දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Wednesday, November 7, 2012

Android වලට Apple වලට වඩා 6 ගුණයක නැඹුරුවක්

පසුගිය මැයි මාසයේදී Android වල වර්ධනය Apple සමාගමේ iPhone වල වර්ධනයට සාපේක්ෂව සිව් ගුණයකින් ඉහළ ගොස් තිබිණ. නමුත් මේ වෙන විට, එනම් නොවැම්බරයේ මුල වන විට එය හය ගුණයක් දක්වා වර්ධනය වී ඇත. එනම් Android පරිහරණයට යොමු වීමේ සීඝ්‍රතාව හය ගුණයකින් වැඩි වී ඇත. සෑම වසරකම Android විසින් නවතම Nexus දුරකතනයක් නිකුත් නොකරන්නට මේ තත්ත්වය මෙසේ නොවන්නට ඉඩ තිබිණ.

San Francisco හි Bloomberg මූලස්ථානයේ දී Mary Meeker නැමැත්තිය පවසා ඇති අන්දමට 2012 වසරේ පළමු කාර්තුවේ දී අන්තර්ජාලය සහිත Android උපාංග වල බෙදා හැරීම Microsoft සමාගමේ Windows සහිත උපාංග බෙදා හැරීමට සාපේක්ෂව ඉතිහාසයේ පළමු වතාවට ඉක්මවා ගොස් ඇති බවය. ඒ අනුව 2012 වසරේ පළමු මාස තුන ඇතුලත දී දළ වශයෙන් බෙදා හැර ඇති Windows පරිගණක මිලියන 82 ක ප්‍රමාණය Android උපාංග මිලියන 90 ක් බෙදා හැරීම මගින් මෙසේ ඉක්මවා ගොස් තිබෙනවා.

ඇය තව දුරටත් පවසා සිටින්නේ 2013 වසරේ දී එක් කාර්තුවක දී Android උපාංග මිලියන 160 ක් පමණ බෙදා හරිනු ඇති බවයි. ඒ අනුව Windows මිලියන 100 ක් ද, iOS මිලියන 80 ක් ද වශයෙන් විය හැකිය. එම කාලය වන විට ලොව පුරා සාමාන්‍ය ජංගම දුරකතන භාවිතා කරන්නන් බිලියන 5 ක් වනු ඇති අතර, ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන්නන් බිලියනයක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. මෙම අගයන් ඉතා ඉක්මණින් වෙනස් විය හැක.

පෙර වාර්තා වූ ආකාරයට තුන් වන කාර්තුවේ දී බෙදා හරින ලද සෑම දුරකතන 4 කින් 3 ක් ම Android මෙහෙයුම් පද්ධතිය සහිත වීය. 75% ක වෙළඳපොළ කොටසක් සහිතව Android හට Apple සමාගම 50% කට පමණ ආසන්න ප්‍රමාණයකින් පසුබෑමට ලක් කිරීමට හැකියාව ලැබී ඇත. නමුත් මේ තරඟකාරීත්වයට Apple සමාගම බිඳ නොවැටී පැවතිය යුතු වන්නේ Android හි ශක්තිය පෙන්වාලීමට එය හොඳ තරඟකරුවකු වන බැවිනි.

0 comments:

Post a Comment