දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Tuesday, October 9, 2012

Galaxy පොඩි S3

මේ මාසය Galaxy S3 Mini දුරකතනය කරළියට පැමිණිය හැකි කාලය බවයි අන්තර්ජාලයෙන් වාර්තා වන්නේ. මෙය සත්‍ය වේ නම් එය Galaxy S3 දුරකතනයට Android Jelly Bean සංස්කරණයට යාවත්කාලීන වීමටත් ප්‍රථම සිදුවිය යුත්තක්. එයද Jelly Bean මෙහෙයුම් පද්ධතිය සහිතව Samsung සමාගමෙහි TouchWiz අතුරු මුහුණත ද සහිතව Galaxy Note 2 මෙන් කළ එළි බසිනු ඇති.

මෙම කුඩා ප්‍රමාණයේ Galaxy S3 ජංගම දුරකතනය අඟල් 4ක ස්පර්ශ සංවේදී Super AMOLED තිරයකින් යුතුව ඔක්තෝබර් 11 වන දින හඳුන්වා දීමට ඉඩකඩ ඇත. අන් කුඩා දුරකතන මෙන් නොව මෙය තම සොයුරු Galaxy S3 හි මෙන් ඉහළ ගති ලක්ෂණ සහිතව නිම වන්නක් ලෙස හැඳින්විය හැක. ඒ කෙසේද යත් 1GB RAM ධාරිතාවකින් ද, Quad Core ප්‍රොසෙසරයකින් ද, මෙගා පික්සල් 1.9ක් වූ ඉදිරි කැමරාවකින් ද, මෙගා පික්සල් 5කින් යුතු ප්‍රධාන කැමරාවකින් ද සන්නද්ධ වන ලෙසිනි.

තවමත් තහවුරු නොවූ මෙවන් කුඩා ප්‍රමාණයේ Galaxy S3 Mini දුරකතනයක් නිපදවීමේ අරමුණ වන්නේ කුඩා ප්‍රමාණයේ ජංගම දුරකතන පරිශීලනය කරන්නන් තමා වෙත ආකර්ශණය කර ගැනීම විය හැකියි. මන්දයත් මෑතක නිකුත් වූ Samsung ජංගම නිර්මාණ සියල්ලම පාහේ තනි අතින් හැසිරවිය නොහැක්කන් වීම සග iPhone 5 මෙන් අතට හුරු ලෙසින් දුරකතනයක් නිම කිරීම විය හැක.

මෙය ඔක්තෝබර් 11 වනදා වන විට ජංගම දුරකතන ලෝකයට හඳුන්වා දීමට ඉඩ ඇති බව හෙළි වන සාක්ෂියක් වන්නේ පසුදා Samsung සමාගම මාධ්‍ය හමුවක් උදෙසා යවා ඇති ආරාධනා පත්‍රයක "Small is now a big hit!" ලෙසින් සඳහන් වීමයි.



0 comments:

Post a Comment