දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Thursday, October 4, 2012

Dive Into Mobile සමුළුව ලඟදීම

ජංගම දුරකතන ලෝකය ඉතාමත්ම සීඝ්‍රයෙන් ඉදිරියට යන ඒ වගෙම දිනෙන් දින තාක්ෂණිකව දියුණුවට පත් වන වර්තමානයේදී කාගේත් අවධානය ඉතාමත්ම වැඩි අයුරින් පත් වී ඇති ක්ෂේත්‍රයක්. තාක්ෂණයේ දියුණුවත් සමගම ජනයාගේ සුභසිද්ධිය සහ පහසුව උදෙසා එම තාක්ෂණය සිත් ඇදගන්නා අන්දමින්, බොහෝ ජංගම උපාංග නිෂ්පාදනායතන නවතම උපකරණ හැකි තරම් ප්‍රමාණයක් වසරක් තුලදී වෙළඳ පොළට නිකුත් කිරීමට උත්සාහ ගන්නේ තම පාරිභෝගිකයන් එම උපකරණ සහ තම ආයතන කෙරෙහිත් ඇද බැඳ තබා ගැනීම සඳහා පමණක්ම නොව ලාභ ලැබීමේද පරමාර්ථයෙනි.

එවන් තාක්ෂණික පසුබිමක් සහිත වර්තමාන ලෝකයේ විවිධ උපාංග සහ මෘදුකාංගමය වෙනස්කම් ලෝකයට හෙළි කිරීමට වසර පුරාවටම විවිධ සම්මන්ත්‍රණ, මාධ්‍ය රැස්කිරීම් ලොව පුරා බටහිර රටවල පැවැත්වෙනවා. පසුගිය මාසයේදී එනම් 2012 වසරේ සැප්තැම්බර් මාසයේද එවන් සමුළුවක් හරහා iPhone 5 දුරකතන ද එළිය දුටුවා. මීට පෙරද එවන් සමුළු කිහිපයකදීම Galaxy S3, Galaxy Note 2, iPad 3, Nokia Lumia Windows දුරකතන, Nexus 7, Nexus Q වැනි උපාංග රැසකුත් Android 4.1 Jelly Bean, iOS 6 වැනි මෙහෙයුම් පද්ධති අනුවාදත් එළි දැක්වුනා. මේවා Google I/O 2012, MWC2012, IFA Berling 2012 ආදී සමුළු සහ ප්‍රදර්ශණ හරහා මේවා ලොවට නිරාවරණය වූවා. වසරේ මීලඟ සමුළුව කුමක්ද? ඒ තමයි තව නොබෝ දිනකින් සිදු වන, 2012 වසරේ ඔක්තෝබරයේ 29 සහ 30 දෙදින තුල පැවැත්වෙන "Dive Into Mobile" සමුළුව. මොකද්ද මේකේ ඇති විශේෂත්වය? 

ජංගම දුරකතන සහ උපාංග තාක්ෂණික ලෝකයේ නම් දැරූ බොහෝ ප්‍රධානීන් මේ සමුළුවේදී දේශණ පැවැත්වීමට නියමිතයි. Nokia සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි වන ස්ටීවන් එලොප්, Mozilla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ගේරි කොවැක්ස්, Google සමාගමේ ජ්‍යේශ්ඨ උප සභාපතිවරයකු වන ඇන්ඩි රූබින් සහ Facebook සමාගමේ ඉංජිනේරු අංශයේ උප සභාපති මයික් ස්ක්‍රෝෆර් යන සුවිශේෂී පුද්ගලයින්ද එම දේශක ලයිස්තුවේ ඇතුලත්. බොහෝ දෙනගේ අවධානය යොමු වී ඇත්තේ මෙවර මෙම දේශකයන් අතුරේ සිටිනා Google සමාගමේ ඇන්ඩි රූබින් ය. ඔහු Android ජංගම උපාංග මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘයි. මොහු මේ සමුළුවේ පවත්වන දෙශණය බොහෝ විට බොහෝ Android ලෝලීහූ බලාපොරොත්තුවෙන් සිටිනා අංගයක් වන්නටත් පිළිවනි. මන්දයත් පෙර සඳහන් කළ පරිදි මෙවසරේදී Google සමාගම විසින් නව Nexus උපාංග කීපයක්ම සහ Android හි නවතම අනුවාදය ලෙස සිතනා Android 4.2 හෝ 5, Android හි 5 වන උපන් දිනය නිමිත්තෙන් එළි දැක්වීමේ කටකතාව සැබෑ වනු ඔවුන් දැඩි බලාපොරොත්තු සහගතව සිටින නිසාවෙන්. 

කෙසේ නමුත් එම උපාංගයන් Google සමාගම විසින් එළි දක්වනවා නම් නොවැම්බර් 5 වන දිනට ආසන්නව හෝ එදිනම සිදු කළ යුත්තක්. ඊට බෙහෙවින් ආසන්නම දිනක පැවැත්වෙන එකම තාක්ෂණික සමුළුව මෙම "Dive Into Mobile" සමුළුවයි. එබැවින් මේ සියළුම, තාක්ෂණික ලොව පැතිර පවතින කටකතා වල නියම තතු හෙළි වන සහ නව තාක්ෂණික හෙළි දරව්වන් බොහෝමයක් සිදු වීමට ඇති මේ සමුළුව පිළිබඳව Android ලෝලීන් වශයෙන් අවධානයෙන් සිටීම බොහෝ සේ වැදගත් වේවි.

2 comments:

Nautilus said...

මෙය මාතෘකාවට අදාළ නොවුන උනත් මට උදවුවක් ඉල්ලා ගන්න පුලුවන්ද බලන්නයි මේ, මටphotoshop cs5/ cs6 එකේ patch එකක් හරි crack එකක් හරි දෙන්න පුලුවන්ද නෙත්නම් ලින්ක් එකක් වුනත් කමක්න මන් දවස් 2ක් ට්‍රයි කරා තාම දාගන්න බැරුව ඉන්නේ අනේ පුලුවන්නම් උදවු කරන්න anwijesooriya@gmail.com

Teshan said...

ඒකට නම් උදව්වක් කරන්න පුළුවන් කමක් නෑ. මමත් පාවිචිචි කරන්නේ ක්‍රැක් නැති එකක්. ටොරන්ට් එකක් හොයලා බලන්න. ඒත් ඒවා කොයි තරම් සාර්ථකද කියලා නම් දන්නෙ නෑ.

Post a Comment