දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.
Showing posts with label iPhone. Show all posts
Showing posts with label iPhone. Show all posts

Wednesday, October 24, 2012

LG Nexus වල තවත් පිටවූ ඡායාරූප


LG සමාගම මගින් Nexus දුරකතනයක් නිපදවා ඇති බව දැන් ඔබ 100%ක්ම තහවුරු කරගෙන හමාරය. එය තව දුරටත් අන්තර්ජාලයෙන් වාර්තා වන කටකතා ගොන්නට වැටෙන තවත් බලාපොරොත්තු තබා ගත යුතු සිහිනයක් නොවේ. නමුත් බලාපොරොත්තු තබා ගත යුත්තේ සතියකටත් අඩු කාලයක් ඇතුලත, එළැඹෙන 29 වන දා Google සමාගම අප ඉදිරියේ හෙළි කරන්න්නට යන්නා වූ ඒ රහස් සමුදාය පිළිබඳවයි. එය Android සහ Nexus උපාංග ලෝලීන්ගේ කුතුහලය වතුරේ නොයවන අවස්ථාවක් වේවි යැයි ප්‍රාර්ථනා කිරීම වැදගත්. මන්දයත් iPhone 5 එළි දැක්වීම බොහෝ iPhone භාවිතා කරන්නන් විශ්මයට පත් කරවූයේ සතුටුදායක ලෙසින් නොව අසතුටුදායක කෝණයකිනි. මෙය එවන් අවස්ථාවක් නොවනු ඇති. Nexus පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක්ම Android 4.2 නවතම මෙහෙයුම් පද්ධතියෙන් හැඩ වී දොරට වඩිනා මේ විශේෂ අවස්ථාව සෑම දෙනාට ම සජීවීව දැක ගැනීමට http://www.youtube.com/Android සබැඳියෙන් දැක බලා ගැනීමට ලැබෙනු ඇත.

Nexus 4 ජංගම දුරකතනය පිළිබඳව කතා කිරීමේ දී වාර්තා වන අළුත්ම පුවත වන්නේ එම දුරකතනයේ ධාවනය වන Android 4.2 හි තිරය සහ පසුපස දිස්වන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ විශ්වාසවන්ත පුවත් නිකුත් කරන්නෙකු විසින් මුදා හැර තිබීමයි. මුල දී අන්තර්ජාලයේ දකින්නට ලැබුණු දුරකතනයේ පිටුපස අවසාන නිකුත් කිරිමේ දී තිබිය හැකි යැයි සිතා Photoshop මෘදුකාංගය මගින් නිර්මාණය කරන ලද පිටුපස කවරයේ තිබූ වර්ණ 4 කින් යුතු X අකුරක් සහිත Nexus යන නාමය මෙම ඡායාරූප වල දී සම්පූර්ණ Nexus වචනය ම තනි වර්ණයක් වී තිබෙනවා. මේ තාක් නිකුත් වූ සියළුම Nexus උපාංග අතරින් පිටුපසෙහි Nexus ලෙසින් සටහන් කර ඇත්තේ Asus සමාගමේ Nexus 7 ටැබ්ලට් පරිගණකයේ පිටුපස පමණි. අනෙක් දුරකතන තුනෙහි ම පිටුපස ගූගල් සමාගමේ ලකුණ සටහන් වූවා.

තිරයේ දර්ශන සහිත ඡායාරූප මගින් පෙන්නුම් කරන්නේ Google Now හරහා ලබා දෙන තොරතුරු කාඩ්පත් හි Google Maps දිස්වන අයුරුත් පහළින් යම්කිසි ක්‍රීඩා තරඟ ලකුණුත් සහිත කාඩ්පතකි. Google Now මින් ඉදිරියට පැමිණෙන සියළුම Android අනුවාද වල අනිවාර්ය අංගයක් වනු ඇතැයි නිගමනයකට එළැඹිය හැකිය.

Nexus යන නාමය මගින් Google සමාගම උත්සාහ කරනුයේ තම Nexus උපාංග වැඩි දුරටත් පාරිභෝගිකයන් අතරේ ජනප්‍රිය කිරීමටයි. සමහර විටෙක උපාංග වල පසුපස බැටරි ආවරණයේ Nexus යන නාමය සටහන් කිරීම ද ඒ සඳහා ගන්නා ප්‍රයත්නයක් විය හැකිය. මේ කරුණු මෙසේ වුවත් වාර්තා වන පුවත් වලට අනුව මේ ඡායාරූප ද Photoshop මගින් වෙනස් කිරීම් වලට භාජනය වූවායි සැකයක් පැතිරෙමින් පවතී. තව දින 4 කින් මෙහි සත්‍ය තතු දැන ගැනීමට හැකි වනු ඇත.



Friday, October 19, 2012

Apple ට අන්ත පරාජයක්

මෑතකදී Apple සමාගම විසින් තම පේටන්ට් අයිතීන් භාවිතා කිරීම වෙනුවෙන් Samsung සමාගමට විරුද්ධව ගොනු කළ නඩුවෙන් Apple සමාගම පරාජයට පත් වී තිබෙනවා. ඒ වගේම Apple සමාගම වෙනත් උසාවි තීරණයක් පිළිබඳවත් කළ අභියාචනයක් ලන්ඩන් හි උසාවියක් මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Apple හා සසඳද්දී Apple උපාංග වල ඇති සරල බව නිසාම Samsung සමාගමේ උපාංග එතරම් මට්ටමක නොපවතින බව එහි දී විනිශ්චයකාරවරයා විසින් පවසා ඇතත් Samsung සමාගම Apple හි නිර්මාණ අංග කොපි නොකරනා බව ද සඳහන් කර තිබෙනවා.

සත්‍ය වශයෙන්ම වාර්තා වන උසාවි නියෝගයට අනුව Apple සමාගමට ඇමරිකාවේ ප්‍රධාන පෙළේ පුවත් පත් හා සඟරා කීපයකත්, තම වෙබ් අඩවියේත් දැන්වීම් ප්‍රචාරය කිරීමට සිදුව ඇති අතර ඒ මන්දයත් Samsung සමාගම Apple හි නිර්මාණ කොපි කරනා බවට ගෙන ගිය වැරදි කියමන නිවැරදි කිරීම සඳහායි.

Apple වෙබ් අඩවියේ පළමු පිටුවෙහි Samsung සමාගම වෙනුවෙන් විශාල දැන්වීමක් පළ නොකෙරුණ ද එය වෙනුවෙන් “Samsung/Apple Judgement.” යනුවෙන් සබැඳියක් අඩවියේ පළ කෙරෙනු ඇත. Samsung සමාගම ඉල්ලා සිටින්නේ එසේ පළ කෙරෙනා සබැඳිය මාසයක්වත් Apple සමාගමේ වෙබ් අඩවියේ මුල් පිටුවෙහි තැබිය යුතු බවයි.