දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Monday, October 8, 2012

ලබන අවුරුද්දට Samsung ලාගේ ලෑස්තිය

මෑතකදී අන්තර්ජාලයෙන් වාර්තා වන තවත් ආරංචියක් දෙසටයි මේ යොමු වන්නට හදන්නේ, එනම් Samsung සමාගමේ මීළඟ වසරේ සුපිරි ජංගම දුරකතන නිර්මාණ ගැන හෙළිවන ඡායාරූපයක් අන්තර්ජාලයට එක්වී තිබීම. එම ඡායාරූපයට අනුව ඔවුන්ගේ මීළඟ Smartphone වර්ගයේ ජංගම දුරකතනය ඔවුන් ඉහලම තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත කර නිෂ්පාදනය කිරීමට පෙළඹිය හැකි බව පෙන්වා දෙන්නක්.

මේ පිළිබඳව අදහස් පල කරන්නන් කියන්නේ මෙය Galaxy S දුරකතන පෙළේ මීළඟ දුරකතනය වන Galaxy S 4 ජංගම දුරකතනයේ අඩංගු විය හැකි ලක්ෂණ විය හැකි බවටයි. එය 3GB වූ RAM එකකින් එහෙමත් නැත්නම් මතක ධාරිතාවකින් සමන්විත නිපැයුමක් විය හැකි අතර ඉදිරිපස කිසිදු බොත්තමක් නොමැති අයුරේ නිපැයුමක් වීමටද හැකියාවක් ඇති බවයි අන්තර්ජාලයේ විවිධ ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබෙන්නේ. තවද මෙය මීළඟ පරම්පරාවට අයත් (next generation) ජංගම දුරකතනයක් ලෙසින් ද බොහෝ දෙනා පවසනවා. ඇත්තෙන්ම 1GB ප්‍රමාණයක් වූ RAM එකක් හොඳටම ප්‍රමාණවත් වුවත් 3GB තරම් වැඩි RAM මතකයක් දුරකතනයකට අවශ්‍ය වන්නේ මන්දැයි විටක ඔබ විමසන්නට පුළුවන්. මීට හේතු විය හැක්කේ Samsung සමාගම එවන් මතක ධාරිතාවක් අන්තර්ගත කරන්නේ දුරකතනයේ අඩංගු මෘදුකාංගයන්ගේ වැඩි දියුණු කිරීම් සඳහා ඒවාට අවශ්‍ය ජවය සැපයීමට සහ එවන් මතකයක් උපයෝගී වන යම් යම් දෑ දුරකතනයෙහි අන්තර්ගත කිරීමට ද විය හැක.

කෙසේ නමුත් මේවා ද නොයෙක් කටකතා ඔස්සේ ගලා එන පුවත් ලෙසින් සැලකිය හැකි වුවත් මේ දුරකතන පරිශීලකයන්ට නම් මේවා බොහෝ සිහින මල්පල ගැන්වෙන ආරංචි විය හැකිය. එහෙයින් මේ ආරංචි සත්‍ය වශයෙන්ම ක්‍රියාවට නැංවේදැයි 2013 වසර වනතෙක් අපට ඉවසීමට සිදු වේවි.



0 comments:

Post a Comment