකඟතාවයකට පැමිණ තිබෙන බව ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නමුත් මෙම ගනුදෙනුවේ තොරතුරු අතිශය රහසිගත මට්ටමකින් තබා ගැනීමට ඔවුන් වග බලා ගෙන තිබෙනවා. මෙයින් පෙනී යන්නේ Apple සහ HTC සමාගම් දෙක ඉදිරි දස වසර තුල දී තම නීතිමය ගැටළු සඳහා අඩු වියදමක් සිදු කරනු ඇති බවයි.

මෙම ආයතන ද්විත්වය මේ කරන ලද ප්‍රකාශය ජංගම දුරකතන කර්මාන්තයේ පෙර නොවූ විරූ ආකාරයේ දෙයක් වන අතර ම එම ආයතන දෙක ම තම තමන්ගේ පේටන්ට් අයිතීන් උල්ලංඝනය වීම සොයා බලනවාට වඩා නවීණ තාක්ෂණික ක්‍රමවේද සඳහා යොමු වනු ඇති.

මෙම එකඟතාව මගින් HTC සමාගමට වාසි රැසක් හිමි වී ඇති නමුත් මෙම ප්‍රකාශය තවමත් අවිනිශ්චිතතාවකින් යුතු වන්නක්. මීට හේතුව වන්නේ HTC සමාගමේ Cher Wang මාස කිහිපයකට උඩ දී, HTC සමාගම Apple සමාගම හා ආරවුල් ඇති කර නොගනිමින් තම සම්පත් සහ බුද්ධිමය දේපළ කෙරේ වැඩි අවධානයක් යොමු කරවන බවටත්, මිල දී ගැනීමෙන් හෝ තම පේටන්ට් අයිතීන් Apple සහ අනෙකුත් සමාගම් වලින් ආරක්ෂා කර ගත යුතු බවටත් කර ඇති ප්‍රකාශයයි.

කෙසේ නමුත් මෙම එකඟතාව මගින් ආයතන ද්විත්වයට ම ලැබී ඇති වාසි බොහෝය. එමගින් ආයතන ද්විත්වයට ම පේටන්ට් අයිතීන් සම ලෙස භාවිතා කිරීමේ හැකියාව ලැබී ඇත.


0 comments:

Post a Comment