දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Monday, December 10, 2012

අළුත් ප්‍රොසෙසර

ජංගම දුරකතන කී විට අප බොහෝ විට බලාපොරොත්තු වන්නේ එය smart මාදිලියේ හෝ feature මාදිලියේ පවතින දුරකතනයක් පිළිබඳවයි. නමුත් මේ කිනම් දුරකතනයක් වුව ද ක්‍රියා කිරීමට එහි ප්‍රධානතම අංගය වන ප්‍රොසෙසරය ඉතා හොඳ මට්ටමකින් පැවතිය යුතුය. අතීතයේ සිට මේ දක්වා පසු විපරමක් කර බලන්නේ නම් එදා මෙදා තුර පැවති ජංගම දුරකතන වල ඇති ප්‍රොසෙසර ඉතාමත් සීඝ්‍ර ආකාරයෙන් වැඩි දියුණු වී ඇති බව පෙනී යනවා. මේ සඳහා ඉතාමත් ඉහළ දායකත්වයක් ලබා දෙන එක් සමාගමකි Qualcomm සමාගම.

මෙම සමාගම ඉතාමත් වේගවත්ව ප්‍රොසෙසර නිර්මාණය කිරීමේ ප්‍රමුඛයන් අතරේ සිටින්නෙක්. ඔවුන් විසින් හඳුන්වා දුන් Snapdragon S4 ප්‍රොසෙසරය වර්තමානයේ ඉහළ ජවයකින් යුතු ස්මාර්ට් ජංගම දුරකතන වැඩි ප්‍රමාණයක ම පවතින්නක්. මෑතක දී ඔවුන් තම පවුලේ නවතම සාමාජිකයන් දෙදෙනා වන, නැනෝමීටර 28 දරන නිශ්පාදන ක්‍රමවේදය මගින් නිපදවන, මාදිලි අංක MSM8626 සහ MSM8226 දරණ chipset හඳුන්වා දීමේ දින දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම chipset වලට ඇති හැකියාවන් අතර මෙගා පික්සල් 13ක කැමරාවක් අන්තර්ගත කිරීමේ හැකියාව, Full HD 1080p ප්‍රමාණයේ වීඩියෝ Andreno 305 හරහා පටිගත කිරීමේ හැකියාව, සිම් පත් කීපයක් හැසිරවීමේ හැකියාව පවතී. මෙම chipset ද්විත්වය ම Dual Sim/Dual Sim standby, Dual Sim/Dual Sim active සියල්ලට ම ජවය සැපයිය හැකි ද්විත්වයකි. මේවායේ ඇති විශාලත ම විශේෂත්වය වන්නේ මේ chipset ද්විත්වය ම චීන TD-SCDMA සහ සාමන්‍ය CDMA/HSPA+ ජාල වලට සම්බන්ධ වීමේ හැකියාව පැවතීම සහ මෙවන් අනෙකුත් chipset හා සසඳද් දී මේ ද්විත්වය ම 60% කින් කුඩා වීම.

මීළඟ පරම්පරාවේ මේ ප්‍රොසෙසර chipset යුගලය 2013 වසරේ දෙවැනි කාර්තුවෙහි දී වෙළඳ පොළට නිකුත් වීමේ හැකියාව ද පවතින බව දැන් දැන් හෙළි වෙමින් පවතින නමුත් කිනම් දුරකතන නිශ්පාදකයෙකු මෙය යොදා ගැනීමට තීරණය කර ඇත්දැයි තවමත් නිශ්චිතව පැවසිය නොහැක්කක්. මෙම නවතම S4 Quad Core chipset වලට අමතරව Qualcomm සමාගම ඒවාට නිර්දේශ නිමැවුම්, සහය පවා නිශ්පාදකයන්ගේ පහසුව උදෙසා නිකුත් කිරීමටත් නියමිතයි.


0 comments:

Post a Comment