දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Thursday, November 1, 2012

Apple ට අධිකරණයෙන් බරපතල නියෝගයක්

පසුගිය ලිපි වලින් අප ඔබට Apple සමාගම සහ Samsung සමාගම අතර පවතින සීතල යුද්ධයේ තොරතුරු පැවසුවා. ඒ වගේම ඒවායේ අධිකරණ තීන්දු පිළිබඳවත් යම් තාක් අවබෝධයක් ඇතැයි කියා අප සිතනවා. මෑතක දී පැවැත්වුණු පේටන්ට් අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳව නඩු විභාගයකින් Apple සමාගමට පරාජය අත් වූවා. එනම් Samsung සමාගම Apple සමාගමේ iPad නිර්මාණය කොපි නොකළා යැයි තීන්දුව වශයෙන් ලබා දීම. මේ නිසා Samsung සමාගමට සිදු වූ කැළල හේතුවෙන් Apple සමාගමට, Samsung සමාගම තමාගෙන් කොපි නොකළ බව කියැවෙන දැන්වීමක් තම නිල වෙබ් අඩවියෙහි පළ කරනා ලෙස නියෝග ලැබුණා. මේ අනුව Apple සමාගම තම එක්සත් රාජධානිය වෙනුවෙන් වූ වෙබ් අඩවියේ අදාළ තීන්දුව පිළිබඳව පසුගිය දින වල ලිපියක් පළ කර තිබුනා. නමුත් Apple සමාගම අදාළ කරුණ එහි කියාපෑව ද එම ලිපිය හරහා ද Samsung සමාගමේ නමට කැළලක් ඇති කිරීමට පියවර ගනු ලැබුවා.

මෙම ලිපිය පළ කරනු ලැබුවේ ද ප්‍රමිතියකින් තොරව නිම වූ වෙබ් පිටුවක ය. ඒ සඳහා පිවිසිය හැකි සබැඳිය පවා තිබූයේ ඉතා කුඩාවටය. ඔවුන් තවදුරටත් තම ලිපිය හරහා Samsung සමාගම විසින් පේටන්ට් අයිතීන් උල්ලංඝණය කළ පෙර අවස්ථා පිළිබඳව ද සඳහන් කර තිබූ බවට වාර්තා වෙනවා. එමෙන්ම Samsung හි Galaxy ටැබ්ලට්ටුව iPad තරම් නොවනා බවත් එම ලිපියේ පවසා තිබෙනවා.

මෙම ලිපිය නිරීක්ෂණය කරනු ලැබූ එක්සත් රාජධානියේ අදාළ අධිකරණය Apple සමාගමට එම ලිපිය අදාළ නියෝගයට අනුකූල නොවූ හෙයින් නැවත වෙනස් කර පළ කරන ලෙසට නව නියෝගයක් ලබා දී තිබෙනවා. එමෙන්ම එම ලිපිය දෙසැම්බරයේ 14 වැනි දින දක්වා තම වෙබ් අඩවියේ තැබිය යුතු බව වැඩි දුරටත් දන්වා සිටිනවා. මේ සඳහා Apple සමාගම නිදහසට කරුණු ඉදිරිපත් කරමින් තර්ක කර ඇත්තේ අදාළ ලිපියෙහි නිවැරදි කරන ලද ලිපියක් පල කිරීමට ඔවුනට දින 14ක් පමණ ගත වන බවය. මේ පිළිබඳව අධිකරණ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ එය පිළිගත නොහැකි බවත්, හේතුව වෙනයම් කරුණක් බවයි.

කෙසේ නමුත් අදාළ නිවැරදි කිරීම සඳහා Apple සමාගමට දැන් පැය 48ක කාලයක් ලබා දි තිබෙනවා. එබැවින් Apple සමාගමේ එක්සත් රාජධානියට අදාළ වෙබ් අඩවිය පිළිබඳ සෝදිසියෙන් සිටීම මගින් මේ යුද්ධය කිනම් දෙසකට ඇදේදැයි නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත.

0 comments:

Post a Comment