දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Thursday, December 13, 2012

Nexus 4 ජරමරේ

පසුගිය දින කිහිපය Google සහ LG සමාගම් ද්විත්වයට ම බෙහෙවින් කාර්යබහුල වූ දින කිහිපයක් වීය. ඊට හේතුව වූයේ Google සමාගම ඔක්තෝබර් 29 වැනි දින Nexus උපාංග එළි දැක්වීම සහ නොවැම්බර් මස 13 වැනි දින ඒවා අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමට ඉඩ සැලසීමයි. මෙම එළි දැක්වීම කෙසේ සාර්ථක වුවත්, එම උපාංග ඇනවුම් කිරීමේ සිට බෙදා හැරීම දක්වා වූ ක්‍රියාවලිය නම් ඉතාමත් අසාර්ථක මට්ටමක පැවතුණු දෙයක්. මේ හේතුවෙන් Google සමාගමට තම පාරිභෝගිකයන්ගේ බොහෝ අපවාදයන්ට ඇහුම්කන් දීමට පවා සිදු වූවා. මීට බෙහෙවින් හේතු වූයේ වෙනත් කවරදාකවත් නොතිබූ පරිද්දෙන් LG සමාගම මෙවර නිපදවූ Nexus 4 දුරකතනයට ඉතාමත් ඉහළ ඉල්ලුමක් පැවතීමයි. මේ හේතුවෙන් Google සමාගමේ අදාළ Play Store හි පෙර ඇණවුම් වෙබ් පිටුව පවා අක්‍රීය තත්ත්වයට පත් වූවා. මෙම ඉල්ලුම කෙතරම් වී ද යත් එය අන්තර්ජාලයට මුදා හැරි පළමු දිනය වන නොවැම්බර 13 වැනි දා අඩ හෝරාවක් ඇතුලත සියළුම දුරකතන විකිණී අවසාන වූවා. එම අවස්ථාවේ දී බොහෝ දෙනා හට නිතර දැක ගන්නට ලැබුනේ Google සමාගමේ තත්ත්වයෙන් බාල, එම අවස්ථාවේ දී නිතර දෝශ පෙන්නුම් කරනා වෙබ් පිටුවකි.

එදින දුරකතන සියල්ල විකිණී යාමෙන් අනතුරුව Google සමාගම නැවතත් නොවැම්බර් 27 වැනි දින මෙම Nexus 4 දුරකතනය පෙර ඇණවුම් කිරීම සඳහා Play Store හරහා අන්තර්ජාලයට මුදා හැරිය ද එදින ද බොහෝ දෙනාට මෙය මිල දී ගැනීමට නොහැකි වූ අතර පෙර කී දෝශයන් රැසට මුහුණ දීමට ද සිදු විය. මේ පිළිබඳව Google සමාගම පෙර දැනුවත් වීමකින් නොසිටියා ද, නැතහොත් මෙතරම් ඉල්ලුමක් පැවතේදෝයි නොසිතුවාදැයි යන්න පිළිබඳව නිෂ්චිත නිගමණයකට එළැඹිය නොහැකිය. නමුත් ඔවුනගේ බාළ තත්ත්වයේ මේ මුදා හැරීම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයන් ඉමහත් අපහසුතාවයටත් කණස්සල්ලටත් පත් වූ බව අන්තර්ජාලය පුරා ඔවුන් විසින් පළ කරන ලද ප්‍රකාශයන්ගෙන් දැක ගැනීමට හැකි වූවා.

මෙහි දී එක් වෙබ් අඩවියක් මෙම සිදු වූ දෝශයන් පැහැදිළි කර තිබුණේ ඉතාමත් අපූරු ආකාරයකින්. යමෙක් සුපිරි වෙළඳ සැලකට ගොස් තමා කැමැති භාණ්ඩය ලබා ගැනීමට පෝළිමේ සිට එය ලබා ගෙන අයකැමි වෙතට පැමිණි විට අදාළ භාන්ඩ මිල දක්වන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් අයකැමි තමා ලබා ගත් භාණ්ඩය රැගෙන නැවතත් තිබූ තැනින් තබා පාරිභෝගිකයා හට නැවතත් උත්සාහ කර අදාළ භාණ්ඩය රැගෙන ඒමට පවසයි. එවිට දී නැවතත් පැමිණ සිටිනා අනෙකුත් පාරිභෝගිකයන් සමග පොර කා අදාළ භාණ්ඩය රැගෙන අයකැමි වෙත පැමිණි විට නැවතත් ඔහු එය රැගෙන තිබූ තැනින් තබයි. නමුත් මෙවර පාරිභෝගිකයා අදාළ භාණ්ඩය ගැනීමට එය වෙත යාමේ දී එම භාණ්ඩයේ තොග අවසන් වී ඇති බව දැන ගනී. පසුගිය දින වල දී Nexus 4 දුරකතනය ඇනවුමේ දී ද මේ හා සමානම ක්‍රියාවලියක් Google Play Store හී දී ද සිදු විය.

මීට අමතරව LG සමාගම මගින් Google සමාගමට අවශ්‍ය කරනා තොග ලබා දීමට ප්‍රමාද වීමත් හේතුවෙන් නොවැම්බර් 13 වනදායින් අනතුරුව නැවතත් ඇනවුම් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමට හැකි වූයේ 27 වැනි දිනයි. එමෙන්ම මෙම ප්‍රමාදය හේතුවෙන් ඇණවුම් කළ දුරකතන අදාළ පාරිභෝගිකයන් හට යැවීමට දිනක් හෝ දින 2 ක් පමණ ගත වෙතැයි කළ අනුමානය සති 4 සිට 5 දක්වා මුල දී සහ පසුව සති 7 සිට 9 දක්වා ද දීර්ඝ වූවා. මෙමගින් ද බොහෝ පාරිභෝගිකයන් අපහසුතාවන්ට ලක් වූවා පමණක් නොව කණස්සල්ලට ද පත් විය.

කෙසේ නමුත් Google සමාගම මෙම තත්ත්වයන් මගහරවා ගෙන තම වටිනා පාරිභෝගිකයන් හට උපරිම සහ කාර්යක්ෂ්‍යම සේවාවක් සපයන්නට වග බලා ගත යුතුය. මන්දයත් මෙයින් Google සමාගම අහිමි කර ගන්නේ අති විශාල මුදල් ප්‍රමාණයක් මෙන්ම තම වටිනා ලෝක ව්‍යාප්ත පාරිභෝගික පිරිසයි.




0 comments:

Post a Comment