දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Tuesday, October 9, 2012

Galaxy Music දැන් ඔබටත්

Samsung සමාගම තම Galaxy Music ස්මාර්ට් ජංගම දුරකතනය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඔවුන් පවසන අන්දමට මෙය අති ඉහළ හඬෙහි ගුණාත්මකභාවයකින් යුතු ගීත ධාවනය කල හැකි අංගෝපාංගයන්ගෙන් ද සමන්විත දුරකතනයකි. මෙහි Android 4.0 අනුවාදය අඩංගු කර ඇති අතර ගීත ශ්‍රවණය කිරීමෙහිලා අවශ්‍ය වන වෙනස්කම් රැසක් ද මෙහි අන්තර්ගත කර තිබෙනවා. එනම් Stereo හඬ තාක්ෂණය සහිත ඉදිරිපස Speaker යුගලක් ද මෙහි සමන්විත වෙනවා. SRS හඬ තාක්ෂණය, Sound Alive, Smart Volume, Music Hub, ගීත සඳහාම වෙන් වූ බොත්තමක්, FM රේඩියෝවක් සහ FM ඇන්ටෙනාවක්ද මෙහි අන්තර්ගතයි. 

මීට අමතරව මෙම ජංගම දුරකතනයට 850GHz වේගයක් සහිත ප්‍රොසෙසරයකින් ජවය සපයන අතර මෙගා බයිට් 512 ක RAM ධාරිතාවකින් ද සන්නද්ධයි. අඟල් 3ක් වූ QVGA තිරයක් සහිත මෙය මෙගා පික්සල් 3ක ස්ථාවර නාභිගත කැමරාවකින් ද යුක්තයි. HSPA, Wi-Fi සම්බන්ධතාවනුත්, Bluetooth 3.0 ද සහිත මෙයට ගිගා බයිට් 4ක අභ්‍යන්තර මතක ගබඩාවක් ද ඇති අතර, එම මතක ධාරිතාව සපයා ඇති Micro SD කාඩ් ඇතුලත් කර ගනිමින් ඉහළ දමා ගැණීමටත් හැකි වන සේ නිමවා ඇති අතර මේ සියල්ලන්ටම බලය සැපයෙනුයේ 1300mAh වූ බැටරියකිනි.

Samsung සමාගම මෙම දුරකතනයේ ම සිම් කාඩ්පත් 2ක් සහිත අනුවාදයකුත් Galaxy Music Duos නමින් එළි දැක්වීමට නියමිතයි. සුදු, නිල් සහ කහ වර්ණයන්ගෙන් මෙය ලබා ගැනීමට හැකි අතර Android 4.1.1 Jelly Bean අනුවාදයට දුරකතනය නොබෝ දිනකින් යාවත්කාලීන වනු ඇතැ‍යි එම සමාගම පවසනවා. සංගීතය දුරකතනය හරහා රස විඳින ඔබට මෙය කදින ජංගම දුරකතනයක් වේවි.


0 comments:

Post a Comment