දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Tuesday, November 13, 2012

විනාඩි 30න්, Nexus 4 ඉවරයි

ඊයේ දිනයේ දී එනම් නොවැම්බර් 13 වැනි දිනටනියමිතව තිබූ පරිදි Google සමාගම විසින් තම නවතම Nexus උපාංග පෙළ Google Play Store හරහා ඇණවුම් කිරීමට ඉඩ සලසා දෙනු ලැබුවා. එය ආරම්භ වන්නට යෙදුනේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10:30 ට පමණය. නමුත් පුදුමය දනවන කරුණක් වන්නේ මෙසේ අලෙවියට විවෘත කර අඩ හෝරාවක් ගත වන්නට මත්තෙන් සියළුම Nexus 4 ජංගම දුරකතන විකිණී අවසාන වීමයි. මේ හේතුව නිසා Nexus ලෝලීන් බොහෝමයක් දෙනාට තමන් බලාපොරොත්තු වූ ආකාරයට පළමු අවස්ථාවේදී ම Nexus 4 ජංගම දුරකතන ඇණවුම් කිරීමට නොහැකි වූවා මෙන්ම ඒ සඳහා අදාළ Play Store වෙබ් පිටුවට බොහෝ දෙනා පැමිණීම හේතුවෙන් විවිධ ගැටළු රාශියක් ම උද්ගත වී තිබිණ. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් විවිධ දෝශ වලට එම ලෝලීන්ට මුහුණ පෑමට ද සිදු විය.


ඉතාමත් සීමිත සහ වාසනාවන්ත වූ අයට පමණක් ගිගා බයිට් 8 සහ 16 මාදිලි ඇණවුම් කර ගැනීමට හැකියාව ලැබී තිබිණ. කෙසේ නමුත් මේ වන විට තොග අවසන් වීම හේතුවෙන් Google Play Store හරහා Nexus 4 ජංගම දුරකතන ඇණවුම් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මෙම තත්ත්වය Google විසින් නැවතත් උපාංග ඇණවුම් කිරීමට හැකි වන සේ පැය කිහිපයක් ඇතුලත වෙනස් කරනු ඇත. Nexus 4 දුරකතනයට ඉල්ලුම වැඩි වීම හේතුවෙන් ඊට සෑහෙන සැපයුමක් Google සමාගමට ලබා දීමට නොහැකිව එවැනි තත්ත්වයක් උදා වූවත් Nexus 10 ටැබ්ලට් පරිගණකය තවමත් Google Play Store හරහා ඇණවුම් කිරීමේ හැකියාව පවතී.


0 comments:

Post a Comment