දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.
Showing posts with label Galaxy. Show all posts
Showing posts with label Galaxy. Show all posts

Monday, February 17, 2014

Nexus Story

It's been more than three months since the Nexus 5 has made an official public appearance, to be precise its release on October 31st last year, allowing people to place orders directly from Google's play store and the pure Google experience that is stuffed inside this gorgeous flagship device has dramatically changed the way people look at mobile devices. 


The Nexus story was quite a little bit old by now but when you look back how it has changed over time was pretty amazing. We have come a long way since the first Nexus device suitably named to the Nexus One announced in 2010. Now we are in the new generation of apparently, ultra powerful, ever evolving smartphones at this point. Nevertheless for whatever reason, when Google was going to release their new version of the Nexus device along with their sweetest version of Android layered around it into this new era, they didn't make a big deal about it with announcements and subsequent releases. For this search engine giant, publicity was never needed to be sought and still their recent Nexus devices sold out in minutes like hot dogs out of the stove.

After the successful Nexus 4, it's clear that Google has built up a relationship with LG for the following Nexus, which made both devices sold out in first few minutes as it was first released for placing orders. Unlike other flagship contenders like Samsung Galaxy S4 and HTC One, everybody was quite anticipated to see how would it look, what features would it sport and who would take the challenge to cater the demand by manufacturing it for Google. Speculations twirled around the tech savvy people letting them wait for the successor to the previous Nexus, the 5th of its kind.

Nexus 5 was made after LG's own flagship smartphone named LG G2, designed with a minimal yet more premium and sophisticated look and feel, having almost of all its features trimmed a little bit down to match the Google's low price point starting at 350 dollars for the 16GB version. It first came with two color choices say black and white and now it's available in bright red too. The competitive specifications of Nexus 5 were good enough to bring a great smartphone experience as a reference device for the industry and for developers or general consumers, bundled with pure and powerful updated Android experience currently available unlike the predecessors. Most importantly the main advantage in Nexus devices is quick over the air Android updates.

Google uses their Nexus line to introduce the latest version of Android operating system and this time they released the tastiest Android experience they have ever made Android 4.4 KitKat with new user interface improvements and other eye-catching features that comes only available for the Nexus 5 at the moment. The new Google Experience launcher provides translucent notification and navigation bars with a second home screen fully dedicated to 'Google Now' with the ability to initiate voice searches by simply saying "Okay Google" when you are in any home screen. The updated camera was improved to produce better image quality with clear and saturated colors as a result of optical image stabilization plus incremental updates to Android KitKat in order to make the imaging experience more serviceable. Initially the downside of the Nexus 5 was its battery life and it's not as pathetic as it seems on average usage, but someone would feel like reaching for the charging cable earlier than any probably it should compared to competitors. 

With the Nexus 5, you are getting exactly what you are needed without having any bloatware or heavy applications that provides sky high features. It is a phone that suits the daily drive, because it is simple and it does what you need to do without giving any fuss. A rumor which started circulating a few weeks back stated that we might have to rely on much expensive Google Play edition devices to get our hands on pure Android experience, as it seems the Nexus line might come to an end this year, which surely is not a good news for many consumers. So let's have our fingers crossed until 2015 to see these rumors to get some backing. Till then enjoy pure Android on Nexus.

Thursday, December 27, 2012

Samsung Galaxy S4 hands-on video

Samsung has already set their targets and strategies for the new year 2013. They have been quite busy during the past year building the best smartphones for the community whose needs are being developed every minute. As we all know, their flagship phone, Galaxy S3 could bring their name to the top of the lists compared to all the other mobile manufacturers out there who are still willing to give Samsung a competition.

As the new rumors are developing, their next flagship mobile is going to be the youngest brother of the Galaxy S family but one the most powerful mobile phones available as of the date it's unveiled in the mid 2013. The phone is going to be named as Samsung Galaxy S4 with the model number GT-I9500. Yet the features of this phone have not properly revealed but most believe that this device would be facilitated with astonishing features engineered with cutting-edge technologies.

However in the past few days a video featuring Galaxy S4 has leaked unofficially with the device and its features shown during the playback and Samsung has not confirmed anything regarding the video yet as it was published by Rozetked. So far this is the first hands-on video with the handset. But this video nicely depicts the handy look and the beauty of the rumored Galaxy S4 with a sense of a suitable music in the background.

According to this video it says this mobile is thinner and lighter than both Galaxy S3 and iPhone 5. Furthermore it features a 1080p Grand AMOLED display accompanied by a 13 megapixel rear camera and a 2GHz Quad Core processor, which may run the next Android version, Android 5.0 Key Lime Pie. As the video shows the laser keyboard looks nice and it is unlikely to expect the device with Android 5.0 and may be with pre-installed Android 4.2.x.

Still this video being a mock-up hands-on, we can expect more features and technical specifications plus the exact look of the real Galaxy S4 in the coming days. Let us see what can Samsung introduce in the new year that can compete the current high end smartphones.



Wednesday, December 19, 2012

2013 ට අනාවැකි 13 ක්

එළැඹෙන 2013 වසරේ දී Android හි කිනම් වෙනස්කම් සිදු වේද? Android හා සම්බන්ධ වූ නොයෙක් ක්ෂේත්‍රයන්ගේ කිනම් වෙනසක්, වර්ධනයක් සිදු වේද? නවමු නිර්මාණ කොපමණක් එළි දකීවිද? අන්තර්ජාලයෙන් වාර්තා වන මේ සම්බඳ අනාවැකි 13ක් පිළිබඳවයි මේ කියන්නට යන්නේ. මේවා තවමත් දකින්නට නොමැති නමුත් ඉදිරි වසරේ දී දැකීමට ලැබෙතැයි අනුමාන කළ හැකි අනාවැකි කිහිපයක් බව මතක තබා ගන්න.

1. Google සමාගම T-Mobile ජාලය වෙනුවෙන් MVNO නිකුත් කිරීම
Google සමාගම Dish ජාලය සමග එකතුව wireless සේවාවන් ලබා දීමට යන බවට කට කතාවක් පැතිර පවතී. එසේ නමුත් Google සමාගම T-Mobile සමග ගිවිසුමක් අත්සන් කර 2013 වසරේ මැද භාගයේ දී T-Mobile සමාගම 4G LTE ජාලය ඇරඹුමත් සමග ම අතථ්‍ය දුරකතන ජාලයක් බවට පත් කිරීමේ හැකියාවක් ඇත.

2. Sony සමාගම Android උපාංග සඳහා Gaikai නිකුත් කිරීම
Gaikai යනු cloud ජාල අවකාශයේ සෙල්ලම් කළ හැකි විඩියෝ ක්‍රීඩාවක්. ඉතා හොඳ මට්ටමේ පවතින මෙම ක්‍රීඩාවේ Android සඳහා වූ අනුවාදය නිකුත් වී නොමැත. Sony සමාගම විසින් මේ වසරේ දී Gaikai මිලදී ගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 380 කටය. එබැවින් Sony සමාගමට මේ පිළිබඳව 2013 වසර සඳහා දිගු කාලින සැලසුම් ඇති බවක් පෙනී යයි. PS3 ක්‍රීඩා ජනප්‍රිය වූවාක් මෙන්ම ජංගම දුරකතන සඳහා වූ PS4, Gaikai සමග 2013 දී ඉදිරියට එනු ඇතැයි සිතිය හැක.

3. Google TV සඳහා Wireless හැකියාව ලැබීම
Google සමාගමේ රූපවාහිණී සඳහා "Miracast" වැනි wireless තාක්ෂණය හරහා ජංගම උපාංග මගින් ශ්‍රව්‍ය දෘශ්‍ය පට හුවමාරු කරමින් රසවිඳීමේ හැකියාව, තවත් වැඩි දියුණු කරන ලද අතුරු මුහුණතක් ද සමග එලැඹෙන වසරේ එළි දැක්වෙන Android 5 සංස්කරණය තුලින් Google TV වෙත ලැබිය හැකිය.

4. HTC සමාගම One X2 නමැති දුරකතනයක් සියළුම ඇමරිකානු දුරකතන ජාල සඳහා නිපදවීම
Samsung සමාගම තම Galaxy S3 ඉහළට ගෙන ඒමට සමත් වූවාක් මෙන්ම ලබන වසරේ දී HTC සමාගම තම ප්‍රමුඛ පෙළේ One X2 මාදිලියේ දුරකතනය ලබන වසරේ මැද භාගයේ දී ඇමරිකානු දුරකතන ජාල සඳහා ඉදිරියට ගෙන එනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

5. Nexus 4 දුරකතන මිලියන 10 ඉක්මවා අලෙවි වීම
Nexus දුරකතන මේ දක්වා පෙන්නුම් කළේ මන්දගාමී අලෙවියක් වුව ද Nexus 4 එම තත්ත්වය වෙනස් කර ඉතා ඉහළ ඉල්ලුමක් පෙන්නුම් කළ දුරකතනයක් වූ හෙයින් ලබන වසරේ දී මෙම Nexus 4 දුරකතනය මිලියන 10 කට අධික ප්‍රමාණයකින් LG සමාගම බෙදාහැරිය හැකිය.

6. Motorola සමාගම Nexus RAZR නමින් දුරකතනයක් එළි දැක්වීම
Nexus දුරකතනයක් නිපදවීමට තරම් වැඩි කාලයක් Google සමාගම Motorola සමාගම ලබාගෙන නොසිටි නමුත් ලබන වසරේ දී Google සහ Motorola සමාගම් ද්විත්වය නව Nexus දුරකතනයක් Motorola Nexus RAZR නමින් එළි දැක්වීමට ඉඩ ඇත.

7. Huawei හෝ ZTE සමාගම් $99 ක Nexus දුරකතනයක් නිකුත් කිරීම
Nexus දුරකතන පිළිබඳව කතා කිරීමේදී Google සමාගම වෙනත් දුරකතන නිපැයුම් සමාගම් සමග අත්වැල් බැඳ එනම් Huwawei හෝ ZTE සමාගම් හා එක්ව ඇමරිකානු ඩොලර් 99 ක මිලට Nexus දුරකතනයක් එළි දැක්වීමට හැකියාවක් උදා විය හැක.

8. Sony සමාගමේ Smartwatch 2 කරළියට පැමිණීම
Sony Smartwatch, Pebble, සහ Metawatch Strata වැනි Android මගින් ක්‍රියා කෙරෙන ස්මාර්ට් අත් ඔරලෝසු මේ වසරේ දී නිකුත් වුවත් ඒවාට වැඩි ජනප්‍රියතාවක් හිමි නොවූ හෙයින් ලබන වසරේ දී Sony සමාගම සිහින් සහ අවම මිලකට ස්මාර්ට් අත් ඔරලෝසු නිර්මාණය කරනු ඇත.

9. Samsung සමාගම ඇමරිකාවේ උපාංග වෙළඳසැල් විවෘත කිරීම
Samsung සමාගම පළමු විකුණුම් සැල පැරීසියේ දී විවෘත කරනු ලැබුවා. මේ වසරේ දී ඔවුන් විසින් විවිධ තාවකාලික විකුණුම් සැල් ඇමරිකාවේ සාප්පු සංකීර්ණයන් තුල ගොඩ නැගුව ද ලබන වසරේ දී ප්‍රධාන ප්‍රදේශ 25 ක ඔවුනගේ ස්ථිර විකුණුම් සැල් ගොඩ නගනු ඇති බවක් නිගමනය කළ හැක.

10. Intel චිප් තාක්ෂණය Android දුරකතන වලට පිවිසීම
Intel සමාගම ඔවුන්ගේ ම දුරකතන නිපදවා ඇති බවක් පෙනී ගිය හෙයින් ලබන වසරේ දී Intel සමාගම තම චිප් තාක්ෂණය Android දුරකතන වල අන්තර්ගත කිරීම පිළිබඳව පෙර නිගමනයකට එළැඹිය හැකිය.

11. NVIDIA සමගමේ Tegra 4 ප්‍රොසෙසරයට සුභ කළක්
ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ලබා දෙමින් NVIDIA සමාගමේ සිව් වන පරම්පරාවේ Tegra 4 ප්‍රොසෙසරය ලබන වසරේ දී නිකුත් විය හැකි අතර එම චිපය අන්තර්ගත ජංගම දුරකතන ද රැසක් වෙළඳ පොළට පැමිණිය හැක.

12. Amazon මගින් Android දුරකතනයක් එළි දැක්වීම
Amazon සමාගම දුරකතනයක් නිශ්පාදනය කරතැයි බොහෝ කලක සිට කටකතා පැතිරෙමින් තිබිණ. මේ හා සැසඳීමේදී 2013 දී Android දුරකතනයක් නිපදවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර එය Kindle Phone ලෙසින් නම් විය හැක.

13. HTC සමාගමේ Sense 5.0 අතුරු මුහුණතේ ආගමනය
ලබන වසරේ පැවැත්වෙන Mobile World Congress 2013 සමුළුවේ දී HTC සමාගම තම නවතම දුරකතනයන් හී පවතින Sense 5.0 අතුරු මුහුණත එළි දැක්විය හැකිය.

Thursday, December 13, 2012

Samsung Galaxy S II Plus


මෙම නවතම දුරකතනය බොහෝ සෙයින් Samsung Galaxy S II ස්මාර්ට් ජංගම දුරකතනයට බෙහෙවින් සමානතාවයක් දක්වනවා. Samsung සමාගම මෙම නවතම දුරකතනය එනම් Samsung Galaxy S II Plus එහෙත් නැතිනම් GT-I9105 මාදිලි නාමයෙන් හඳුන්වන දුරකතනය Chic White සහ Dark Blue යන වර්ණ ද්විත්වයෙන් ඉදිරිපත් කිරීමට සැරසෙන බවයි අන්තර්ජාලයෙන් වාර්තා වන්නේ.

මෙම දුරකතනයේ ඇති විශේෂාංග වලට යොමු වුවහොත් එය ගිගාබයිට් 8 මාදිලියකින් පමණක් වෙළඳපොළට පැමිණෙන බවයි පෙනී යන්නේ. එය එසේ පැමිණෙන්නට නියමිතව ඇත්තේ 2013 වසරේ පළමු කාර්තුව ඇතුලතදීයි. තව දුරටත් ලැබෙනා තොරතුරු වලට අනුව මෙම දුරකතනයේ Chic White වර්ණයෙන් යුතු දුරකතන හඳුන්වාදීමෙන් තෙවන සතියේ සිටත්, Dark Blue මාදිලියේ දුරකතන 5 වැනි සතියේ සිටත් බෙදා හැරීමට සූදනමින් පවතිනවා.

වාර්තා වන ආකාරයට මෙම දුරකතනය Android 4.1.1 හෝ 4.1.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර, අඟල් 4.3 ක පික්සල් විභේදනය 480 x 800 වන තිරයකින් සහ 1GHz ක Dual Core ප්‍රොසෙසරයකින් ජව ගැන්වෙමින් පැමිනෙන්නක්. මෙය මෙතෙක් පැවති Samsung Galaxy S II මාදිලියට වඩා ගුණාංගයන්ගෙන් අඩු මට්ටමක පවතින දුරකතනයක් බව ඉන් පැහැදිලි වෙනවා.


Thursday, November 1, 2012

Samsung Galaxy Q හඳුන්වා දීමට යයි

Samsung සමාගම තම පළමු නැවිය හැකි ස්පර්ශ සංවේදී තිරයක් සහිත උපාංගය ලබන වසර ආරම්භයේ දී එළි දැක්වීමට සූදානමින් සිටිනා බව වාර්තා වෙනවා.

GT-B9150 යන සංකේත නාමයෙන් යුත් මෙහි අඟල් 5.3 ක පික්සල් විභේදනය 1280 x 672 ක් වන Super AMOLED HD DUAL තිරයක් පවතී. ආරංචි මාර්ග වලට අනුව මෙය Samsung Galaxy Q නමින් හැඳුන්වනු ඇති.

මේ සඳහා Samsung ආයතනය වේගය 1.7GHz ක් වන තම සමාගමේ ම නිර්මාණයක් වන Exynos 5 Cortex-A15 Dual Core නම් වන ප්‍රොසෙසරය යොදා ගනු ඇති. තව ද මෙහි මෙගා පික්සල් 8ක පසුපස කැමරාවක් සහ, මෙගා පික්සල් 2ක ඉදිරිපස කැමරාවක් පවතින අතර ගිගාබයිට් 2ක මතකයකුත්, NFC, Wi-Fi සහ Bluetooth තාක්ෂණයෙන් ද යුතු වනු ඇත. මේ සඳහා බලය සපයනු ඇත්තේ 3500mAh වන බැටරියකිනි.

මෙම උපාංගය කිනම් ආකාරයක Android අනුවාදයක් මගින් ක්‍රියා කෙරේද යන්න පිළිබඳව තවමත් වාර්තා නොවන්නක්. මන්දයත් නුදුරු අනාගතයේ දී මේවා මහා පරිමාණයෙන් නිශ්පාදනය වීමත් Android යාවත්කාලීන ඉතා වේගයෙන් ලැබීමත් ය.



Monday, October 29, 2012

LG Nexus 4 නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

අයහපත් කාලගුණය හේතුවෙන් 29 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ Google සමාගමේ විශේෂ උත්සවය කල් ගිය ද එදින නිකරුනේ අපතේ යාමට මේ වන විට Google සමාගමත්, LG සමාගමත් කටයුතු කර තිබෙනා පුවතක් අන්තර්ජාලයෙන් වාර්තා වනවා. එනම් අන් කිසිවක් නොව සියළු දෙනා බලාපොරොත්තුවෙන් සිටි LG සමාගම විසින් මෙවර නිර්මාණය කරන ලද LG Nexus 4 සුපිරි ජංගම දුරකතනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමයි. මොවුන් මෙය සිදු කර ඇත්තේ Microsoft සමාගම විසින් පවත්වන්නට නියමිත තවත් එළි දැක්වීමක උත්සවයක ආරම්භයට පැයකට පෙරයි. කෙසේ නමුත් මේ සමගම ඔබ අප කවුරුත් මේ වන තෙක් දැන සිටි කරුණු රාශියක් ම මේ ප්‍රකාශයට පත් කිරීමත් සමගම තහවුරු වන අතරම තවත් නොදන්නා තොරතුරුත් හෙළි වී ඇත.

එම නිල තොරතුරු අනුව Nexus 4 ජංගම දුරකතන ඉතාමත් වේගවත් Krait CPU සහිත 1.5GHz Quad Core Snapdragon S4 Pro නම් වන ප්‍රොසෙසරයකින් ජව සම්පන්න වන අතර අඟල් 4.7ක් වන, පික්සල් විභේදනය 1280 x 768 ක් වන WXGA True HD IPS Plus තිරයකින් වර්ණවත් වන අතර ම එය Corning සමාගමේ Gorilla Glass 2 වීදුරුවක් මගින් ආරක්ෂිත වනු ඇත. එමෙන්ම ගිගාබයිට් 2ක මතක ධාරිතාවක් පවතින මෙහි මෙගාපික්සල් 8ක ප්‍රධාන පසුපස කැමරාවක් සහ මෙගාපික්සල් 1.3ක් වන ඉදිරිපස කැමරාවකින් පෝශණය වෙයි. මෙම දුරකතනයට බලය සපයනුයේ 2100 mAh වන බැටරියකින් වන අතර කතා කාලය පැය 15.3 ක් පමණ වනු ඇත.

Nexus 4 දුරකතනයේ පෙර කියූවාක් මෙන්ම NFC තාක්ශණයෙන් යුත් වන අතර Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය මගින් ක්‍රියා කරයි. මෙම නව Android අනුවාදයෙන් හෙළි වන එක විශේෂාංගයක් වන්නේ "PhotoSphere" වන අතර එය බොහෝ දුරට Microsoft හි "PhotoSynth" ට සමානතාවක් දක්වයි. මෙයින් සිදුවන්නේ දුරකතනය මගින් ලබා ගන්නා ඡායාරූප කිහිපයක් ගැලපෙන ලෙසින් එකිනෙක එකතු වී තනි රූප සෑදීමේ හැකියාව ලැබීමයි. තව ද දුරකතනයේ Settings එකම තැනකින් පහසුවෙන් වෙනස් කළ හැකි සහ පහසුවෙන් පිවිසිය හැකි පැනලයක් ද මෙහි අන්තර්ගතයි.

දිග 133.9mm ක් ද, පළල 68.7mm ක් ද, ඝණකම 9.1mm ක්ද වන LG Nexus 4 දුරකතනයේ බර ග්‍රෑම් 139ක් පමණි. එනම් මෙය Galaxy Nexus දුරකතනයට වඩා මඳක් කොට, මඳක් පළල, සහ මඳක් ඝණකම දුරකතනයකි. මේ දුරකතනයේ ප්‍රකාශයට පත් කිරීම මගින් හෙළි වන තවත් කරුණක් නම් එහි ජාල සබඳතාව ඇත්තේ GSM සහ HSPA+ ජාල වලට පමණක් වන බවත් LTE ජාල සඳහා සම්බන්ධ වීමේ පහසුකම මෙහි අන්තර්ගත නොවීමයි.

තව ද Nexus 4 දුරකතනය, අභ්‍යන්තර ගබඩා ධාරිතාව ගිගා බයිට් 8 සහ 16 වන මාදිලි 2කින් නිකුත් වන අතර Google Play Store හරහා මිල දී ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, කැනඩාව, ජර්මනිය, ප්‍රංශය, ස්පාඥය සහ ඕස්ට්‍රේලියාව යන රටවලට නොවැම්බර් 13 වන දා සිට ඉඩ ලැබෙනු ඇත.

අළුතෙන්ම ලැබෙන පුවත් වලට අනුව මෙහි ගිගාබයිට් 8 මාදිලිය ඇමරිකානු ඩොලර් 299 ක් වන අතර ගිගාබයිට් 16 මාදිලිය ඇමරිකානු ඩොලර් 349ක් වනු ඇත.






Wednesday, October 24, 2012

Apple නැවතත් පැරදේ

Samsung සහ Apple සමාගම් දෙක අතර පවතින සීතල යුද්ධය දැන් දැන් උණුසුම් වෙමින් පවතී. පසුගිය දා Apple සමාගම Samsung සමාගමට එරෙහිව ඉදිරිපත් කළ නඩුවෙන් Apple සමාගමට පරාජය හිමි වූයේ Apple සමාගමෙහි පේටන්ට් බලපත්‍ර වල සඳහන් ශිල්පීය අංග Samsung සමාගම විසින් තම උපාංග වල යොදා ගන්නවා යැයි කළ චෝදනාව නිශ්ප්‍රභා වීම හේතුවෙනි.

අන්තර්ජාලයෙන් වාර්තා වන අන්දමට නැවතත් Apple සමාගම Samsung සමාගම හමුවේ පරාජයට පත් වී තිබෙනවා. ඒ නෙදර්ලන්තයේ අධිකරණයක් වෙත Samsung සමාගමට එරෙහිව Apple සමාගම විසින් ගොනු කරන ලද තවත් පේටන්ට් බලපත්‍ර උල්ලංඝණය කිරීමක් පිළිබඳව වූ නඩු විභාගයකිනි. මෙම පේටන්ට් බලපත්‍රය මගින් Apple සමාගමට පේටන්ට් අයිතිය හිමිව තිබුනේ තිරය ස්පර්ශ සංවේදීතාව නිර්මාණයේ එක්තරා තාක්ෂණික ක්‍රමවේදයක් පිළිබඳවයි. 

එය එසේ වුව ද මෙම පරාජයත් සමග Apple සමාගමට Samsung සමාගම වෙත යූරෝ 216,000 ක් ගෙවීමට සිදුව තිබෙනවා. තව ද පසුගිය දිනෙක Apple සමාගමට තම පේටන්ට් අයිතියක්ව තිබූ "Rubber band scroll" නම් වූ පේටන්ට් අයිතිය ද අහිමි වී ගියා.

Saturday, October 20, 2012

Galaxy Nexus හා Nexus S වලට Android 4.1.2

Google Nexus 7 වෙනුවෙන් පසුගියදා නිකුත් කරනු ලැබූ Jelly Bean හි තිබූ දෝශ මග හරවා සෑදූ සංස්කරණය දැන් දැන් එම ටැබ්ලට් පරිගණක සඳහා ලැබෙමින් පවතිනවා. එමෙන්ම එම යාවත්කාලීනය ම එනම් Android 4.1.2 Nexus 7 ටැබ්ලට් වලට අමතරව Nexus S සහ Nexus ජංගම දුරකතන වලටත් පසුගිය සඳුදා සිට ලැබීමට සලස්වා තිබෙනවා. 

මේ Nexus දුරකතන වෙනුවෙන් ලැබෙනා යාවත්කාලිනයේ විශාලත්වය මෙගා බයිට් 15.1 ක් පමණ වන අතර GSM සහ HSPA ජාල වලට සම්බන්ධ විය හැකි ඉහත සඳහන් කළ Nexus දුරකතන මාදිලි දෙක සඳහා ලැබෙනු ඇත. දුරකතන සඳහා නිකුත් වන මෙම යාවත්කාලීනය මගින් දුරකතනයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනා, ස්ථාවරත්වයක් ද ඇති කරවන්නක් බවත්, Nexus 7 සඳහා එම ටැබ්ලට්ටුව හරස් අතට හැරවූ විට තිරය ද නොහැරවීමේ ගැටළුවට ලද විසඳුම දුරකතන වලට නොලැබෙන බවත් අන්තර්ජාලයෙන් තව දුරටත් වාර්තා වනවා.

Friday, October 19, 2012

ඔක්තෝබර් 29 වනදාට Google

Google සමාගම පසුගියදා අමුතුම ආකාරයේ ඇරයුමක් සිදු කර තිබෙනවා. ඒ Android සම්බන්ධ කටයුත්තක් මේ මස එනම් ඔක්තෝබර් 29 වනදාට ඔවුන් විසින් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ දී පැවැත්වීමට නියමිත බවයි. මෙම ඇරයුමේ තේමාව වන්නේ "The playground is open" යන්නයි. එනම් සෙල්ලම් පිටිය විවෘතයි යන අදහස ගෙන දෙන්නක්. ඇත්තෙන් ම මේ කියන්නේ කුමක්ද? Google Play Store පිළිබඳව ද? එසේත් නැත්නම් එදිනට නිකුත් කෙරෙතැයි සිතන Android මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරණය විය හැකි Key Lime Pie පිළිබඳව ද? එසේත් නැත්නම් නව Nexus දුරකතන Google Play Store හරහා මිල දී ගැනීමේ හැකියාවක් පිළිබඳව ද? මේ සියල්ල ම තවත් කුතුහලය ඇතිකරවන්නක්. කෙසේ නමුත් ඔක්තෝබර් 29 වනදාට Google සමාගම සංවිධානය කරන මේ සමුළුව හෝ උත්සවය YouTube හරහා සජීවිව ‍http://www.youtube.com/Android යන සබැඳියට යාමෙන් ලෝකවාසී සියල්ලන්ට ම දැක ගැනීමට ඉඩ ප්‍රස්ථාව උදා වනු ඇත.

මේ පුවතත් සමග හෙළි වන තවත් කරුණක් තිබෙනවා. එනම් Galaxy Nexus සඳහා වූ Google Plus සමාජ ජාල පිටුවෙහි පළ වූ දෙයක් පිළිබඳවයි. එනම් ඔක්තෝබර් 19 වැනිදාට Galaxy Nexus දුරකතනයට වසරක් සැපිරීම උදෙසා පල වුනු උපන් දින සුභ පැතුමකි. එහි සඳහන් වන්නේ මෙලෙසිනි.

"October 29th. The game is on ladies and gentlemen. 
Happy birthday +Galaxy Nexus, you were born one year ago, on October 19th. Soon you are going to meet your younger brother(s) ;)"

"ඔක්තෝබර් 29 වැනිදාට සියල්ල සූදානම් මහත්ම මහත්මියනි. 
වසරකට ඉහත දී ඔක්තෝබර් 19 වැනි දා උපත ලද Galaxy Nexus ට සුභ උපන් දිනයක් වේවා. ලඟදීම ඔබට ඔබේ සොයුරන් මුණ ගැසීමට ලැබේවි" යනු එහි සරල අදහසයි.

මෙය හුදෙක්ම උපන් දින සුභ පැතුමක ස්වරූපය ගන්නා කියමනක් නොවෙන බව බැලූ බැල්මට හඳුනා ගන්නට අපහසු වේවි. නමුත් හොඳින් කියවා බැලීමේ දී මෙයින් ද Android සහ Nexus දුරකතන ලෝලීන් සඳහා කුතුහලය දනවන කරුණක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇත. එනම් Galaxy Nexus දුරකතනයට ලඟදීම තම සොයුරන් මුණ ගැසීමට හැකි වන බවයි. මෙහි "සොයුරන්" ලෙසින් සඳහන් කිරීමෙන් පෙනී යන්නේ මෙවර Google සමාගම Nexus දුරකතන එකක් නොව කිහිපයක් ම එළි දැක්විය හැකි බවට හෝඩුවාවකි. මෙය තවමත් සාධාරණ නිගමනයක් නොවන්නේ Google සමාගම සතුව මෙම අවස්ථාව පිළිබඳව සියළු රහස් ආරක්ෂිතව, හෙළි නොකර පවතින හෙයිණි. 

මේ සියළු කුතුහලයන් සන්සිඳවන ඒ මොහොත තව සතියකින් අත් දැකීමට සියල්ලන්ටම හැකි වනු ඇත.


Saturday, October 13, 2012

LG Nexus 4 හි මිල

කටකතාවක් ව පැවත දැනට සත්‍ය වී ඇති LG සමාගම විසින් නිෂ්පාදනය කරනා Nexus 4 දුරකතනයේ මිල කෙසේ විය හැකිද? දුරකතනය කෙසේ නිම වෙතත් එය පාරිභෝගිකයන් කරා ලඟා කරවීම සඳහා බලපාන ඉහළ ම සාධකය වන්නේ එහි මිලයි. මේ නව ජංගම දුරකතනයේ මිල ගණන් පිළිබඳවද අන්තර්ජාලයේ කටකතා පැතිර යන්නේ ද පෙරසේ ම වීම පුදුමයට කරුණක් නොවේ. මන්දයත් Nexus ලෝලීන් මෙය ලබා ගැනීමට බෙහෙවින් උනන්දුවෙන් පසු වීමයි.

ඔක්තෝබර් 29 වනදා එළි දැක්වෙතැයි සිතනා LG Nexus 4 දුරකතනයේ අභ්‍යන්තර ධාරිතාව ගිගා බයිට් 8ක් වන දුරකතනය ඩොලර් 399ක් විය හැකි බව අන්තර්ජාලයේ විවිධ මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබෙනවා. Google සමාගම මෙහි ගිගා බයිට් 16ක් වන දුරකතනයකුත් නිකුත් කරාවි යනු බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි. මන්ද යත් දැනටමත් පවතින Samsung Galaxy Nexus දුරකතනය ගිගා බයිට් 16ක ධාරිතාවකින් පවතින්නක්. එබැවින් මෙම නව දුරකතනය ඊටත් වඩා අඩු වීම පිළිබඳව ජංගම දුරකතන පරිශීලකයින් පසුවන්නේ දැඩි කණස්සල්ලකින්. ඔවුන් එසේ අභ්‍යන්තර ගබඩා ධාරිතාව ගිගා බයිට් 16ක් වන දුරකතනයක් ද නිකුත් කළහොත් එය බොහෝ විට ඩොලර් 449ක් පමණ විය හැකි බවයි බොහෝ දෙනාගේ මතය.

දැනට පවතින Galaxy Nexus දුරකතනය ඩොලර් 349 කට Play Store හරහා මිලදී ගත හැකි නමුත් එහි අන්තර්ගත දෘඪාංග වර්තමානයේ පවතින දුරකතන නිර්මාණකරන තාක්ෂණ සමග බලද්දී යල් පණිමින් පවතින බවත් සඳහන් කළ යුතුයි. එබැවින් ඊට වඩා වැඩියෙන් ඩොලර් 50ක් හෝ වියදම් කිරීමෙන් දැනට පවතින හොඳම දුරකතන ප්‍රොසෙසරයක් වන Snapdragon S4 Pro ද, හොඳම තිරයක් වන True HD IPS+ ද, වැඩි දියුණු කළ කැමරාවක් ද, නව තාක්ෂණයකින් යුතු බැටරියක් ද ඇතුළුව අළුත්ම Android අනුවාදයක් ද ලබා ගත හැකි වේවි. 

බොහෝ දෙනා මෙහි අභ්‍යන්තර ගබඩා ධාරිතාවේ මදිකම පිළිබඳව කණස්සල්ලෙන් පසු වුවත් දැනට පවතින හොඳම Nexus දුරකතනය මෙය වන බව ද විශ්වාස කලාට වරදක් නොමැත. එබැවින් ඩොලර් 399 කට ඔබත් LG Nexus 4 දුරකතනයක් මිලදී ගන්න සිතනවා ද?


Thursday, October 11, 2012

Nexus 2 සිහිනය බොඳ වී Galaxy Premier මතු වේ

Android සහ Nexus ලෝලීන් සැම මහත් බලාපොරොත්තුවෙන් සිටි Samsung සමාගමේ මීළඟ Nexus දුරකතනය ලෙසින් කටකතා පැතිර තිබූ GT-i9260 මාදිලි අංකය සහිත ජංගම දුරකතනය, Nexus දුරකතන පෙළේ මීළඟ හවුල් කාරයා නොවන බව දැන් වාර්තා වෙනවා. එය Samsung සමාගම විසින් Galaxy Premier නමින් හඳුන්වන්නට යෙදෙන බවත් ලැබෙනා ආරංචි මාර්ග ඔස්සේ තහවුරු වේ. මෙය ද තවත් එක් නිල නොලත් ආරංචියක් වන අතර Samsung සමාගම මෙය පිළිබඳව තවමත් කිසිවක් සඳහන් කර නොමැත. එම මාදිලි අංකයට අදාල ජංගම දුරකතනය Neus දුරකතනයක් විය හැකි බවට කට කතා මතු වූයේ එය දැනට පවතින Galaxy Nexus දුරකතනයේ ම වැඩි දියුණු කරන ලද අංගෝපාංග පිළිබඳව සඳහන් දත්ත ලැයිස්තුවක් පිට වී තිබීමයි.


වැඩි දුරටත් මතක් කරනවා නම් අදාල මාදිලි අංකය සහිත දුරකතනය නොහොත් Galaxy Premier සතුව අඟල් 4.65 ක HD Super AMOLED තිරයක්, 1.5GHz Dual Core ප්‍රොසෙසරයක්, මෙගා පික්සල් 8ක් වූ ප්‍රධාන කැමරාවක්, මෙගා පික්සල් 2ක් වූ ද්විතීයික ඉදිරිපස කැමරාවක්, Micro SD කාඩ් දැමීමේ හැකියාව, ගිගා බයිට් 1ක් වූ RAM ධාරිතාවක්, ගිගා බයිට් 16ක් වූ අභ්‍යන්තර ඉඩක් ද ඇති අතර Android 4.1.1 Jelly Bean මත ක්‍රියා කරන 'TouchWiz' අතුරු මුහුණත සහිතව පැමිණෙනු ඇත. මෙහි මිල දැනට යුරෝ 500ක් පමණ වනු ඇතැයි වැඩි දුරටත් ආරංචි මාර්ග පවසයි.

කෙසේ නමුත් Samsung සමාගම විසින් නවතම Nexus දුරකතනයක් මෙවර නිපදවතියි තිබූ බලාපොරොත්තුව මේ ආරංචිය සහ පිටවී ඇති ඡායාරූප මගින් බොඳවී ගිය ද Android ලෝකයට තවත් Smart ජංගම දුරකතනයක් ඉදිරියේදී දායාද වනු ඇත.


Wednesday, October 10, 2012

Nexus 7 වලට Android 4.1.2 ලැබෙයි

Google සමාගම නිහඬවම Jelly Bean සඳහා Android 4.1.2 වන නව අනුවාදයක් මුදා හැර තිබෙනවා. මෙම අනුවාදය දැනට ලොව පුරා ඇති Nexus 7 ටැබ්ලට් පරිගණක සඳහා ග්‍රහණය කර ගැනීම සඳහා මුදා හැර තිබෙතත් වැඩි කල් නොගොස් Galaxy Nexus, Nexus S සහ Motorola XOOM සඳහා ද ලැබෙනු ඇති.

මෙම යාවත්කාලීන වීමත් සමග Android 4.1.2 මගින් Jelly Bean සතුව තිබූ යම් දෝශ කිහිපයක් නිවැරදි කර තිබෙන අතර ක්‍රියාකාරීත්වයේ වැඩි දියුණුවක් ද සිදු කර තිබෙනවා. Nexus 7 ටැබ්ලට් පරිශීලනය කල බොහෝ අයට සතුටුදායක යාවත්කාලීනයක් ලෙස මෙය හැඳින්විය හැක. මන්දයත් පෙර Nexus 7 හි lock අවස්ථාවේ තිරයත් අනෙක් ප්‍රධාන තිරයනුත් ටැබ්ලටය හරස් අතට හැරවූ විට තිරයේ දිස්වන දෑ හරස් අතට නොහැරවීමේ නොහැකියාව මෙහි දී නැති කර තිබෙනවා.

මීට අමතරව Google සමාගම මේ මෙගා බයිටි 31.3 ක විශාලත්වයකින් යුතුව "JZO54K" නැමැති නිමැවුම් අංකයක් ද සහිත යාවත්කාලීනය පිළිබඳව වැඩි දුර විස්තර සපයා නොමැත.

Tuesday, October 9, 2012

Galaxy පොඩි S3

මේ මාසය Galaxy S3 Mini දුරකතනය කරළියට පැමිණිය හැකි කාලය බවයි අන්තර්ජාලයෙන් වාර්තා වන්නේ. මෙය සත්‍ය වේ නම් එය Galaxy S3 දුරකතනයට Android Jelly Bean සංස්කරණයට යාවත්කාලීන වීමටත් ප්‍රථම සිදුවිය යුත්තක්. එයද Jelly Bean මෙහෙයුම් පද්ධතිය සහිතව Samsung සමාගමෙහි TouchWiz අතුරු මුහුණත ද සහිතව Galaxy Note 2 මෙන් කළ එළි බසිනු ඇති.

මෙම කුඩා ප්‍රමාණයේ Galaxy S3 ජංගම දුරකතනය අඟල් 4ක ස්පර්ශ සංවේදී Super AMOLED තිරයකින් යුතුව ඔක්තෝබර් 11 වන දින හඳුන්වා දීමට ඉඩකඩ ඇත. අන් කුඩා දුරකතන මෙන් නොව මෙය තම සොයුරු Galaxy S3 හි මෙන් ඉහළ ගති ලක්ෂණ සහිතව නිම වන්නක් ලෙස හැඳින්විය හැක. ඒ කෙසේද යත් 1GB RAM ධාරිතාවකින් ද, Quad Core ප්‍රොසෙසරයකින් ද, මෙගා පික්සල් 1.9ක් වූ ඉදිරි කැමරාවකින් ද, මෙගා පික්සල් 5කින් යුතු ප්‍රධාන කැමරාවකින් ද සන්නද්ධ වන ලෙසිනි.

තවමත් තහවුරු නොවූ මෙවන් කුඩා ප්‍රමාණයේ Galaxy S3 Mini දුරකතනයක් නිපදවීමේ අරමුණ වන්නේ කුඩා ප්‍රමාණයේ ජංගම දුරකතන පරිශීලනය කරන්නන් තමා වෙත ආකර්ශණය කර ගැනීම විය හැකියි. මන්දයත් මෑතක නිකුත් වූ Samsung ජංගම නිර්මාණ සියල්ලම පාහේ තනි අතින් හැසිරවිය නොහැක්කන් වීම සග iPhone 5 මෙන් අතට හුරු ලෙසින් දුරකතනයක් නිම කිරීම විය හැක.

මෙය ඔක්තෝබර් 11 වනදා වන විට ජංගම දුරකතන ලෝකයට හඳුන්වා දීමට ඉඩ ඇති බව හෙළි වන සාක්ෂියක් වන්නේ පසුදා Samsung සමාගම මාධ්‍ය හමුවක් උදෙසා යවා ඇති ආරාධනා පත්‍රයක "Small is now a big hit!" ලෙසින් සඳහන් වීමයි.



Galaxy Music දැන් ඔබටත්

Samsung සමාගම තම Galaxy Music ස්මාර්ට් ජංගම දුරකතනය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඔවුන් පවසන අන්දමට මෙය අති ඉහළ හඬෙහි ගුණාත්මකභාවයකින් යුතු ගීත ධාවනය කල හැකි අංගෝපාංගයන්ගෙන් ද සමන්විත දුරකතනයකි. මෙහි Android 4.0 අනුවාදය අඩංගු කර ඇති අතර ගීත ශ්‍රවණය කිරීමෙහිලා අවශ්‍ය වන වෙනස්කම් රැසක් ද මෙහි අන්තර්ගත කර තිබෙනවා. එනම් Stereo හඬ තාක්ෂණය සහිත ඉදිරිපස Speaker යුගලක් ද මෙහි සමන්විත වෙනවා. SRS හඬ තාක්ෂණය, Sound Alive, Smart Volume, Music Hub, ගීත සඳහාම වෙන් වූ බොත්තමක්, FM රේඩියෝවක් සහ FM ඇන්ටෙනාවක්ද මෙහි අන්තර්ගතයි. 

මීට අමතරව මෙම ජංගම දුරකතනයට 850GHz වේගයක් සහිත ප්‍රොසෙසරයකින් ජවය සපයන අතර මෙගා බයිට් 512 ක RAM ධාරිතාවකින් ද සන්නද්ධයි. අඟල් 3ක් වූ QVGA තිරයක් සහිත මෙය මෙගා පික්සල් 3ක ස්ථාවර නාභිගත කැමරාවකින් ද යුක්තයි. HSPA, Wi-Fi සම්බන්ධතාවනුත්, Bluetooth 3.0 ද සහිත මෙයට ගිගා බයිට් 4ක අභ්‍යන්තර මතක ගබඩාවක් ද ඇති අතර, එම මතක ධාරිතාව සපයා ඇති Micro SD කාඩ් ඇතුලත් කර ගනිමින් ඉහළ දමා ගැණීමටත් හැකි වන සේ නිමවා ඇති අතර මේ සියල්ලන්ටම බලය සැපයෙනුයේ 1300mAh වූ බැටරියකිනි.

Samsung සමාගම මෙම දුරකතනයේ ම සිම් කාඩ්පත් 2ක් සහිත අනුවාදයකුත් Galaxy Music Duos නමින් එළි දැක්වීමට නියමිතයි. සුදු, නිල් සහ කහ වර්ණයන්ගෙන් මෙය ලබා ගැනීමට හැකි අතර Android 4.1.1 Jelly Bean අනුවාදයට දුරකතනය නොබෝ දිනකින් යාවත්කාලීන වනු ඇතැ‍යි එම සමාගම පවසනවා. සංගීතය දුරකතනය හරහා රස විඳින ඔබට මෙය කදින ජංගම දුරකතනයක් වේවි.


Monday, October 8, 2012

ලබන අවුරුද්දට Samsung ලාගේ ලෑස්තිය

මෑතකදී අන්තර්ජාලයෙන් වාර්තා වන තවත් ආරංචියක් දෙසටයි මේ යොමු වන්නට හදන්නේ, එනම් Samsung සමාගමේ මීළඟ වසරේ සුපිරි ජංගම දුරකතන නිර්මාණ ගැන හෙළිවන ඡායාරූපයක් අන්තර්ජාලයට එක්වී තිබීම. එම ඡායාරූපයට අනුව ඔවුන්ගේ මීළඟ Smartphone වර්ගයේ ජංගම දුරකතනය ඔවුන් ඉහලම තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත කර නිෂ්පාදනය කිරීමට පෙළඹිය හැකි බව පෙන්වා දෙන්නක්.

මේ පිළිබඳව අදහස් පල කරන්නන් කියන්නේ මෙය Galaxy S දුරකතන පෙළේ මීළඟ දුරකතනය වන Galaxy S 4 ජංගම දුරකතනයේ අඩංගු විය හැකි ලක්ෂණ විය හැකි බවටයි. එය 3GB වූ RAM එකකින් එහෙමත් නැත්නම් මතක ධාරිතාවකින් සමන්විත නිපැයුමක් විය හැකි අතර ඉදිරිපස කිසිදු බොත්තමක් නොමැති අයුරේ නිපැයුමක් වීමටද හැකියාවක් ඇති බවයි අන්තර්ජාලයේ විවිධ ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබෙන්නේ. තවද මෙය මීළඟ පරම්පරාවට අයත් (next generation) ජංගම දුරකතනයක් ලෙසින් ද බොහෝ දෙනා පවසනවා. ඇත්තෙන්ම 1GB ප්‍රමාණයක් වූ RAM එකක් හොඳටම ප්‍රමාණවත් වුවත් 3GB තරම් වැඩි RAM මතකයක් දුරකතනයකට අවශ්‍ය වන්නේ මන්දැයි විටක ඔබ විමසන්නට පුළුවන්. මීට හේතු විය හැක්කේ Samsung සමාගම එවන් මතක ධාරිතාවක් අන්තර්ගත කරන්නේ දුරකතනයේ අඩංගු මෘදුකාංගයන්ගේ වැඩි දියුණු කිරීම් සඳහා ඒවාට අවශ්‍ය ජවය සැපයීමට සහ එවන් මතකයක් උපයෝගී වන යම් යම් දෑ දුරකතනයෙහි අන්තර්ගත කිරීමට ද විය හැක.

කෙසේ නමුත් මේවා ද නොයෙක් කටකතා ඔස්සේ ගලා එන පුවත් ලෙසින් සැලකිය හැකි වුවත් මේ දුරකතන පරිශීලකයන්ට නම් මේවා බොහෝ සිහින මල්පල ගැන්වෙන ආරංචි විය හැකිය. එහෙයින් මේ ආරංචි සත්‍ය වශයෙන්ම ක්‍රියාවට නැංවේදැයි 2013 වසර වනතෙක් අපට ඉවසීමට සිදු වේවි.