දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Wednesday, December 19, 2012

2013 ට අනාවැකි 13 ක්

එළැඹෙන 2013 වසරේ දී Android හි කිනම් වෙනස්කම් සිදු වේද? Android හා සම්බන්ධ වූ නොයෙක් ක්ෂේත්‍රයන්ගේ කිනම් වෙනසක්, වර්ධනයක් සිදු වේද? නවමු නිර්මාණ කොපමණක් එළි දකීවිද? අන්තර්ජාලයෙන් වාර්තා වන මේ සම්බඳ අනාවැකි 13ක් පිළිබඳවයි මේ කියන්නට යන්නේ. මේවා තවමත් දකින්නට නොමැති නමුත් ඉදිරි වසරේ දී දැකීමට ලැබෙතැයි අනුමාන කළ හැකි අනාවැකි කිහිපයක් බව මතක තබා ගන්න.

1. Google සමාගම T-Mobile ජාලය වෙනුවෙන් MVNO නිකුත් කිරීම
Google සමාගම Dish ජාලය සමග එකතුව wireless සේවාවන් ලබා දීමට යන බවට කට කතාවක් පැතිර පවතී. එසේ නමුත් Google සමාගම T-Mobile සමග ගිවිසුමක් අත්සන් කර 2013 වසරේ මැද භාගයේ දී T-Mobile සමාගම 4G LTE ජාලය ඇරඹුමත් සමග ම අතථ්‍ය දුරකතන ජාලයක් බවට පත් කිරීමේ හැකියාවක් ඇත.

2. Sony සමාගම Android උපාංග සඳහා Gaikai නිකුත් කිරීම
Gaikai යනු cloud ජාල අවකාශයේ සෙල්ලම් කළ හැකි විඩියෝ ක්‍රීඩාවක්. ඉතා හොඳ මට්ටමේ පවතින මෙම ක්‍රීඩාවේ Android සඳහා වූ අනුවාදය නිකුත් වී නොමැත. Sony සමාගම විසින් මේ වසරේ දී Gaikai මිලදී ගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 380 කටය. එබැවින් Sony සමාගමට මේ පිළිබඳව 2013 වසර සඳහා දිගු කාලින සැලසුම් ඇති බවක් පෙනී යයි. PS3 ක්‍රීඩා ජනප්‍රිය වූවාක් මෙන්ම ජංගම දුරකතන සඳහා වූ PS4, Gaikai සමග 2013 දී ඉදිරියට එනු ඇතැයි සිතිය හැක.

3. Google TV සඳහා Wireless හැකියාව ලැබීම
Google සමාගමේ රූපවාහිණී සඳහා "Miracast" වැනි wireless තාක්ෂණය හරහා ජංගම උපාංග මගින් ශ්‍රව්‍ය දෘශ්‍ය පට හුවමාරු කරමින් රසවිඳීමේ හැකියාව, තවත් වැඩි දියුණු කරන ලද අතුරු මුහුණතක් ද සමග එලැඹෙන වසරේ එළි දැක්වෙන Android 5 සංස්කරණය තුලින් Google TV වෙත ලැබිය හැකිය.

4. HTC සමාගම One X2 නමැති දුරකතනයක් සියළුම ඇමරිකානු දුරකතන ජාල සඳහා නිපදවීම
Samsung සමාගම තම Galaxy S3 ඉහළට ගෙන ඒමට සමත් වූවාක් මෙන්ම ලබන වසරේ දී HTC සමාගම තම ප්‍රමුඛ පෙළේ One X2 මාදිලියේ දුරකතනය ලබන වසරේ මැද භාගයේ දී ඇමරිකානු දුරකතන ජාල සඳහා ඉදිරියට ගෙන එනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

5. Nexus 4 දුරකතන මිලියන 10 ඉක්මවා අලෙවි වීම
Nexus දුරකතන මේ දක්වා පෙන්නුම් කළේ මන්දගාමී අලෙවියක් වුව ද Nexus 4 එම තත්ත්වය වෙනස් කර ඉතා ඉහළ ඉල්ලුමක් පෙන්නුම් කළ දුරකතනයක් වූ හෙයින් ලබන වසරේ දී මෙම Nexus 4 දුරකතනය මිලියන 10 කට අධික ප්‍රමාණයකින් LG සමාගම බෙදාහැරිය හැකිය.

6. Motorola සමාගම Nexus RAZR නමින් දුරකතනයක් එළි දැක්වීම
Nexus දුරකතනයක් නිපදවීමට තරම් වැඩි කාලයක් Google සමාගම Motorola සමාගම ලබාගෙන නොසිටි නමුත් ලබන වසරේ දී Google සහ Motorola සමාගම් ද්විත්වය නව Nexus දුරකතනයක් Motorola Nexus RAZR නමින් එළි දැක්වීමට ඉඩ ඇත.

7. Huawei හෝ ZTE සමාගම් $99 ක Nexus දුරකතනයක් නිකුත් කිරීම
Nexus දුරකතන පිළිබඳව කතා කිරීමේදී Google සමාගම වෙනත් දුරකතන නිපැයුම් සමාගම් සමග අත්වැල් බැඳ එනම් Huwawei හෝ ZTE සමාගම් හා එක්ව ඇමරිකානු ඩොලර් 99 ක මිලට Nexus දුරකතනයක් එළි දැක්වීමට හැකියාවක් උදා විය හැක.

8. Sony සමාගමේ Smartwatch 2 කරළියට පැමිණීම
Sony Smartwatch, Pebble, සහ Metawatch Strata වැනි Android මගින් ක්‍රියා කෙරෙන ස්මාර්ට් අත් ඔරලෝසු මේ වසරේ දී නිකුත් වුවත් ඒවාට වැඩි ජනප්‍රියතාවක් හිමි නොවූ හෙයින් ලබන වසරේ දී Sony සමාගම සිහින් සහ අවම මිලකට ස්මාර්ට් අත් ඔරලෝසු නිර්මාණය කරනු ඇත.

9. Samsung සමාගම ඇමරිකාවේ උපාංග වෙළඳසැල් විවෘත කිරීම
Samsung සමාගම පළමු විකුණුම් සැල පැරීසියේ දී විවෘත කරනු ලැබුවා. මේ වසරේ දී ඔවුන් විසින් විවිධ තාවකාලික විකුණුම් සැල් ඇමරිකාවේ සාප්පු සංකීර්ණයන් තුල ගොඩ නැගුව ද ලබන වසරේ දී ප්‍රධාන ප්‍රදේශ 25 ක ඔවුනගේ ස්ථිර විකුණුම් සැල් ගොඩ නගනු ඇති බවක් නිගමනය කළ හැක.

10. Intel චිප් තාක්ෂණය Android දුරකතන වලට පිවිසීම
Intel සමාගම ඔවුන්ගේ ම දුරකතන නිපදවා ඇති බවක් පෙනී ගිය හෙයින් ලබන වසරේ දී Intel සමාගම තම චිප් තාක්ෂණය Android දුරකතන වල අන්තර්ගත කිරීම පිළිබඳව පෙර නිගමනයකට එළැඹිය හැකිය.

11. NVIDIA සමගමේ Tegra 4 ප්‍රොසෙසරයට සුභ කළක්
ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ලබා දෙමින් NVIDIA සමාගමේ සිව් වන පරම්පරාවේ Tegra 4 ප්‍රොසෙසරය ලබන වසරේ දී නිකුත් විය හැකි අතර එම චිපය අන්තර්ගත ජංගම දුරකතන ද රැසක් වෙළඳ පොළට පැමිණිය හැක.

12. Amazon මගින් Android දුරකතනයක් එළි දැක්වීම
Amazon සමාගම දුරකතනයක් නිශ්පාදනය කරතැයි බොහෝ කලක සිට කටකතා පැතිරෙමින් තිබිණ. මේ හා සැසඳීමේදී 2013 දී Android දුරකතනයක් නිපදවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර එය Kindle Phone ලෙසින් නම් විය හැක.

13. HTC සමාගමේ Sense 5.0 අතුරු මුහුණතේ ආගමනය
ලබන වසරේ පැවැත්වෙන Mobile World Congress 2013 සමුළුවේ දී HTC සමාගම තම නවතම දුරකතනයන් හී පවතින Sense 5.0 අතුරු මුහුණත එළි දැක්විය හැකිය.

1 comments:

Unknown said...

එළ එළ

Post a Comment