දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Tuesday, October 9, 2012

Nexus 10 ත් හැදෙන ලකුණු

අඟල් 7ක් වන Nexus ටැබ්ලට් පරිගණකය ලෝකයට හඳුන්වා දෙනු ලැබුවේ මීට මාස කිහිපයකට උඩදී Android 4.1 Jelly Bean සංස්කරණයද ඇතුවයි. එහි උණුසුම තවමත් පවතිද්දී මේ ඇසෙන්නේ තවත් ඒ හා සම්බන්ධ පුවතක්. මෙයද තවත් එක් කටකතාවක් වන්නට ද ඉඩ ඇත. මේ දිනවල පුවත් වලට වඩා බෙහෙවින්ම ජනප්‍රිය වී ඇත්තේද කටකතා වීමත් පුදුමයක්. 

මේ Nexus 10 ටැබ්ලට් පරිගණකය පිළිබඳවයි. නමේ හැටියටම හිතන්නට පුලුවන් පළමු දේ තමයි මෙයට අඟල් 10ක තිරයක් පැවතිය හැකි බව. මෙවන් දැයක් පිළිබඳව කටකතාවක් පැතිරෙන්නට හේතු වන්නේ Google සමාගම WinTek සමාගම වෙත අඟල් 10 තිර සඳහා ඇණවුමක් කර තිබීමයි. WinTek සමාගම Nexus 7 ටැබ්ලට් පරිගණක සඳහා ස්පර්ශ සංවේදී තිර 500,000 ක් Google සමාගම වෙත පෙරදී ලබා දී ඇත. එබැවින් මේ පුවත එම සබඳතාව දිගටම පවත්වාගෙන යාමක්ද විය හැකිය.

දැනට ලැබෙන තොරතුරු වලට අනුව නම් Google සමාගම මේවා නිපදවීමට අත්වැල් බැඳගෙන සිටිනුයේ Samsung සමාගම සමගයි. දැනට පවතින Apple iPad හි තිරයේ ඇති 264ක් වන පික්සල් ඝණත්වයට වඩා වැඩියෙන් මෙය නිපදවෙන අතර එහි 299 ක පික්සල් ඝණත්වයක් පවතින බවත්, තිරය 2,560 x 1,600 පික්සල් ප්‍රමාණයකින් යුතු වන බවත් වාර්තා වෙනවා. විශ්ලේෂකයකු පවසනා ආකාරයට මෙය $199 සිට ආරම්භ වන මිලකින් වෙළඳ පොළට නිකුත් විය හැකි අතර එය කෙලින්ම iPad සඳහා හොඳ තරඟකරුවෙක්ද වනු ඇති.

Android සහ Chrome OS හි ව්‍යාප්තියත් සමගම Google සමාගම මෙවන් අඟල් 10 ප්‍රමාණයේ ටැබ්ලට් පරිගණක නිපදවිය හැකි අවස්ථාවද බෙහෙවින් වැඩිය. එපමණක් නොව මෙය මගින් දැනට වෙළඳපොළේ ඇති Apple සමාගමේ iPad සඳහාද හොඳ තරඟයක් දීමටද හැකි වනු නොඅනුමානය. 

ඉතින් මෙවැන්නක ඔබ බලාපොරොත්තු වන අනෙකුත් අංග මොනවාද? සැබෑවටම මෙහි මිල කෙසේ වේවිද? ඒ ගැන තීරණය කරන්නට තවත් කාලයක් බලා සිටීමට සිදු වනු ඇත.

0 comments:

Post a Comment