දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Wednesday, October 3, 2012

Android ඔබට මිතුරෙක්

Android දුරකතන පාවිච්චි කරන ඔබ සතුව තිබිය යුතු අනිවාර්යම application එකක් ගැනයි මේ කියන්නට යන්නේ. ඔබට ඔබේ දුරකතනයට අවධානය යොමු කරන්නට නොහැකි අවස්ථාවන් වලදී ඔබ වෙනයම් වැඩක යෙදී සිටිනා විටදී බෙහෙවින් ප්‍රයෝජනවත් වන මෙම application එකේ රසය විඳීමට දැන් ඔබට අවකාශය ලැබී ඇත. 

මේ මෘදුකාංගය නම් "AirDroid" යන්නයි. මෙය ඔබේ දුරකතනයේ ස්ථාපනය කර ගැනීමෙන් කර ගත හැකි දෑ බොහෝමයි. මේ application එක හරහා ඔබට ඔබගේ දුරකතනයේ ඇති බොහෝ දෑ ඔබේ පරිගණකය හරහාම දුරකතනය අතින්වත් නොඅල්ලා කර ගැනීමට හැකි වේ. ඔබේ දුරකතනයේ ඇති කෙටි පණිවිඩ බැලීම, ඒවාට පිළිතුරු සැපයීම, පණිවිඩයක් ආ විට පරිගණකය හරහා ඔබට දැනුම් දීම, ඔබේ ජංගම දුරකතන මතක ගබඩාවේ ඇති රූප, වීඩියෝ, ගීත පරිගණකය ඔස්සේ පරිහරණය කිරීම සහ දුරකතනයේ ඇති වෙනයම් ඕනෑම application එකක් පරිගණකය හරහා ආරම්භ කිරීමටත්, ඒවා පරිගණකයට භාගත කර ගැනීමටත් මේ application එක සමත්. තවද දුරකතන‍ය අල්ලන්නේවත් නැතිව බාහිර දෑ එහි අභ්‍යන්තර මතකයට ඇතුල් කරන්නටත් පුළුවන්. මෙවැනි තවත් විශේෂ දෑ එහි අඩංගුයි.

මේ සඳහා ඔබට තිබිය යුත්තේ Android ධාවනය වන ඔබේ ජංගම දුරකතනයත්, පරිගණකයකුත් පමණයි. මෙය ක්‍රියා කිරීම සඳහා ඔබේ ජංගම දුරකතනයත්, ඔබේ පරිගණකයත් එකම අන්තර්ජාල සබඳතාව සහිත ජාලයකට සම්බන්ධ වී තිබිය යුතුයි. එනම් ඔබේ පරිගණකය සම්බන්ධ වී ඇති ජාලයට WiFi තාක්ශණය ඔස්සේ ඔබේ දුරකතනයටද සම්බන්ධ වීමට හැකි විය යුතුයි. ඉන්පසුව ඔබට දුරකතනයේ ස්ථාපිත "AirDroid" හරහා රහස් කේතයක් ලබා දෙන අතර, ඔබේ පරිගණකයේ කිනම් මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වුවද, එහි ඇති ඕනෑම වෙබ් බ්‍රව්සරයකින් http://web.android.com යන සබැඳියට පිවිස ඔබට දුරකතනයෙන් ලබා දුන් කේතය ඇතුලත් කිරීම මගින් ඔබේ දුරකතනයත්, පරිගණකයත් අතර සම්බන්ධතාවය ගොඩනගා ගැනීමෙන් අනතුරුව ඉහත කී සියලු කාර්යයන් රිසි සේ කර ගැනීමට ඔබට හැකි වේ.

අනිත් විශේෂම කාරණය නම් මේ සියළු දෑ ඔබට ලැබෙන්නේ නොමිලේමයි. ඉතින් ඔබ පරිගණකයේ වැඩ කරමින් සිටිනා විට දුරකතන‍ය අතින්වත් අල්ලන්නේ නැතිව, එය කේබලයක් මගින් පරිගණකය හා සම්බන්ධ නොකරම එදිනෙදා අවශ්‍ය වැඩ කර ගැනීමට ලැබේ නම් කෙතරම් පහසුවක්ද? මෙය ලබා ගැනුමට පහත සඳහන් සබැඳියට පිවිසෙන්න. http://www.airdroid.com/

2 comments:

Anonymous said...

meke font eke coluer eka wenas karapan . black wage dapan. kisideyak penne na

Teshan said...

Font color eka black thamaaa :)

Post a Comment