දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Tuesday, December 18, 2012

HTC M7 ගැන තොරතුරු පිට වෙයි

ජංගම දුරකතන ලෝකය නවමු මානයකට පිය නගනා බවක් දැන් දැන් පෙනී යනවා. මීට හේතුව නම් කුඩා තිර වලට සීමා වෙමින් තිබූ ජංගම දුරකතන අදාළ සීමාවන් අභිබවා විශාල තිර සඳහා යොමු වීම. මේ ප්‍රවණතාවට අනුව බොහෝමයක් දුරකතන නිශ්පාදන ආයතන මේ වන විටත් තම ජංගම දුරකතන මාදිලි වලට නවතම තාක්ෂණික ක්‍රමෝපායන් සහිතව විශාල සහ පැහැදිලි තිර සහිත දුරකතන පාරිභෝගිකයන් හට හඳුන්වා දීමට පෙළඹී ඇත. 

මෙසේ මෙම රැල්ලට හසු වූ මීළඟ දුරකතනය වන්නේ HTC සමාගම මගින් එළි දැක්වීමට නියමිත HTC M7 යන නාමය සහිත ස්මාර්ට් ජංගම දුරකතනයයි. HTC සමාගමෙන් මින් ඉහතදී එළි දැක්වූ HTC Butterfly J, Butterfly සහ Droid DNA යන මාදිලි ත්‍රිත්වය ම ඉහත කී නව පන්නයේ අඟල් 5 ක විශාල තිර සහිත දුරකතන මාදිලි වේ. නමුත් ඒ මාදිලි වලට මඳක් වෙනස් වෙමින් HTC One X/X+ හි පැවති අඟල් 4.7 ක තිරයක් සහිතව මෙම M7 දුරකතනය නිම වනු ඇත. මෙය ලබන වසරේ, එනම් 2013 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත Mobile World Congress 2013 දී බොහෝ විට එළි දකිනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කරයි. 

අඟල් 4.7 ක Full HD තිරයක් නොහොත් පික්සල් විභේදනය 1980 x 1080 වන, ලොව ප්‍රථම වරට අඟලකට ඇති වැඩිම පික්සල් ප්‍රමාණය ද සහිතව දොරට වඩිනා මෙම තිරය Super LCD 2 අභිබවා යන Solux තිරයකින් නිර්මාණය වී ඇත. මෙම තිරයෙහි එකී අඟලක පික්සල් ධාරිතාව පික්සල් 468 ක් පමණ වේ. එය මෙතෙක් ඇති මීට සමාන තිරයන්ගේ ඇති අඟලකට පික්සල් 440 ප්‍රමාණය අභිබැවූ මුල්ම තිරය වේ. මෙම M7 ජංගම දුරකතනයට ජවය සපයනු ලබන්නේ ලොව දැනට ඇති ඉතාමත්ම වේගවත් 1.7GHz ක Snapdragon S4 Pro ප්‍රොසෙසරයක් මගිනි. එමෙන්ම මතක ධාරිතාව ගිගාබයිට් 2 ක් ද, අභ්‍යන්තර ගබඩා ධාරිතාව ගිගාබයිට් 32 ක් ද වනු ඇත.

මෙහි එන තවත් සුවිශේෂී අංගයක් වන්නේ එහි ඇති සුපිරි මට්ටමේ කැමරාවයි. එනම් f/2.0 ක් වූ කාචයක් සහිත, CineSensor තාක්ෂණයෙන් හෙබි, මෙගා පික්සල් 13ක පසුපස ප්‍රධාන කැමරාවයි. වාර්තාවන්ට අනුව HD වීඩියෝ පටිගත කිරීමේ හැකියාව සහ ඉතාමත් ම මන්දගාමී (super slow motion) වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ද පවතී. මෙහි හඬ සඳහා බලය සපයන්නේ Beats Audio සහ Stereo speakers වේ. HTC M7 හි එන තවත් විශේෂ වෙනසක් වන්නේ මෙයට දැනට පවතින 802.11n wireless ජාල වලට වඩා වේගවත් 802.11ac wireless ජාල වලට සම්බන්ධ වීමේ හැකියාව පැවතීම. තව ද මෙයට බලය සපයනු ලබන්නේ 2300mAh බැටරියකිනි.

මේ සුපිරි ගණයේ ජංගම දුරකතනයට Samsung සමාගමේ දුරකතන අභිබවා යෑමට හැකි වේදෝයි ලබන වසර වන තෙක් බලා හිඳිමු.


2 comments:

Amila Chathuranga said...

ඕවයි ඉක්මන්ට බැටරි බහින එක තමයි ඉවසන්න බැරි..දේ..

Unknown said...

loveth ne

Post a Comment