දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Thursday, January 3, 2013

Amazon ගෙන් Android Mini PC

ඔබට ඕනෙම තැනක පහසුවෙන් ගෙන යා හැකි පරිගණකයක් තිබුනොත් කොහොම වේවි ද? මෙසේ කී විගස ම ඔබේ මතකයට පැමිණෙන්නේ ලැප්ටොප් පරිගණක නැති නම් ටැබ්ලට් පරිගණක පිළිබඳවයි. නමුත් මේ ද්විත්වය ම බරින් වැඩි, තරමක් විශාලත්වයෙන් යුතු උපාංග වේ. ලැප්ටොප් පරිගණකයට සාපේක්ශව ටැබ්ලට් පරිගණක බරෙන් අඩු වුවත් මේ දෙකෙන් එකක්වත් සාක්කුවක් තුල බහා රැගෙන යාමේ හැකියාවෙන් තොරයි. මීට හොඳම විසඳුමක් පිළිබඳව අන්තර්ජාලයෙන් වාර්තා වෙනවා. එනම් Mini Android පරිගණකයි. මේවා ඇත්තෙන් ම වෙළඳපොළට පැමිණ දැනට යම්කිසි කාලයක් ගත වී හමාර වුවත් Amazon සමාගමේ වෙබ් අඩවිය හරහා මේවා ඇමරිකානු ඩොලර් 35 ක පමණ ඉතාමත් ම කුඩා මිලකට මිල දී ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා.


මෙම Mini MK802 හි ධාවනය වන්නේ Android 4.0 වන අතර එය ඕනෑම HDMI හැකියාව ඇති රූපවාහිණියකට හෝ මොනිටරයකට සම්බන්ධ කර එහි තිරය හරහා Android මෙහෙයුම් පද්ධතියේ කර ගන්නා කාර්යයන් බොහෝමයක් සිදු කර ගැනීමට හැකියාව ලබා ගත හැකියි. මෙම කුඩා උපකරණයේ ඇති තවත් වාසියක් වන්නේ එහි ඇති අමතර USB විවරය හරහා යතුරු පුවරුවක් හෝ මවුසයක් සම්බන්ධ කර වැඩ කරගෙන යාමේ හැකියාව ලබා දී තිබීමයි. තව ද මෙහි Wireless 802.11 b/g ග්‍රාහකයක් පවතින අතර එමගින් අන්තර්ජාලයේ සැරිසැරීමට ද හැකියාව ලැබේ. එහි ගබඩා ධාරිතාව Micro SD card මගින් ගිගාබයිට් 32 දක්වා වැඩි කර ගැනීමට හැකි වන අතර 1080p වීඩියෝ නැරඹීමට අවශ්‍ය හැකියාව ද ලබා දෙන්නකි.

මෙහි අංගයන් එසේ වුව ද Amazon මගින් මෙය මිල දී ගැනීමට හැක්කේ ඇමරිකානුවන්ට පමණකි. නමුත් eBay හරහා මෙම Android Mini PC ඕනෑම රටකට ගෙන්වා ගත හැක.