දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Thursday, January 3, 2013

Amazon ගෙන් Android Mini PC

ඔබට ඕනෙම තැනක පහසුවෙන් ගෙන යා හැකි පරිගණකයක් තිබුනොත් කොහොම වේවි ද? මෙසේ කී විගස ම ඔබේ මතකයට පැමිණෙන්නේ ලැප්ටොප් පරිගණක නැති නම් ටැබ්ලට් පරිගණක පිළිබඳවයි. නමුත් මේ ද්විත්වය ම බරින් වැඩි, තරමක් විශාලත්වයෙන් යුතු උපාංග වේ. ලැප්ටොප් පරිගණකයට සාපේක්ශව ටැබ්ලට් පරිගණක බරෙන් අඩු වුවත් මේ දෙකෙන් එකක්වත් සාක්කුවක් තුල බහා රැගෙන යාමේ හැකියාවෙන් තොරයි. මීට හොඳම විසඳුමක් පිළිබඳව අන්තර්ජාලයෙන් වාර්තා වෙනවා. එනම් Mini Android පරිගණකයි. මේවා ඇත්තෙන් ම වෙළඳපොළට පැමිණ දැනට යම්කිසි කාලයක් ගත වී හමාර වුවත් Amazon සමාගමේ වෙබ් අඩවිය හරහා මේවා ඇමරිකානු ඩොලර් 35 ක පමණ ඉතාමත් ම කුඩා මිලකට මිල දී ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා.


මෙම Mini MK802 හි ධාවනය වන්නේ Android 4.0 වන අතර එය ඕනෑම HDMI හැකියාව ඇති රූපවාහිණියකට හෝ මොනිටරයකට සම්බන්ධ කර එහි තිරය හරහා Android මෙහෙයුම් පද්ධතියේ කර ගන්නා කාර්යයන් බොහෝමයක් සිදු කර ගැනීමට හැකියාව ලබා ගත හැකියි. මෙම කුඩා උපකරණයේ ඇති තවත් වාසියක් වන්නේ එහි ඇති අමතර USB විවරය හරහා යතුරු පුවරුවක් හෝ මවුසයක් සම්බන්ධ කර වැඩ කරගෙන යාමේ හැකියාව ලබා දී තිබීමයි. තව ද මෙහි Wireless 802.11 b/g ග්‍රාහකයක් පවතින අතර එමගින් අන්තර්ජාලයේ සැරිසැරීමට ද හැකියාව ලැබේ. එහි ගබඩා ධාරිතාව Micro SD card මගින් ගිගාබයිට් 32 දක්වා වැඩි කර ගැනීමට හැකි වන අතර 1080p වීඩියෝ නැරඹීමට අවශ්‍ය හැකියාව ද ලබා දෙන්නකි.

මෙහි අංගයන් එසේ වුව ද Amazon මගින් මෙය මිල දී ගැනීමට හැක්කේ ඇමරිකානුවන්ට පමණකි. නමුත් eBay හරහා මෙම Android Mini PC ඕනෑම රටකට ගෙන්වා ගත හැක.

Thursday, December 27, 2012

Samsung Galaxy S4 hands-on video

Samsung has already set their targets and strategies for the new year 2013. They have been quite busy during the past year building the best smartphones for the community whose needs are being developed every minute. As we all know, their flagship phone, Galaxy S3 could bring their name to the top of the lists compared to all the other mobile manufacturers out there who are still willing to give Samsung a competition.

As the new rumors are developing, their next flagship mobile is going to be the youngest brother of the Galaxy S family but one the most powerful mobile phones available as of the date it's unveiled in the mid 2013. The phone is going to be named as Samsung Galaxy S4 with the model number GT-I9500. Yet the features of this phone have not properly revealed but most believe that this device would be facilitated with astonishing features engineered with cutting-edge technologies.

However in the past few days a video featuring Galaxy S4 has leaked unofficially with the device and its features shown during the playback and Samsung has not confirmed anything regarding the video yet as it was published by Rozetked. So far this is the first hands-on video with the handset. But this video nicely depicts the handy look and the beauty of the rumored Galaxy S4 with a sense of a suitable music in the background.

According to this video it says this mobile is thinner and lighter than both Galaxy S3 and iPhone 5. Furthermore it features a 1080p Grand AMOLED display accompanied by a 13 megapixel rear camera and a 2GHz Quad Core processor, which may run the next Android version, Android 5.0 Key Lime Pie. As the video shows the laser keyboard looks nice and it is unlikely to expect the device with Android 5.0 and may be with pre-installed Android 4.2.x.

Still this video being a mock-up hands-on, we can expect more features and technical specifications plus the exact look of the real Galaxy S4 in the coming days. Let us see what can Samsung introduce in the new year that can compete the current high end smartphones.



Wednesday, December 19, 2012

2013 ට අනාවැකි 13 ක්

එළැඹෙන 2013 වසරේ දී Android හි කිනම් වෙනස්කම් සිදු වේද? Android හා සම්බන්ධ වූ නොයෙක් ක්ෂේත්‍රයන්ගේ කිනම් වෙනසක්, වර්ධනයක් සිදු වේද? නවමු නිර්මාණ කොපමණක් එළි දකීවිද? අන්තර්ජාලයෙන් වාර්තා වන මේ සම්බඳ අනාවැකි 13ක් පිළිබඳවයි මේ කියන්නට යන්නේ. මේවා තවමත් දකින්නට නොමැති නමුත් ඉදිරි වසරේ දී දැකීමට ලැබෙතැයි අනුමාන කළ හැකි අනාවැකි කිහිපයක් බව මතක තබා ගන්න.

1. Google සමාගම T-Mobile ජාලය වෙනුවෙන් MVNO නිකුත් කිරීම
Google සමාගම Dish ජාලය සමග එකතුව wireless සේවාවන් ලබා දීමට යන බවට කට කතාවක් පැතිර පවතී. එසේ නමුත් Google සමාගම T-Mobile සමග ගිවිසුමක් අත්සන් කර 2013 වසරේ මැද භාගයේ දී T-Mobile සමාගම 4G LTE ජාලය ඇරඹුමත් සමග ම අතථ්‍ය දුරකතන ජාලයක් බවට පත් කිරීමේ හැකියාවක් ඇත.

2. Sony සමාගම Android උපාංග සඳහා Gaikai නිකුත් කිරීම
Gaikai යනු cloud ජාල අවකාශයේ සෙල්ලම් කළ හැකි විඩියෝ ක්‍රීඩාවක්. ඉතා හොඳ මට්ටමේ පවතින මෙම ක්‍රීඩාවේ Android සඳහා වූ අනුවාදය නිකුත් වී නොමැත. Sony සමාගම විසින් මේ වසරේ දී Gaikai මිලදී ගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 380 කටය. එබැවින් Sony සමාගමට මේ පිළිබඳව 2013 වසර සඳහා දිගු කාලින සැලසුම් ඇති බවක් පෙනී යයි. PS3 ක්‍රීඩා ජනප්‍රිය වූවාක් මෙන්ම ජංගම දුරකතන සඳහා වූ PS4, Gaikai සමග 2013 දී ඉදිරියට එනු ඇතැයි සිතිය හැක.

3. Google TV සඳහා Wireless හැකියාව ලැබීම
Google සමාගමේ රූපවාහිණී සඳහා "Miracast" වැනි wireless තාක්ෂණය හරහා ජංගම උපාංග මගින් ශ්‍රව්‍ය දෘශ්‍ය පට හුවමාරු කරමින් රසවිඳීමේ හැකියාව, තවත් වැඩි දියුණු කරන ලද අතුරු මුහුණතක් ද සමග එලැඹෙන වසරේ එළි දැක්වෙන Android 5 සංස්කරණය තුලින් Google TV වෙත ලැබිය හැකිය.

4. HTC සමාගම One X2 නමැති දුරකතනයක් සියළුම ඇමරිකානු දුරකතන ජාල සඳහා නිපදවීම
Samsung සමාගම තම Galaxy S3 ඉහළට ගෙන ඒමට සමත් වූවාක් මෙන්ම ලබන වසරේ දී HTC සමාගම තම ප්‍රමුඛ පෙළේ One X2 මාදිලියේ දුරකතනය ලබන වසරේ මැද භාගයේ දී ඇමරිකානු දුරකතන ජාල සඳහා ඉදිරියට ගෙන එනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

5. Nexus 4 දුරකතන මිලියන 10 ඉක්මවා අලෙවි වීම
Nexus දුරකතන මේ දක්වා පෙන්නුම් කළේ මන්දගාමී අලෙවියක් වුව ද Nexus 4 එම තත්ත්වය වෙනස් කර ඉතා ඉහළ ඉල්ලුමක් පෙන්නුම් කළ දුරකතනයක් වූ හෙයින් ලබන වසරේ දී මෙම Nexus 4 දුරකතනය මිලියන 10 කට අධික ප්‍රමාණයකින් LG සමාගම බෙදාහැරිය හැකිය.

6. Motorola සමාගම Nexus RAZR නමින් දුරකතනයක් එළි දැක්වීම
Nexus දුරකතනයක් නිපදවීමට තරම් වැඩි කාලයක් Google සමාගම Motorola සමාගම ලබාගෙන නොසිටි නමුත් ලබන වසරේ දී Google සහ Motorola සමාගම් ද්විත්වය නව Nexus දුරකතනයක් Motorola Nexus RAZR නමින් එළි දැක්වීමට ඉඩ ඇත.

7. Huawei හෝ ZTE සමාගම් $99 ක Nexus දුරකතනයක් නිකුත් කිරීම
Nexus දුරකතන පිළිබඳව කතා කිරීමේදී Google සමාගම වෙනත් දුරකතන නිපැයුම් සමාගම් සමග අත්වැල් බැඳ එනම් Huwawei හෝ ZTE සමාගම් හා එක්ව ඇමරිකානු ඩොලර් 99 ක මිලට Nexus දුරකතනයක් එළි දැක්වීමට හැකියාවක් උදා විය හැක.

8. Sony සමාගමේ Smartwatch 2 කරළියට පැමිණීම
Sony Smartwatch, Pebble, සහ Metawatch Strata වැනි Android මගින් ක්‍රියා කෙරෙන ස්මාර්ට් අත් ඔරලෝසු මේ වසරේ දී නිකුත් වුවත් ඒවාට වැඩි ජනප්‍රියතාවක් හිමි නොවූ හෙයින් ලබන වසරේ දී Sony සමාගම සිහින් සහ අවම මිලකට ස්මාර්ට් අත් ඔරලෝසු නිර්මාණය කරනු ඇත.

9. Samsung සමාගම ඇමරිකාවේ උපාංග වෙළඳසැල් විවෘත කිරීම
Samsung සමාගම පළමු විකුණුම් සැල පැරීසියේ දී විවෘත කරනු ලැබුවා. මේ වසරේ දී ඔවුන් විසින් විවිධ තාවකාලික විකුණුම් සැල් ඇමරිකාවේ සාප්පු සංකීර්ණයන් තුල ගොඩ නැගුව ද ලබන වසරේ දී ප්‍රධාන ප්‍රදේශ 25 ක ඔවුනගේ ස්ථිර විකුණුම් සැල් ගොඩ නගනු ඇති බවක් නිගමනය කළ හැක.

10. Intel චිප් තාක්ෂණය Android දුරකතන වලට පිවිසීම
Intel සමාගම ඔවුන්ගේ ම දුරකතන නිපදවා ඇති බවක් පෙනී ගිය හෙයින් ලබන වසරේ දී Intel සමාගම තම චිප් තාක්ෂණය Android දුරකතන වල අන්තර්ගත කිරීම පිළිබඳව පෙර නිගමනයකට එළැඹිය හැකිය.

11. NVIDIA සමගමේ Tegra 4 ප්‍රොසෙසරයට සුභ කළක්
ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ලබා දෙමින් NVIDIA සමාගමේ සිව් වන පරම්පරාවේ Tegra 4 ප්‍රොසෙසරය ලබන වසරේ දී නිකුත් විය හැකි අතර එම චිපය අන්තර්ගත ජංගම දුරකතන ද රැසක් වෙළඳ පොළට පැමිණිය හැක.

12. Amazon මගින් Android දුරකතනයක් එළි දැක්වීම
Amazon සමාගම දුරකතනයක් නිශ්පාදනය කරතැයි බොහෝ කලක සිට කටකතා පැතිරෙමින් තිබිණ. මේ හා සැසඳීමේදී 2013 දී Android දුරකතනයක් නිපදවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර එය Kindle Phone ලෙසින් නම් විය හැක.

13. HTC සමාගමේ Sense 5.0 අතුරු මුහුණතේ ආගමනය
ලබන වසරේ පැවැත්වෙන Mobile World Congress 2013 සමුළුවේ දී HTC සමාගම තම නවතම දුරකතනයන් හී පවතින Sense 5.0 අතුරු මුහුණත එළි දැක්විය හැකිය.

Tuesday, December 18, 2012

HTC M7 ගැන තොරතුරු පිට වෙයි

ජංගම දුරකතන ලෝකය නවමු මානයකට පිය නගනා බවක් දැන් දැන් පෙනී යනවා. මීට හේතුව නම් කුඩා තිර වලට සීමා වෙමින් තිබූ ජංගම දුරකතන අදාළ සීමාවන් අභිබවා විශාල තිර සඳහා යොමු වීම. මේ ප්‍රවණතාවට අනුව බොහෝමයක් දුරකතන නිශ්පාදන ආයතන මේ වන විටත් තම ජංගම දුරකතන මාදිලි වලට නවතම තාක්ෂණික ක්‍රමෝපායන් සහිතව විශාල සහ පැහැදිලි තිර සහිත දුරකතන පාරිභෝගිකයන් හට හඳුන්වා දීමට පෙළඹී ඇත. 

මෙසේ මෙම රැල්ලට හසු වූ මීළඟ දුරකතනය වන්නේ HTC සමාගම මගින් එළි දැක්වීමට නියමිත HTC M7 යන නාමය සහිත ස්මාර්ට් ජංගම දුරකතනයයි. HTC සමාගමෙන් මින් ඉහතදී එළි දැක්වූ HTC Butterfly J, Butterfly සහ Droid DNA යන මාදිලි ත්‍රිත්වය ම ඉහත කී නව පන්නයේ අඟල් 5 ක විශාල තිර සහිත දුරකතන මාදිලි වේ. නමුත් ඒ මාදිලි වලට මඳක් වෙනස් වෙමින් HTC One X/X+ හි පැවති අඟල් 4.7 ක තිරයක් සහිතව මෙම M7 දුරකතනය නිම වනු ඇත. මෙය ලබන වසරේ, එනම් 2013 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත Mobile World Congress 2013 දී බොහෝ විට එළි දකිනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කරයි. 

අඟල් 4.7 ක Full HD තිරයක් නොහොත් පික්සල් විභේදනය 1980 x 1080 වන, ලොව ප්‍රථම වරට අඟලකට ඇති වැඩිම පික්සල් ප්‍රමාණය ද සහිතව දොරට වඩිනා මෙම තිරය Super LCD 2 අභිබවා යන Solux තිරයකින් නිර්මාණය වී ඇත. මෙම තිරයෙහි එකී අඟලක පික්සල් ධාරිතාව පික්සල් 468 ක් පමණ වේ. එය මෙතෙක් ඇති මීට සමාන තිරයන්ගේ ඇති අඟලකට පික්සල් 440 ප්‍රමාණය අභිබැවූ මුල්ම තිරය වේ. මෙම M7 ජංගම දුරකතනයට ජවය සපයනු ලබන්නේ ලොව දැනට ඇති ඉතාමත්ම වේගවත් 1.7GHz ක Snapdragon S4 Pro ප්‍රොසෙසරයක් මගිනි. එමෙන්ම මතක ධාරිතාව ගිගාබයිට් 2 ක් ද, අභ්‍යන්තර ගබඩා ධාරිතාව ගිගාබයිට් 32 ක් ද වනු ඇත.

මෙහි එන තවත් සුවිශේෂී අංගයක් වන්නේ එහි ඇති සුපිරි මට්ටමේ කැමරාවයි. එනම් f/2.0 ක් වූ කාචයක් සහිත, CineSensor තාක්ෂණයෙන් හෙබි, මෙගා පික්සල් 13ක පසුපස ප්‍රධාන කැමරාවයි. වාර්තාවන්ට අනුව HD වීඩියෝ පටිගත කිරීමේ හැකියාව සහ ඉතාමත් ම මන්දගාමී (super slow motion) වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ද පවතී. මෙහි හඬ සඳහා බලය සපයන්නේ Beats Audio සහ Stereo speakers වේ. HTC M7 හි එන තවත් විශේෂ වෙනසක් වන්නේ මෙයට දැනට පවතින 802.11n wireless ජාල වලට වඩා වේගවත් 802.11ac wireless ජාල වලට සම්බන්ධ වීමේ හැකියාව පැවතීම. තව ද මෙයට බලය සපයනු ලබන්නේ 2300mAh බැටරියකිනි.

මේ සුපිරි ගණයේ ජංගම දුරකතනයට Samsung සමාගමේ දුරකතන අභිබවා යෑමට හැකි වේදෝයි ලබන වසර වන තෙක් බලා හිඳිමු.


Samsung Galaxy Grand

Samsung සමාගම Android 4.1.2 ධාවනය වන නවතම Galaxy Grand ස්මාර්ට් ජංගම දුරකතන ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙය බොහෝ දුරට Samsung Galaxy Note පෙළගැස්මේ සාමාජිකයෙක්දෝයි සිතෙන තරමටම හැඩරුවෙන් සමානතාවක් දක්වයි. මෙහි විශේෂත්වය නම් අඟල් 5 ක දීප්තිමත්, පැහැදිලි TFT තිරයක් පැවතීම, 1.2GHz Dual Core ප්‍රොසෙසරයකින් ජවය ලැබීම සහ මෙගාපික්සල් 8ක පසුපස කැමරාවක් පැවතීමයි. 

මෙහි කැමරා මෘදුකාංගය ඉතාමත් වේගයෙන් ක්‍රියා කිරීම මෙහි ඇති තවත් විශේෂත්වයක්. එනම් ඡායාරූප ගැනීමේ දී සිදුවන කාලය ගතවීම් මෙහිදී සිදු වන්නේ ඉතාමත් ම අඩුවෙන්. අඳුරු අවස්ථාවන් වලදී පවා ඡායාරූප ගැනීමේ හැකියාව මේ සඳහා ලබා දී ඇත. තව ද මෙමගින් Full HD වීඩියෝ ද පටිගත කළ හැකිය. 

මෙම දුරකතනය ද නිකුත් වන්නේ Samsung සමාගමේ TouchWiz අතුරු මුහුණත සමගින් වන අතර වැඩි දියුණු කරන ලද අංගයන්ගෙන් සමන්විතව, මෙතෙක් වීඩියෝ සඳහා පමණක් සීමා වී තිබූ PopUp Play හැකියාව එකවර වීඩියෝ 2ක් එකක් මත අනෙක PopUp අයුරෙන් ගෙන නැරඹීමේ Picture-in-Picture PopUp Play හැකියාව ද එක්වී ඇත. මීට අමතරව S Voice ද අන්තර්ගත කර ඇති අතර ස්පර්ශයන්ගේ චලන උපයෝගී කර ගෙන සිදු කර ඇති වෙනස්කම් ද පවතී. මෙම දුරකතනය පළමුව සිම් පත් 2 ක් සහිත GT-I9082 මාදිලි අංකයෙන් පැමිණෙන අතර සාමාන්‍ය තනි සිම් පතක දුරකතනය GT-I9080 ලෙසින් මාදිලි 2 කින් පැමිණේ. 

මෙම දුරකතනය නිර්මාණය කර ඇත්තේ Galaxy Note 2 වැනි උපාංග සඳහා ලඟා විය නොහැකි නමුත් විශාල තිරයන් අපේක්ශා කරනා පාරිභෝගිකයන් හටය. වාර්තාවන්ට අනුව මෙම දුරකතනයේ Galaxy Note හි මෙන් S Pen උපාංගයක් අන්තර්ගත නොවේ. 




Sunday, December 16, 2012

Sony EXYNOS ප්‍රොසෙසර යොදන්නට යයි


නව වසරට ඈඳෙන නව කට කතාවක් පිළිබඳවයි මේ කියන්නට යන්නේ. එනම් Sony සමාගම Samsung සමාගමේ EXYNOS ප්‍රොසෙසර තම ස්මාර්ට් ජංගම දුරකතන නිශ්පාදනයේ දී නව වසරේ සිට යෙදවීමට යන බවයි.

Samsung සමාගමේ මෙම EXYNOS ප්‍රොසෙසර ඔවුනගේ ජංගම දුරකතනයන්හි ඉතා මැනවින් ක්‍රියා කරවයි. නමුත් ගැටළුව නම් ඔවුන් එම ප්‍රොසෙසරය සම්බන්ධ දත්ත සහ කේත එතරම් ලෙහෙසියෙන් වෙනත් සමාගම් කෙරෙහි ලබා නොදීමයි. එනම් එම ප්‍රොසෙසරය හා සම්බන්ධ විය හැකි Custom ROM නිර්මාණය කිරීම උදෙසා වන ක්‍රමලේඛ දත්ත පිටතට ලබා නොදීමයි. එබැවින් බොහෝ සංවර්ධකයන් මේ පිළිබඳව සතුටුදායක බවක් නොදක්වයි. මේ හේතුව නිසාවෙන් ඔවුන් බොහෝ දෙනා Sony සහ HTC වැනි ආයතන කෙරෙහි යොමු වීම ද දක්නට ලැබේ.

කෙසේ නමුත් බොහෝ මෘදුකාංග සංවර්ධකයින් Samsung සමාගම මෙහි ලිපි ගොනු ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින්නේ ඉතා හොඳ සහ ඉක්මන් Custom ROM නිපදවීමේ අදිටනිනුයි.


Thursday, December 13, 2012

Nexus 4 ජරමරේ

පසුගිය දින කිහිපය Google සහ LG සමාගම් ද්විත්වයට ම බෙහෙවින් කාර්යබහුල වූ දින කිහිපයක් වීය. ඊට හේතුව වූයේ Google සමාගම ඔක්තෝබර් 29 වැනි දින Nexus උපාංග එළි දැක්වීම සහ නොවැම්බර් මස 13 වැනි දින ඒවා අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමට ඉඩ සැලසීමයි. මෙම එළි දැක්වීම කෙසේ සාර්ථක වුවත්, එම උපාංග ඇනවුම් කිරීමේ සිට බෙදා හැරීම දක්වා වූ ක්‍රියාවලිය නම් ඉතාමත් අසාර්ථක මට්ටමක පැවතුණු දෙයක්. මේ හේතුවෙන් Google සමාගමට තම පාරිභෝගිකයන්ගේ බොහෝ අපවාදයන්ට ඇහුම්කන් දීමට පවා සිදු වූවා. මීට බෙහෙවින් හේතු වූයේ වෙනත් කවරදාකවත් නොතිබූ පරිද්දෙන් LG සමාගම මෙවර නිපදවූ Nexus 4 දුරකතනයට ඉතාමත් ඉහළ ඉල්ලුමක් පැවතීමයි. මේ හේතුවෙන් Google සමාගමේ අදාළ Play Store හි පෙර ඇණවුම් වෙබ් පිටුව පවා අක්‍රීය තත්ත්වයට පත් වූවා. මෙම ඉල්ලුම කෙතරම් වී ද යත් එය අන්තර්ජාලයට මුදා හැරි පළමු දිනය වන නොවැම්බර 13 වැනි දා අඩ හෝරාවක් ඇතුලත සියළුම දුරකතන විකිණී අවසාන වූවා. එම අවස්ථාවේ දී බොහෝ දෙනා හට නිතර දැක ගන්නට ලැබුනේ Google සමාගමේ තත්ත්වයෙන් බාල, එම අවස්ථාවේ දී නිතර දෝශ පෙන්නුම් කරනා වෙබ් පිටුවකි.

එදින දුරකතන සියල්ල විකිණී යාමෙන් අනතුරුව Google සමාගම නැවතත් නොවැම්බර් 27 වැනි දින මෙම Nexus 4 දුරකතනය පෙර ඇණවුම් කිරීම සඳහා Play Store හරහා අන්තර්ජාලයට මුදා හැරිය ද එදින ද බොහෝ දෙනාට මෙය මිල දී ගැනීමට නොහැකි වූ අතර පෙර කී දෝශයන් රැසට මුහුණ දීමට ද සිදු විය. මේ පිළිබඳව Google සමාගම පෙර දැනුවත් වීමකින් නොසිටියා ද, නැතහොත් මෙතරම් ඉල්ලුමක් පැවතේදෝයි නොසිතුවාදැයි යන්න පිළිබඳව නිෂ්චිත නිගමණයකට එළැඹිය නොහැකිය. නමුත් ඔවුනගේ බාළ තත්ත්වයේ මේ මුදා හැරීම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයන් ඉමහත් අපහසුතාවයටත් කණස්සල්ලටත් පත් වූ බව අන්තර්ජාලය පුරා ඔවුන් විසින් පළ කරන ලද ප්‍රකාශයන්ගෙන් දැක ගැනීමට හැකි වූවා.

මෙහි දී එක් වෙබ් අඩවියක් මෙම සිදු වූ දෝශයන් පැහැදිළි කර තිබුණේ ඉතාමත් අපූරු ආකාරයකින්. යමෙක් සුපිරි වෙළඳ සැලකට ගොස් තමා කැමැති භාණ්ඩය ලබා ගැනීමට පෝළිමේ සිට එය ලබා ගෙන අයකැමි වෙතට පැමිණි විට අදාළ භාන්ඩ මිල දක්වන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් අයකැමි තමා ලබා ගත් භාණ්ඩය රැගෙන නැවතත් තිබූ තැනින් තබා පාරිභෝගිකයා හට නැවතත් උත්සාහ කර අදාළ භාණ්ඩය රැගෙන ඒමට පවසයි. එවිට දී නැවතත් පැමිණ සිටිනා අනෙකුත් පාරිභෝගිකයන් සමග පොර කා අදාළ භාණ්ඩය රැගෙන අයකැමි වෙත පැමිණි විට නැවතත් ඔහු එය රැගෙන තිබූ තැනින් තබයි. නමුත් මෙවර පාරිභෝගිකයා අදාළ භාණ්ඩය ගැනීමට එය වෙත යාමේ දී එම භාණ්ඩයේ තොග අවසන් වී ඇති බව දැන ගනී. පසුගිය දින වල දී Nexus 4 දුරකතනය ඇනවුමේ දී ද මේ හා සමානම ක්‍රියාවලියක් Google Play Store හී දී ද සිදු විය.

මීට අමතරව LG සමාගම මගින් Google සමාගමට අවශ්‍ය කරනා තොග ලබා දීමට ප්‍රමාද වීමත් හේතුවෙන් නොවැම්බර් 13 වනදායින් අනතුරුව නැවතත් ඇනවුම් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමට හැකි වූයේ 27 වැනි දිනයි. එමෙන්ම මෙම ප්‍රමාදය හේතුවෙන් ඇණවුම් කළ දුරකතන අදාළ පාරිභෝගිකයන් හට යැවීමට දිනක් හෝ දින 2 ක් පමණ ගත වෙතැයි කළ අනුමානය සති 4 සිට 5 දක්වා මුල දී සහ පසුව සති 7 සිට 9 දක්වා ද දීර්ඝ වූවා. මෙමගින් ද බොහෝ පාරිභෝගිකයන් අපහසුතාවන්ට ලක් වූවා පමණක් නොව කණස්සල්ලට ද පත් විය.

කෙසේ නමුත් Google සමාගම මෙම තත්ත්වයන් මගහරවා ගෙන තම වටිනා පාරිභෝගිකයන් හට උපරිම සහ කාර්යක්ෂ්‍යම සේවාවක් සපයන්නට වග බලා ගත යුතුය. මන්දයත් මෙයින් Google සමාගම අහිමි කර ගන්නේ අති විශාල මුදල් ප්‍රමාණයක් මෙන්ම තම වටිනා ලෝක ව්‍යාප්ත පාරිභෝගික පිරිසයි.




Samsung Galaxy S II Plus


මෙම නවතම දුරකතනය බොහෝ සෙයින් Samsung Galaxy S II ස්මාර්ට් ජංගම දුරකතනයට බෙහෙවින් සමානතාවයක් දක්වනවා. Samsung සමාගම මෙම නවතම දුරකතනය එනම් Samsung Galaxy S II Plus එහෙත් නැතිනම් GT-I9105 මාදිලි නාමයෙන් හඳුන්වන දුරකතනය Chic White සහ Dark Blue යන වර්ණ ද්විත්වයෙන් ඉදිරිපත් කිරීමට සැරසෙන බවයි අන්තර්ජාලයෙන් වාර්තා වන්නේ.

මෙම දුරකතනයේ ඇති විශේෂාංග වලට යොමු වුවහොත් එය ගිගාබයිට් 8 මාදිලියකින් පමණක් වෙළඳපොළට පැමිණෙන බවයි පෙනී යන්නේ. එය එසේ පැමිණෙන්නට නියමිතව ඇත්තේ 2013 වසරේ පළමු කාර්තුව ඇතුලතදීයි. තව දුරටත් ලැබෙනා තොරතුරු වලට අනුව මෙම දුරකතනයේ Chic White වර්ණයෙන් යුතු දුරකතන හඳුන්වාදීමෙන් තෙවන සතියේ සිටත්, Dark Blue මාදිලියේ දුරකතන 5 වැනි සතියේ සිටත් බෙදා හැරීමට සූදනමින් පවතිනවා.

වාර්තා වන ආකාරයට මෙම දුරකතනය Android 4.1.1 හෝ 4.1.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර, අඟල් 4.3 ක පික්සල් විභේදනය 480 x 800 වන තිරයකින් සහ 1GHz ක Dual Core ප්‍රොසෙසරයකින් ජව ගැන්වෙමින් පැමිනෙන්නක්. මෙය මෙතෙක් පැවති Samsung Galaxy S II මාදිලියට වඩා ගුණාංගයන්ගෙන් අඩු මට්ටමක පවතින දුරකතනයක් බව ඉන් පැහැදිලි වෙනවා.


Monday, December 10, 2012

අළුත් ප්‍රොසෙසර

ජංගම දුරකතන කී විට අප බොහෝ විට බලාපොරොත්තු වන්නේ එය smart මාදිලියේ හෝ feature මාදිලියේ පවතින දුරකතනයක් පිළිබඳවයි. නමුත් මේ කිනම් දුරකතනයක් වුව ද ක්‍රියා කිරීමට එහි ප්‍රධානතම අංගය වන ප්‍රොසෙසරය ඉතා හොඳ මට්ටමකින් පැවතිය යුතුය. අතීතයේ සිට මේ දක්වා පසු විපරමක් කර බලන්නේ නම් එදා මෙදා තුර පැවති ජංගම දුරකතන වල ඇති ප්‍රොසෙසර ඉතාමත් සීඝ්‍ර ආකාරයෙන් වැඩි දියුණු වී ඇති බව පෙනී යනවා. මේ සඳහා ඉතාමත් ඉහළ දායකත්වයක් ලබා දෙන එක් සමාගමකි Qualcomm සමාගම.

මෙම සමාගම ඉතාමත් වේගවත්ව ප්‍රොසෙසර නිර්මාණය කිරීමේ ප්‍රමුඛයන් අතරේ සිටින්නෙක්. ඔවුන් විසින් හඳුන්වා දුන් Snapdragon S4 ප්‍රොසෙසරය වර්තමානයේ ඉහළ ජවයකින් යුතු ස්මාර්ට් ජංගම දුරකතන වැඩි ප්‍රමාණයක ම පවතින්නක්. මෑතක දී ඔවුන් තම පවුලේ නවතම සාමාජිකයන් දෙදෙනා වන, නැනෝමීටර 28 දරන නිශ්පාදන ක්‍රමවේදය මගින් නිපදවන, මාදිලි අංක MSM8626 සහ MSM8226 දරණ chipset හඳුන්වා දීමේ දින දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම chipset වලට ඇති හැකියාවන් අතර මෙගා පික්සල් 13ක කැමරාවක් අන්තර්ගත කිරීමේ හැකියාව, Full HD 1080p ප්‍රමාණයේ වීඩියෝ Andreno 305 හරහා පටිගත කිරීමේ හැකියාව, සිම් පත් කීපයක් හැසිරවීමේ හැකියාව පවතී. මෙම chipset ද්විත්වය ම Dual Sim/Dual Sim standby, Dual Sim/Dual Sim active සියල්ලට ම ජවය සැපයිය හැකි ද්විත්වයකි. මේවායේ ඇති විශාලත ම විශේෂත්වය වන්නේ මේ chipset ද්විත්වය ම චීන TD-SCDMA සහ සාමන්‍ය CDMA/HSPA+ ජාල වලට සම්බන්ධ වීමේ හැකියාව පැවතීම සහ මෙවන් අනෙකුත් chipset හා සසඳද් දී මේ ද්විත්වය ම 60% කින් කුඩා වීම.

මීළඟ පරම්පරාවේ මේ ප්‍රොසෙසර chipset යුගලය 2013 වසරේ දෙවැනි කාර්තුවෙහි දී වෙළඳ පොළට නිකුත් වීමේ හැකියාව ද පවතින බව දැන් දැන් හෙළි වෙමින් පවතින නමුත් කිනම් දුරකතන නිශ්පාදකයෙකු මෙය යොදා ගැනීමට තීරණය කර ඇත්දැයි තවමත් නිශ්චිතව පැවසිය නොහැක්කක්. මෙම නවතම S4 Quad Core chipset වලට අමතරව Qualcomm සමාගම ඒවාට නිර්දේශ නිමැවුම්, සහය පවා නිශ්පාදකයන්ගේ පහසුව උදෙසා නිකුත් කිරීමටත් නියමිතයි.


Tuesday, November 13, 2012

Samsung Apple ට Chip නොදී චිප් කියයි


පසුගිය සතියේ දී Samsung සමාගම එක්සත් ජනපදයේ ඔස්ටින් හී දී ගොඩනගමින් සිටි ඔවුන්ගේ Chip නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවතා දැමීමට කිරීමට තීරණය කර තිබෙනවා. මේ නිශ්පාදනායතනය විශේෂයෙන් ම නිම වන්නට යෙදුනේ Apple සමාගම වෙනුවෙන් ඔවුන්ගේ උපාංග සඳහා අවශ්‍ය වන Chip ඉතා ඉක්මණින් ලබා දීමේ අරමුණෙනි. 

Apple සමාගම, තමන් වෙනුවෙන් Chip සපයන්නන් අතරෙන් Samsung සමාගම ඈත් කර තම ආයතනය විසින්ම තමන්ගේ ම Chip නිර්මාණකරණයට පිවිසීම නිසා ද, පසුගිය මාසයේ දී Apple සමාගම විසින් Samsung සමාගමෙහි සිටි Chip නිර්මාණකරු බඳවා ගැනීම ද මෙම තීරණයට ප්‍රධානත ම හේතූන් විය හැකිය.

අන්තර්ජාලයෙන් වාර්තා වන නවතම තොරතුරු වලට අනුව Samsung සමාගම iPhone සහ iPad සඳහා ඔවුන් නිර්මාණය කරනා ප්‍රොසෙසර වල මිල 20% කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. මීට හේතුව ලෙස සඳහන් වන්නේ Samsung සමාගම විසින් නව කර්මාන්ත ශාලාව ඉදි කිරීම සඳහා මුදල් සපයා ගැනීම ය. Apple සමාගම තවමත් Samsung සමාගමේ ප්‍රොසෙසර භාවිතා කරනා බැවින් Samsung සමාගමේ නියමයන්ට අනුගත වීමට ද සිදු වී ඇත.

පෙර මෙන් නොව මේ වන විට Apple සහ Samsung සමාගම් ද්විත්වය අතර පවතින විරසකයට හේතුව ඔවුන් අතර පේටන්ට් අයිතීන් වෙනුවෙන් පවතින අරගලයයි. එමෙන්ම මේ වන විට Samsung සමාගම විශාලතම ජංගම දුරකතන නිශ්පාදකයා වීම නිසා Apple සමාගමට පෙරලා පහර දීමට තීරණය කර ඇති බවක් පෙනී යයි.

තවත් වාර්තා වන ආරංචියක් වන්නේ පළමු iPhone දුරකතනයේ තිබූ දෑ එලෙසින්ම තවමත් තිබීමත්, Apple සමාගම iPhone හි කිසිදු නව්‍යකරණයක් සිදු නොකිරීමත් හේතුවෙන් Apple iPhone ලෝලීන් iPhone භාවිතයෙන් ඉවත් වෙමින් පවතින බවයි.

විනාඩි 30න්, Nexus 4 ඉවරයි

ඊයේ දිනයේ දී එනම් නොවැම්බර් 13 වැනි දිනටනියමිතව තිබූ පරිදි Google සමාගම විසින් තම නවතම Nexus උපාංග පෙළ Google Play Store හරහා ඇණවුම් කිරීමට ඉඩ සලසා දෙනු ලැබුවා. එය ආරම්භ වන්නට යෙදුනේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10:30 ට පමණය. නමුත් පුදුමය දනවන කරුණක් වන්නේ මෙසේ අලෙවියට විවෘත කර අඩ හෝරාවක් ගත වන්නට මත්තෙන් සියළුම Nexus 4 ජංගම දුරකතන විකිණී අවසාන වීමයි. මේ හේතුව නිසා Nexus ලෝලීන් බොහෝමයක් දෙනාට තමන් බලාපොරොත්තු වූ ආකාරයට පළමු අවස්ථාවේදී ම Nexus 4 ජංගම දුරකතන ඇණවුම් කිරීමට නොහැකි වූවා මෙන්ම ඒ සඳහා අදාළ Play Store වෙබ් පිටුවට බොහෝ දෙනා පැමිණීම හේතුවෙන් විවිධ ගැටළු රාශියක් ම උද්ගත වී තිබිණ. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් විවිධ දෝශ වලට එම ලෝලීන්ට මුහුණ පෑමට ද සිදු විය.


ඉතාමත් සීමිත සහ වාසනාවන්ත වූ අයට පමණක් ගිගා බයිට් 8 සහ 16 මාදිලි ඇණවුම් කර ගැනීමට හැකියාව ලැබී තිබිණ. කෙසේ නමුත් මේ වන විට තොග අවසන් වීම හේතුවෙන් Google Play Store හරහා Nexus 4 ජංගම දුරකතන ඇණවුම් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මෙම තත්ත්වය Google විසින් නැවතත් උපාංග ඇණවුම් කිරීමට හැකි වන සේ පැය කිහිපයක් ඇතුලත වෙනස් කරනු ඇත. Nexus 4 දුරකතනයට ඉල්ලුම වැඩි වීම හේතුවෙන් ඊට සෑහෙන සැපයුමක් Google සමාගමට ලබා දීමට නොහැකිව එවැනි තත්ත්වයක් උදා වූවත් Nexus 10 ටැබ්ලට් පරිගණකය තවමත් Google Play Store හරහා ඇණවුම් කිරීමේ හැකියාව පවතී.


Samsung නඩු ගාස්තු Apple ගෙවයි


Apple සහ Samsung සමාගම් ද්විත්වය අතර සටනේ උණුසුම තවත් ඉහළ නැංවෙන තීන්දුවක් අදාළ එක්සත් රාජධානිය සහ වේල්සයේ අභියචනාධිකරණය මගින් නැවතත් නිකුත් කර තිබෙනවා. එනම් Samsung සමාගමට සිදු වූ අපකීර්තිය හේතුවෙන් සමාව ප්‍රකාශ කොට එක්සත් රාජධානියට අදාළ Apple වෙබ් අඩවියේ ලිපියක් පළ කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව දෙවැනි වරට නැවත නිවැරදි කොට පළ කරන ලද සමාව අයැදීමේ ලිපිය එක්තරා නොමග යැවීමක් මෙන්ම අදාළ කරුණු නිසි පරිදි සඳහන් නොවූවක් බැවින් Samsung සමාගමට මෙම නඩු හබය වෙනුවෙන් දරන්නට සිදු වූ සියළුම ගාස්තු නැවතත් එම සමාගමට වන්දිපූර්ණයක් වශයෙන් Apple සමාගම විසින් ගෙවිය යුතුය යනුවෙන් නව නියෝගයක් ලබා දීමයි.

Apple සමාගමට අපකීර්තියක් ලැබීමට සිදු වූ මෙම අධිකරණ නියෝගය හේතුවෙන් Samsung සමාගමට වැය වූ බොහෝමයක් වියදම් අකුරටම පියවීමට Apple සමාගමට සිදු වනු ඇති.

පසුගිය ඔක්තෝබරයේ දී මෙම නඩුවෙන් Apple සමාගමට පරාජය හිමි වූයෙන් එයට Samsung සමාගමෙන් සමාව අයැද ලිපියක් තම එක්සත් රාජධානියට අදාළ වෙබ් අඩවියේ පළ කරන්නට නියෝග ලැබුන ද ඒ හරහා ද Samsung සමාගමට කැළැලක් සිදු විණ. එමෙන්ම එම ලිපිය පැටලිලි සහගත වූවක් ද වීය. අධිකරණයේ පීඩනය මත Apple සමාගම නැවතත් නිවැරදි කරන ලද ලිපියක් පළ කරනු ලැබීය. නමුත් අභිමතයන් සපුරා නොලීම හේතුවෙන් සහ වෙබ් අඩවියට පැමිණෙන්නන්ට එය එක සැණින් දිස් නොවන අයුරෙන් අඩවියේ පහතින් ම එම ලිපියට යා හැකි සබැඳිය පළ කිරීම හේතුවෙන් මෙවන් නියෝගයක් අධිකරණය විසින් ලබා දීමට හේතු වී ඇත.

Monday, November 12, 2012

අද සිට Nexus සහ Android 4.2 ඔබට

අද නොවැම්බර් මස 13 වැනි දා. අද දවස Android ලෝලීන්ට විශේෂ වන හේතුවක් තිබෙනවා. එනම් පසුගිය මස 29 වැනි දා එළි දැක්වූ නවතම Nexus උපාංග පෙළ අද සිට මිල දී ගැනීමට ඇති හැකියාව. එනම් Google Play Store හරහා ඔබට අද සිට ඇණවුම් කර ලබා ගත හැකියි. නමුත් මේ සඳහා සැපිරිය යුතු කරුණු කිහිපයක් ම තිබෙනවා.

මීට බලපාන එක් කොන්දේසියක් නම් Google Play Store ශ්‍රී ලංකාවට බල නොපැවැත්වීම. වෙනත් අයුරකින් පවසනවා නම් ලාංකිකයන්ට එය හරහා කිසිදු උපාංගයක් අන්තර්ජාලය හරහා ලංකාවේ සිට ඇණවුම් කිරීමට නොහැකියි. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටක ජීවත් වන අයෙකු නම් පහසුවෙන් ම අන්තර්ජාලය ඔස්සේ මේ භාන්ඩ ඇණවුම් කර ලබා ගැනීමේ හැකියාව පවතී. එබැවින් ඔබට විදේශීය ප්‍රොක්සියක් භාවිතා නොකර Google Play Store හරහා කිසිදු භාණ්ඩයක් මිල දී ගැනීමට හැකියාව නොලැබෙනු ඇත. 

මීට අමතරව මෙවර දී Google Play Store විසින් තවත් කොන්දේසියක් පනවා තිබෙනවා. එනම් ඔබ යම් රටකට විවෘත Play Store එකක් හරහා ණය (Credit) කාඩ් පතකින් මුදල් ගෙවා ඇණවුමක් කරනවා නම් ණය කාඩ් පතෙහි ඇති ලිපිනයෙහි සඳහන් රට අදාල Play Store හි රටට සමාන විය යුතුයි. ඔබ සිතා සිටිනවා නම් විදේශයක සිටින්නෙකු හට ඔබේ කාඩ්පතේ තොරතුරු ලබා දී මෙම උපාංගයක් ලබාගෙන ඔවුන් හරහා ලංකාවට ගෙන්වා ගැනීමට, මෙවර දී එය සාර්ථක නොවනු ඇති.

ඉතින් මේ කොන්දේසි ද්විත්වයට යටත්වයි ඔබට නවතම Nexus උපාංග ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. එසේ නොහැකි නම් වෙනත් වෙළෙන්දෙකු හරහා මෙම උපාංග වල මිල මින් දෙගුණයක පමණ මුදලක් ගෙවා ලබා ගන්නට සිදු වනු ඇත. 

මීට අමතරව නවතම Android 4.2 Jelly Bean සංස්කරණය ද අද දින අනෙකුත් Nexus උපාංග සඳහා නිකුත් කර ඇත. මේ වන විට වාර්තා වන්නේ GSM සබඳතාව සහිත Galaxy Nexus ජංගම දුරකතන සඳහා පමණක් මෙම යාවත්කාලීනය ලැබී ඇති බවයි. නුදුරේදී ම ලාංකික ඔබ සැමටත් Nexus උපාංග පරිශීලනය කරමින් නවතම Android අත්දැකීම ද ලැබීමට හැකියාව උදා වෙනු ඇති.

Apple සහ HTC 10 අවුරුදු විවාහය

HTC සහ Apple සමාගම් ද්විත්වය එකිනෙකා අතර පැවති බලපත්‍ර පිළිබඳ ආරවුල්, දස වසරකට, නඩු මාර්ගයන්ගෙන් ඉවත්ව සමථයකට පත් කර ගැනීමට එකඟතාවයකට පැමිණ තිබෙන බව ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නමුත් මෙම ගනුදෙනුවේ තොරතුරු අතිශය රහසිගත මට්ටමකින් තබා ගැනීමට ඔවුන් වග බලා ගෙන තිබෙනවා. මෙයින් පෙනී යන්නේ Apple සහ HTC සමාගම් දෙක ඉදිරි දස වසර තුල දී තම නීතිමය ගැටළු සඳහා අඩු වියදමක් සිදු කරනු ඇති බවයි.

මෙම ආයතන ද්විත්වය මේ කරන ලද ප්‍රකාශය ජංගම දුරකතන කර්මාන්තයේ පෙර නොවූ විරූ ආකාරයේ දෙයක් වන අතර ම එම ආයතන දෙක ම තම තමන්ගේ පේටන්ට් අයිතීන් උල්ලංඝනය වීම සොයා බලනවාට වඩා නවීණ තාක්ෂණික ක්‍රමවේද සඳහා යොමු වනු ඇති.

මෙම එකඟතාව මගින් HTC සමාගමට වාසි රැසක් හිමි වී ඇති නමුත් මෙම ප්‍රකාශය තවමත් අවිනිශ්චිතතාවකින් යුතු වන්නක්. මීට හේතුව වන්නේ HTC සමාගමේ Cher Wang මාස කිහිපයකට උඩ දී, HTC සමාගම Apple සමාගම හා ආරවුල් ඇති කර නොගනිමින් තම සම්පත් සහ බුද්ධිමය දේපළ කෙරේ වැඩි අවධානයක් යොමු කරවන බවටත්, මිල දී ගැනීමෙන් හෝ තම පේටන්ට් අයිතීන් Apple සහ අනෙකුත් සමාගම් වලින් ආරක්ෂා කර ගත යුතු බවටත් කර ඇති ප්‍රකාශයයි.

කෙසේ නමුත් මෙම එකඟතාව මගින් ආයතන ද්විත්වයට ම ලැබී ඇති වාසි බොහෝය. එමගින් ආයතන ද්විත්වයට ම පේටන්ට් අයිතීන් සම ලෙස භාවිතා කිරීමේ හැකියාව ලැබී ඇත.


Sunday, November 11, 2012

නොවැම්බරයේ හොඳම ජංගම දුරකතන 10

පසුගිය මාස කිහිපය ජංගම දුරකතන ලෝකය ඉතාමත් ම සීඝ්‍රයෙන් දියුණුවට භාජනය වූ වකවානුවක්. නවතම තාක්ෂණයෙන් හෙබි ස්මාර්ට් ජංගම දුරකතන සහ ටැබ්ලට් මේ කාලයේ බෙහෙවින් ඉස්මතු වී පෙණින. ඊට අමතරව මේ සියළුම ජංගම දුරකතන නිෂ්පාදකයින් අතර පැවති තරඟය ද ඉතාමත් ම ඉහල තත්ත්වයක පැවතිණ. කෙසේ නමුත් අප මේ සූදානම් වන්නේ නොවැම්බරය වන විට හොඳ ම ජංගම දුරකතන 10 පිළිබඳව කෙටියෙන් සොයා බැලීමටයි. ඔබේ පහසුව උදෙසා ඒවායේ දෘඪාංග කෙසේ වේදැයි මගින් ඒවාට ලැබී ඇති ස්ථාන පිළිබඳවත් මෙයින් දැන ගන්නට ලැබෙනු ඇති.

10 වන ස්ථානය - Droid RAZR M

  • Dual Core 1.5GHz Snapdragon S4 ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 960 × 540 වූ ද, අඟලකට පික්සල් 256 ක් වූ ද අඟල් 4.3ක් වන Super AMOLED තිරය
  • WiFi b/g/n සබඳතාව
  • ගිගාබයිට් 8 ක ධාරිතාව සහ Micro SD සඳහා ඉඩ
  • ගිගාබයිට් 1 ක මතකය
  • මෙගා පික්සල් 8ක පසුපස කැමරාව සහ ඉදිරිපස කැමරාව
  • 2,000 mAh වන බැටරිය
  • Android 4.0.4 සමග පැමිණි මෙයට Jelly Bean ලැබෙනු ඇත.

9 වන ස්ථානය - Motorola Photon Q

  • Dual Core 1.5GHz TI OMAP ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 960×540 වූ ද, අඟලකට පික්සල් 256 ක් වූ ද අඟල් 4.3ක් වන LCD තිරය
  • WiFi b/g/n සබඳතාව
  • ගිගාබයිට් 8 ක ධාරිතාව සහ Micro SD සඳහා ඉඩ
  • ගිගාබයිට් 1 ක මතකය
  • HD සහිත මෙගා පික්සල් 8ක පසුපස කැමරාව සහ ඉදිරිපස කැමරාව
  • 1,785 mAh වන බැටරිය
  • Android 4.0.4 සමග පැමිණි මෙයට Jelly Bean ලැබෙනු ඇති බව සඳහන් කර ඇත.

8 වන ස්ථානය - HTC One X

  • Dual Core 1.5GHz Snapdragon S4 ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 1280×720 වන, අඟලකට පික්සල් 312 ක් වූ අඟල් 4.7 ක් වන, Super IPS තිරය
  • WiFi b/g/n සබඳතාව
  • ගිගාබයිට් 32 ධාරිතාව, Micro SD සම්බන්ධ කළ නොහැකිය
  • ගිගාබයිට් 1 ක මතකය
  • 1,800 mAh වන බැටරිය
  • Android 4.0.4 සමග පැමිණි මෙයට Jelly Bean ලැබෙනු ඇත.

7 වන ස්ථානය - Sony Xperia TL

  • Dual Core 1.5GHz Snapdragon S4 Plus ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 1280×720 වන, අඟලකට පික්සල් 323 ක් වූ අඟල් 4.55 ක් වන, TFT LCD තිරය
  • WiFi b/g/n සබඳතාව
  • ගිගාබයිට් 16 හෝ 32 ක් වූ ධාරිතාව සහ Micro SD ඇතුලත් කිරීමේ පහසුකම
  • ගිගාබයිට් 1 ක මතකය
  • මෙගාපික්සල් 13 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.3ක් වූ ඉදිරිපස කැමරාව
  • 1,850 mAh වන බැටරිය
  • Android 4.0 සමග පැමිණි මෙයට Jelly Bean ලැබෙනු ඇත.

6 වන ස්ථානය - Motorola Droid RAZR HD / RAZR MAXX HD

  • Dual Core 1.4GHz Snapdragon S4 Plus ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 1280×720 වන, අඟලකට පික්සල් 312 ක් වූ අඟල් 4.7 ක් වන, Super AMOLED තිරය
  • WiFi b/g/n සම්බන්ධතාව
  • LE+EDR සහිත Bluetooth 4.0
  • ගිගාබයිට් 16 ක ධාරිතාව සහ Micro SD ඇතුලත් කිරීමේ පහසුකම
  • ගිගාබයිට් 1 ක මතකය
  • මෙගාපික්සල් 8 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.3ක් වූ ඉදිරිපස කැමරාව
  • 2,530 mAh වන බැටරිය සහ MAXX HD හි 3,300 mAh වන බැටරිය
  • Android 4.0 සමග පැමිණි මෙයට Jelly Bean ලැබෙනු ඇත.

5 වන ස්ථානය - HTC One X+

  • 1.7 GHz Quad Core NVIDIA Tegra 3 CPU ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 1280×720 වන, අඟලකට පික්සල් 312 ක් වූ අඟල් 4.7 ක් වන, Super LCD 2 තිරය
  • ගිගාබයිට් 1 ක මතකය
  • ගිගාබයිට් 64 ක ධාරිතාව සහ Micro SD සඳහා ඉඩක් නොමැත
  • අභ්‍යන්තර ස්පීකරය
  • මෙගාපික්සල් 8 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.6ක් වූ ඉදිරිපස කැමරාව
  • WiFi, Bluetooth, NFC හැකියාව
  • 2,100 mAh වන බැටරිය
  • Android 4.1 Jelly Bean මෙහෙයුම් පද්ධතිය සහ HTC Sense 4+ මුහුණත

4 වන ස්ථානය - LG Optimus G

  • පික්සල් විභේදනය 1280 x 768 වන, අඟලකට පික්සල් 320 ක් වූ අඟල් 4.7 ක් වන තිරය
  • Qualcomm Snapdragon S4 Pro ප්‍රොසෙසරය
  • මෙගාපික්සල් 8 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.3ක් වූ ඉදිරිපස කැමරාව
  • ගිගාබයිට් 16 ක ධාරිතාව
  • ගිගාබයිට් 2 ක මතකය
  • WiFi 802.11 b/g/n සබඳතාව
  • NFC පහසුකම
  • 2,100 mAh වන බැටරිය
  • Android 4.1 මෙහෙයුම් පද්ධතිය සහිත වීම

3 වන ස්ථානය - Samsung Galaxy Note II

  • Quad Core 1.6 GHz Exunos 4412 ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 1280 x 720 වන, අඟලකට පික්සල් 265 ක් වූ අඟල් 5.5 ක් වන, Super AMOLED තිරය
  • ගිගාබයිට් 2 ක මතකය
  • ගිගාබයිට් 16 ක ධාරිතාව සහ Micro SD සඳහා ඉඩ
  • මෙගාපික්සල් 8 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.9ක් වූ ඉදිරිපස කැමරාව
  • WiFi, Bluetooth, NFC හැකියාව
  • 3100 mAh වන බැටරිය
  • Android 4.1 Jelly Bean මෙහෙයුම් පද්ධතිය සහිත වීම

2 වන ස්ථානය - Samsung Galaxy SIII

  • පික්සල් විභේදනය 1280 x 720 වන, අඟලකට පික්සල් 306 ක් වූ අඟල් 4.8 ක් වන, Super AMOLED HD තිරය
  • ගිගාබයිට් 16, 32 සහ 64 ක ධාරිතාව සහ Micro SD සඳහා ඉඩ
  • ගිගාබයිට් 2 ක මතකය
  • මෙගාපික්සල් 8 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.9ක් වූ ඉදිරිපස කැමරාව
  • 2,100 mAh වන බැටරිය
  • Android4.0 සමග පැමිණි අතර දැන් Jelly Bean ලැබෙමින් පවතී

1 වන ස්ථානය - Google Nexus 4

  • පික්සල් විභේදනය 1280 x 768 වන, අඟලකට පික්සල් 320 ක් වූ අඟල් 4.7 ක් වන තිරය
  • Quad Core Qualcomm Snapdragon S4 Pro ප්‍රොසෙසරය
  • මෙගාපික්සල් 8 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.3ක් වූ ඉදිරිපස කැමරාව
  • ගිගාබයිට් 16 ක ධාරිතාව
  • ගිගාබයිට් 2 ක මතකය
  • WiFi 802.11 b/g/n සබඳතාව
  • NFC පහසුකම
  • 2,100 mAh වන බැටරිය
  • Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය

Wednesday, November 7, 2012

Android වලට Apple වලට වඩා 6 ගුණයක නැඹුරුවක්

පසුගිය මැයි මාසයේදී Android වල වර්ධනය Apple සමාගමේ iPhone වල වර්ධනයට සාපේක්ෂව සිව් ගුණයකින් ඉහළ ගොස් තිබිණ. නමුත් මේ වෙන විට, එනම් නොවැම්බරයේ මුල වන විට එය හය ගුණයක් දක්වා වර්ධනය වී ඇත. එනම් Android පරිහරණයට යොමු වීමේ සීඝ්‍රතාව හය ගුණයකින් වැඩි වී ඇත. සෑම වසරකම Android විසින් නවතම Nexus දුරකතනයක් නිකුත් නොකරන්නට මේ තත්ත්වය මෙසේ නොවන්නට ඉඩ තිබිණ.

San Francisco හි Bloomberg මූලස්ථානයේ දී Mary Meeker නැමැත්තිය පවසා ඇති අන්දමට 2012 වසරේ පළමු කාර්තුවේ දී අන්තර්ජාලය සහිත Android උපාංග වල බෙදා හැරීම Microsoft සමාගමේ Windows සහිත උපාංග බෙදා හැරීමට සාපේක්ෂව ඉතිහාසයේ පළමු වතාවට ඉක්මවා ගොස් ඇති බවය. ඒ අනුව 2012 වසරේ පළමු මාස තුන ඇතුලත දී දළ වශයෙන් බෙදා හැර ඇති Windows පරිගණක මිලියන 82 ක ප්‍රමාණය Android උපාංග මිලියන 90 ක් බෙදා හැරීම මගින් මෙසේ ඉක්මවා ගොස් තිබෙනවා.

ඇය තව දුරටත් පවසා සිටින්නේ 2013 වසරේ දී එක් කාර්තුවක දී Android උපාංග මිලියන 160 ක් පමණ බෙදා හරිනු ඇති බවයි. ඒ අනුව Windows මිලියන 100 ක් ද, iOS මිලියන 80 ක් ද වශයෙන් විය හැකිය. එම කාලය වන විට ලොව පුරා සාමාන්‍ය ජංගම දුරකතන භාවිතා කරන්නන් බිලියන 5 ක් වනු ඇති අතර, ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන්නන් බිලියනයක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. මෙම අගයන් ඉතා ඉක්මණින් වෙනස් විය හැක.

පෙර වාර්තා වූ ආකාරයට තුන් වන කාර්තුවේ දී බෙදා හරින ලද සෑම දුරකතන 4 කින් 3 ක් ම Android මෙහෙයුම් පද්ධතිය සහිත වීය. 75% ක වෙළඳපොළ කොටසක් සහිතව Android හට Apple සමාගම 50% කට පමණ ආසන්න ප්‍රමාණයකින් පසුබෑමට ලක් කිරීමට හැකියාව ලැබී ඇත. නමුත් මේ තරඟකාරීත්වයට Apple සමාගම බිඳ නොවැටී පැවතිය යුතු වන්නේ Android හි ශක්තිය පෙන්වාලීමට එය හොඳ තරඟකරුවකු වන බැවිනි.

Tuesday, November 6, 2012

Android ට සුභ උපන්දිනයක්

ඉතාමත්ම කුඩාවට Android ආරම්භ වූයේ 2007 වසරේ නොවැම්බර් මස 5 වැනිදායි. "Open Handset Alliance" මගින් Android යනු සියළුම ජංගම උපාංග නිශ්පාදකයන් හට විවෘතව යොදා ගත හැකි නවතම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියක් ලෙස එවකට දී හඳුන්වා දෙන ලදී.

Android එළි දැක්වීමට ප්‍රථමව Google සමාගම නිහඬව එහි නිර්මාණ සැලසුම් සඳහා ඊට වසර 2 කට පෙර එනම් වර්ශ 2005 සිට ම දායක වෙමින් පැමිණියේ Android Inc නැමැති ආයතනය ද මිලට ගනිමිනි.

වසර 2009 දී Android කරළියට පැමිණියේ HTC සමාගමේ Dream නැමැති ජංගම දුරකතනයත් සමගයි. නමුත් ජංගම දුරකතන වෙළඳපොළෙහි 75% ක පමණ කොටසකට හිමිකම් කීමට එයට හැකි වී ඇති බව මේ වන විට සනාථ වී හමාරයි.

වසර 3 කට ඉහත දී දුරකතනයක් හරහා එසේ ප්‍රකට වූ Android මෙහෙයුම් පද්ධතිය 2012 වසරේ අග භාගය වන විට ලබා ඇති දියුණුව සහ වෙනස්කම් අතිශයින්ම ඉහළ මට්ටමක පවතී. දැන් දැන් Single core, 500MHz ප්‍රොසෙසර සහ තත්ත්වයෙන් බාල තිර භාවිතයෙන් ඉවත්ව Dual core ප්‍රොසෙසර සහ ඉහළ තත්ත්වයෙන් යුතු HD තිර යොදා ගනිමින් Android සහිතව නිපදවෙන ජංගම උපාංග Quad core ප්‍රොසෙසර භාවිතා කරමින් ද නිශ්පාදනය වීම මේ වන විට ආරම්භ වී ඇත.

දියුණු වන මෙවන් ජංගම උපකරණ වල තාක්ෂණයත් සමග ම ඊට අනුගාමීව ඒ තාක්ෂණය මෙහෙයවීම සඳහා Android ද මේ වසර කිහිපය ඇතුලත දී Android 1.5 Cupcake හි සිට Android 4.2 Jelly Bean දක්වා වෙනස් වෙමින් දියුණු වී ඇති ආකාරය ද සිත් ගන්නා සුළුය. එමෙන්ම එහි ඉදිරිය ද බෙහෙවින් සිත්ගන්නා සුළු වනු ඇත.


Monday, November 5, 2012

LG Nexus 4 මිල ඉහළ යයි

අන්තර්ජාලයෙන් අළුතෙන් ම වාර්තා වන අසුභදායක පුවතක් පිළිබඳව අවධානය යොමු කිරීමටයි මේ සැරසෙන්නේ. එනම් දෙසතියක්ටත් නො අඩු කාලයක් තුල Google සමාගම විසින් එළි දැක්වුණු LG සමාගමේ Nexus 4 ස්මාර්ට් ජංගම දුරකතනය පාරිභෝගිකයන් මිල දී ගන්නා ස්ථානය අනුව එහි මිල විශාල වෙනස්කමකට භාජනය වීමේ හැකියාවක් පවතින බව වාර්තා වෙනවා.

මෙනිසා LG Nexus 4 දුරකතන ආකර්ශනීය ඉතාමත් ම අඩු මිලකට මිල දී ගත හැකි එකම ස්ථානය Google Play Store වනු ඇති බවටයි බොහෝ දෙනාගේ මතය වන්නේ. එනම් ඇමරිකානු ඩොලර් 300 ක පමණ මිලකටය. ඒ හැරුණු කොට මෙම දුරකතනයේ සැපයුම්කරුවන් වන LG සමාගම හරහා Nexus දුරකතන ලබාගෙන අලෙවි කරන අනෙක් සියළුම ස්ථාන වල මිල Google Play Store හි අගයට වඩා බෙහෙවින් ඉහළ යනු ඇත. දැනට වාර්තා වන දත්ත වලට අනුව මෙහි මිල යූරෝ 599 ක් නැතහොත් සාමාන්‍ය මිල මෙන් දෙගුණයක මිලක් වනු ඇත.

ඔබ Google සමාගම හරහා මෙය මිල දී ගනී නම් මේ පුවත එතරම් බලපාන ගැටළුවක් ඇති නොකළ ද වෙනත් ස්ථාන වලින් මිලදී ගැනීමට, එසේත් නැති නම් තම රටේ වෙළඳ සැල් වලින් ලබා ගැනීමට බලාපොරොත්තුව සිටී නම් මෙය ඔබේ බලාපොරොත්තු සුන් කරවන හෝ ඔබව පසුබෑමකට ලක් කරනා පුවතක් වනු නොඅනුමානය. කෙසේ නමුදු Google Play Store හරහා Google සමාගමට Nexus 4 ජංගම දුරකතනය අලෙවි කළ හැක්කේ ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ස්පාඥ්ඥය, කැනඩාව, පෝට රිකෝ ඇතුලත්ව ඇමරිකා එක්සත් ජනපදය යන රටවලටය.

ඉහත සඳහන් රටවල ජීවත් නොවන සියල්ලන්ට ම LG සමාගමේ ඉහළ මිල ගණන් වලට යටත්ව මෙම දුරකතනය මිල දී ගැනීමට සිදු වනු ඇත. නැතහොත් වෙනත් මාර්ගයකින් ලබා ගැනීමට සිදු වනු ඇත.

Sunday, November 4, 2012

Android ආධිපත්‍යය ඉදිරියෙන්

ලෝකයේ ප්‍රථම Android දුරකතනය වන G1 දුරකතනය හඳුන්වා දීමෙන් වසර 4 කට පසු මේ වන විට ජංගම දුරකතන සහ උපාංග වෙළඳපොළෙහි ප්‍රමුඛයන් වීමට Android හට හැකි වී තීබනවා. පිට වී ඇති IDC සංඛ්‍යා ලේඛණ වලට අනුව සියළුම ස්මාර්ට් ජංගම දුරකතන වලින් 75% ක් වන Android ධාවනය වන මිලියන 136 ක් වූ ස්මාර්ට් ජංගම දුරකතන ප්‍රමාණයක් මේ වසරේ තෙවැනි කාර්තුවේ දී විකිණී තිබෙනවා. ඉන් ඉතිරි 25% ට අයිති වන්නේ iOS 14.9% ක් ද, Blackberry 4.3% ක් ද, Symbian 2.3% ක් ද, Windows phone 2% ක් සහ Linux 1.5% ක් ද වශයෙනි.

වසරෙන් වසර දිස් වූ iOS හි 57.3% ක වැඩි වන බෙදාහැරීමේ ප්‍රතිශතය මෙවර Android හි 91.5% ක් වූ වැඩිවීමට සාපේක්ශව ඉතා අඩු තත්ත්වයකට පත්ව තිබෙනවා. තවත් අවධානයෙන් සිටිය යුතු කරුණක් වන්නේ Microsoft සමාගමේ Windows phone පසුගිය වසරට වඩා දෙගුණයක් තම උපාංග බෙදා හැරීම් සිදු කර ඇති බවයි. එනම් 1.2% ක තිබූ අගයේ සිට 2% දක්වා ය. HTC, Samsung සහ Nokia සමාගම් වලින් නිපද වූ Windows Phone 8 දුරකතන පෙළක් ම තිබීම හේතුවෙන් මෙම අගයන් නුදුරේදී ම ඉලක්කම් 2 ක අගයක් ලබා ගනු ඇති.

Thursday, November 1, 2012

Apple ට අධිකරණයෙන් බරපතල නියෝගයක්

පසුගිය ලිපි වලින් අප ඔබට Apple සමාගම සහ Samsung සමාගම අතර පවතින සීතල යුද්ධයේ තොරතුරු පැවසුවා. ඒ වගේම ඒවායේ අධිකරණ තීන්දු පිළිබඳවත් යම් තාක් අවබෝධයක් ඇතැයි කියා අප සිතනවා. මෑතක දී පැවැත්වුණු පේටන්ට් අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳව නඩු විභාගයකින් Apple සමාගමට පරාජය අත් වූවා. එනම් Samsung සමාගම Apple සමාගමේ iPad නිර්මාණය කොපි නොකළා යැයි තීන්දුව වශයෙන් ලබා දීම. මේ නිසා Samsung සමාගමට සිදු වූ කැළල හේතුවෙන් Apple සමාගමට, Samsung සමාගම තමාගෙන් කොපි නොකළ බව කියැවෙන දැන්වීමක් තම නිල වෙබ් අඩවියෙහි පළ කරනා ලෙස නියෝග ලැබුණා. මේ අනුව Apple සමාගම තම එක්සත් රාජධානිය වෙනුවෙන් වූ වෙබ් අඩවියේ අදාළ තීන්දුව පිළිබඳව පසුගිය දින වල ලිපියක් පළ කර තිබුනා. නමුත් Apple සමාගම අදාළ කරුණ එහි කියාපෑව ද එම ලිපිය හරහා ද Samsung සමාගමේ නමට කැළලක් ඇති කිරීමට පියවර ගනු ලැබුවා.

මෙම ලිපිය පළ කරනු ලැබුවේ ද ප්‍රමිතියකින් තොරව නිම වූ වෙබ් පිටුවක ය. ඒ සඳහා පිවිසිය හැකි සබැඳිය පවා තිබූයේ ඉතා කුඩාවටය. ඔවුන් තවදුරටත් තම ලිපිය හරහා Samsung සමාගම විසින් පේටන්ට් අයිතීන් උල්ලංඝණය කළ පෙර අවස්ථා පිළිබඳව ද සඳහන් කර තිබූ බවට වාර්තා වෙනවා. එමෙන්ම Samsung හි Galaxy ටැබ්ලට්ටුව iPad තරම් නොවනා බවත් එම ලිපියේ පවසා තිබෙනවා.

මෙම ලිපිය නිරීක්ෂණය කරනු ලැබූ එක්සත් රාජධානියේ අදාළ අධිකරණය Apple සමාගමට එම ලිපිය අදාළ නියෝගයට අනුකූල නොවූ හෙයින් නැවත වෙනස් කර පළ කරන ලෙසට නව නියෝගයක් ලබා දී තිබෙනවා. එමෙන්ම එම ලිපිය දෙසැම්බරයේ 14 වැනි දින දක්වා තම වෙබ් අඩවියේ තැබිය යුතු බව වැඩි දුරටත් දන්වා සිටිනවා. මේ සඳහා Apple සමාගම නිදහසට කරුණු ඉදිරිපත් කරමින් තර්ක කර ඇත්තේ අදාළ ලිපියෙහි නිවැරදි කරන ලද ලිපියක් පල කිරීමට ඔවුනට දින 14ක් පමණ ගත වන බවය. මේ පිළිබඳව අධිකරණ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ එය පිළිගත නොහැකි බවත්, හේතුව වෙනයම් කරුණක් බවයි.

කෙසේ නමුත් අදාළ නිවැරදි කිරීම සඳහා Apple සමාගමට දැන් පැය 48ක කාලයක් ලබා දි තිබෙනවා. එබැවින් Apple සමාගමේ එක්සත් රාජධානියට අදාළ වෙබ් අඩවිය පිළිබඳ සෝදිසියෙන් සිටීම මගින් මේ යුද්ධය කිනම් දෙසකට ඇදේදැයි නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත.