දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Monday, October 8, 2012

කිනම් ආයතනය මීළඟ Nexus එක හදාවිද?

මේ වසරේ මේ ගත වන්නේ මීළඟ Nexus උපාංගයක් දොරට වැඩිය හැකි කාලයයි. Google සමාගමේ මීලඟ නිමැවුමෙන් අප බලාපොරොත්තු වන දෑ දැනටමත් Android ලෝලීන් වශයෙන් අප සිතා ගෙන සිටීම පුදුමයට කරුණක් නොවේ. මන්දයත් Nexus උපාංග යනු ලෝකයේ අන් කිසිම Android ජංගම උපාංග පරිශීලකයන්ටත් ප්‍රථමව Google සමාගමෙන් නිකුත් වූ සැණින් ම හෝ ඊට නොබෝ දිනකින් හෝ අලුත්ම Android අනුවාදයන්ගේ පහස ලැබීමට හැකිත්, Android හි ඇත්ත ම අතුරු මුහුණත ද සහිත එකම උපාංග වර්ගය වීමයි. ගතවූ වසර කීපය තුලදී Android පරිශීලකයන් හට හිමිව ඇති Nexus ජංගම දුරකතන ප්‍රමාණය 3කි. එනම් HTC සමාගමෙන් නිපැයූ Nexus One, Samsung සමාගමේ Nexus S සහ Nexus ය.

කාල වකවානු නිර්ණය කිරීම් අනුව මීලඟ Nexus දුරකතනය හඳුන්වා දිය යුත්තේ ද මෙවැනි කාලයකදීයි. ඒ සමග පැන නැගෙන අනෙක් ප්‍රශ්ණය නම් කිනම් නිශ්පාදකයෙක් මේ කාර්යය වෙනුවෙන් Nexus දුරකතනයක් නිර්මාණයට පෙළඹේවිදෝ යන්නයි. මේ වන විට කසුකුසුවක් සහිත එවන් ආයතන කීපයක්ම ඇති අතර ඉන් Samsung, HTC, Motorola සහ LG ආයතන පවතිනවා. යම් එක් ආයතනයකට මේ සඳහා අවස්ථාව ලැබෙතත් මේ ආයතන 4 සතුවම Google වෙනුවෙන් මෙවැන්නක් නිමවන්නට සම හැකියාව ඇති බවත් පවසන්නට පිළිවන්. විශාල නමක් නොලත් ZTE වැනි ආයතන ගැන පවා පැවසිය හැකි නමුත් ඉහත කී දැවැන්තයන් හමුවේ ඒවාට තරඟ වැදීම පහසු නොවනු ඇත.

අද අන්තර්ජාලයේ මීළඟ Nexus දුරකතනය පදනම් කර ගනිමින් බොහෝ කටකතා පැතිර ගොස් ඇත. එබැවින් Nexus දුරකතනයක් නිශ්පාදනය කරතැයි ඔබ බලාපොරොත්තු වන සහ ප්‍රියතම නිශ්පාදකයා වෙනුවෙන් මනාපයක් පල කරන්නට පහත මත විමසුමට එක් වන්න.

0 comments:

Post a Comment