දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Monday, November 5, 2012

LG Nexus 4 මිල ඉහළ යයි

අන්තර්ජාලයෙන් අළුතෙන් ම වාර්තා වන අසුභදායක පුවතක් පිළිබඳව අවධානය යොමු කිරීමටයි මේ සැරසෙන්නේ. එනම් දෙසතියක්ටත් නො අඩු කාලයක් තුල Google සමාගම විසින් එළි දැක්වුණු LG සමාගමේ Nexus 4 ස්මාර්ට් ජංගම දුරකතනය පාරිභෝගිකයන් මිල දී ගන්නා ස්ථානය අනුව එහි මිල විශාල වෙනස්කමකට භාජනය වීමේ හැකියාවක් පවතින බව වාර්තා වෙනවා.

මෙනිසා LG Nexus 4 දුරකතන ආකර්ශනීය ඉතාමත් ම අඩු මිලකට මිල දී ගත හැකි එකම ස්ථානය Google Play Store වනු ඇති බවටයි බොහෝ දෙනාගේ මතය වන්නේ. එනම් ඇමරිකානු ඩොලර් 300 ක පමණ මිලකටය. ඒ හැරුණු කොට මෙම දුරකතනයේ සැපයුම්කරුවන් වන LG සමාගම හරහා Nexus දුරකතන ලබාගෙන අලෙවි කරන අනෙක් සියළුම ස්ථාන වල මිල Google Play Store හි අගයට වඩා බෙහෙවින් ඉහළ යනු ඇත. දැනට වාර්තා වන දත්ත වලට අනුව මෙහි මිල යූරෝ 599 ක් නැතහොත් සාමාන්‍ය මිල මෙන් දෙගුණයක මිලක් වනු ඇත.

ඔබ Google සමාගම හරහා මෙය මිල දී ගනී නම් මේ පුවත එතරම් බලපාන ගැටළුවක් ඇති නොකළ ද වෙනත් ස්ථාන වලින් මිලදී ගැනීමට, එසේත් නැති නම් තම රටේ වෙළඳ සැල් වලින් ලබා ගැනීමට බලාපොරොත්තුව සිටී නම් මෙය ඔබේ බලාපොරොත්තු සුන් කරවන හෝ ඔබව පසුබෑමකට ලක් කරනා පුවතක් වනු නොඅනුමානය. කෙසේ නමුදු Google Play Store හරහා Google සමාගමට Nexus 4 ජංගම දුරකතනය අලෙවි කළ හැක්කේ ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ස්පාඥ්ඥය, කැනඩාව, පෝට රිකෝ ඇතුලත්ව ඇමරිකා එක්සත් ජනපදය යන රටවලටය.

ඉහත සඳහන් රටවල ජීවත් නොවන සියල්ලන්ට ම LG සමාගමේ ඉහළ මිල ගණන් වලට යටත්ව මෙම දුරකතනය මිල දී ගැනීමට සිදු වනු ඇත. නැතහොත් වෙනත් මාර්ගයකින් ලබා ගැනීමට සිදු වනු ඇත.

0 comments:

Post a Comment