දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Monday, November 12, 2012

අද සිට Nexus සහ Android 4.2 ඔබට

අද නොවැම්බර් මස 13 වැනි දා. අද දවස Android ලෝලීන්ට විශේෂ වන හේතුවක් තිබෙනවා. එනම් පසුගිය මස 29 වැනි දා එළි දැක්වූ නවතම Nexus උපාංග පෙළ අද සිට මිල දී ගැනීමට ඇති හැකියාව. එනම් Google Play Store හරහා ඔබට අද සිට ඇණවුම් කර ලබා ගත හැකියි. නමුත් මේ සඳහා සැපිරිය යුතු කරුණු කිහිපයක් ම තිබෙනවා.

මීට බලපාන එක් කොන්දේසියක් නම් Google Play Store ශ්‍රී ලංකාවට බල නොපැවැත්වීම. වෙනත් අයුරකින් පවසනවා නම් ලාංකිකයන්ට එය හරහා කිසිදු උපාංගයක් අන්තර්ජාලය හරහා ලංකාවේ සිට ඇණවුම් කිරීමට නොහැකියි. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටක ජීවත් වන අයෙකු නම් පහසුවෙන් ම අන්තර්ජාලය ඔස්සේ මේ භාන්ඩ ඇණවුම් කර ලබා ගැනීමේ හැකියාව පවතී. එබැවින් ඔබට විදේශීය ප්‍රොක්සියක් භාවිතා නොකර Google Play Store හරහා කිසිදු භාණ්ඩයක් මිල දී ගැනීමට හැකියාව නොලැබෙනු ඇත. 

මීට අමතරව මෙවර දී Google Play Store විසින් තවත් කොන්දේසියක් පනවා තිබෙනවා. එනම් ඔබ යම් රටකට විවෘත Play Store එකක් හරහා ණය (Credit) කාඩ් පතකින් මුදල් ගෙවා ඇණවුමක් කරනවා නම් ණය කාඩ් පතෙහි ඇති ලිපිනයෙහි සඳහන් රට අදාල Play Store හි රටට සමාන විය යුතුයි. ඔබ සිතා සිටිනවා නම් විදේශයක සිටින්නෙකු හට ඔබේ කාඩ්පතේ තොරතුරු ලබා දී මෙම උපාංගයක් ලබාගෙන ඔවුන් හරහා ලංකාවට ගෙන්වා ගැනීමට, මෙවර දී එය සාර්ථක නොවනු ඇති.

ඉතින් මේ කොන්දේසි ද්විත්වයට යටත්වයි ඔබට නවතම Nexus උපාංග ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. එසේ නොහැකි නම් වෙනත් වෙළෙන්දෙකු හරහා මෙම උපාංග වල මිල මින් දෙගුණයක පමණ මුදලක් ගෙවා ලබා ගන්නට සිදු වනු ඇත. 

මීට අමතරව නවතම Android 4.2 Jelly Bean සංස්කරණය ද අද දින අනෙකුත් Nexus උපාංග සඳහා නිකුත් කර ඇත. මේ වන විට වාර්තා වන්නේ GSM සබඳතාව සහිත Galaxy Nexus ජංගම දුරකතන සඳහා පමණක් මෙම යාවත්කාලීනය ලැබී ඇති බවයි. නුදුරේදී ම ලාංකික ඔබ සැමටත් Nexus උපාංග පරිශීලනය කරමින් නවතම Android අත්දැකීම ද ලැබීමට හැකියාව උදා වෙනු ඇති.

0 comments:

Post a Comment