දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Tuesday, December 18, 2012

Samsung Galaxy Grand

Samsung සමාගම Android 4.1.2 ධාවනය වන නවතම Galaxy Grand ස්මාර්ට් ජංගම දුරකතන ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙය බොහෝ දුරට Samsung Galaxy Note පෙළගැස්මේ සාමාජිකයෙක්දෝයි සිතෙන තරමටම හැඩරුවෙන් සමානතාවක් දක්වයි. මෙහි විශේෂත්වය නම් අඟල් 5 ක දීප්තිමත්, පැහැදිලි TFT තිරයක් පැවතීම, 1.2GHz Dual Core ප්‍රොසෙසරයකින් ජවය ලැබීම සහ මෙගාපික්සල් 8ක පසුපස කැමරාවක් පැවතීමයි. 

මෙහි කැමරා මෘදුකාංගය ඉතාමත් වේගයෙන් ක්‍රියා කිරීම මෙහි ඇති තවත් විශේෂත්වයක්. එනම් ඡායාරූප ගැනීමේ දී සිදුවන කාලය ගතවීම් මෙහිදී සිදු වන්නේ ඉතාමත් ම අඩුවෙන්. අඳුරු අවස්ථාවන් වලදී පවා ඡායාරූප ගැනීමේ හැකියාව මේ සඳහා ලබා දී ඇත. තව ද මෙමගින් Full HD වීඩියෝ ද පටිගත කළ හැකිය. 

මෙම දුරකතනය ද නිකුත් වන්නේ Samsung සමාගමේ TouchWiz අතුරු මුහුණත සමගින් වන අතර වැඩි දියුණු කරන ලද අංගයන්ගෙන් සමන්විතව, මෙතෙක් වීඩියෝ සඳහා පමණක් සීමා වී තිබූ PopUp Play හැකියාව එකවර වීඩියෝ 2ක් එකක් මත අනෙක PopUp අයුරෙන් ගෙන නැරඹීමේ Picture-in-Picture PopUp Play හැකියාව ද එක්වී ඇත. මීට අමතරව S Voice ද අන්තර්ගත කර ඇති අතර ස්පර්ශයන්ගේ චලන උපයෝගී කර ගෙන සිදු කර ඇති වෙනස්කම් ද පවතී. මෙම දුරකතනය පළමුව සිම් පත් 2 ක් සහිත GT-I9082 මාදිලි අංකයෙන් පැමිණෙන අතර සාමාන්‍ය තනි සිම් පතක දුරකතනය GT-I9080 ලෙසින් මාදිලි 2 කින් පැමිණේ. 

මෙම දුරකතනය නිර්මාණය කර ඇත්තේ Galaxy Note 2 වැනි උපාංග සඳහා ලඟා විය නොහැකි නමුත් විශාල තිරයන් අපේක්ශා කරනා පාරිභෝගිකයන් හටය. වාර්තාවන්ට අනුව මෙම දුරකතනයේ Galaxy Note හි මෙන් S Pen උපාංගයක් අන්තර්ගත නොවේ. 




1 comments:

Amila Chathuranga said...

ලෝකෙ වැනෙන තරමට අපි වැනෙන්න ගියොත් ණයෙ වෙලා තමය ිජීවත් වෙන්න වෙන්නෙ...

Post a Comment