දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Tuesday, November 13, 2012

Samsung Apple ට Chip නොදී චිප් කියයි


පසුගිය සතියේ දී Samsung සමාගම එක්සත් ජනපදයේ ඔස්ටින් හී දී ගොඩනගමින් සිටි ඔවුන්ගේ Chip නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවතා දැමීමට කිරීමට තීරණය කර තිබෙනවා. මේ නිශ්පාදනායතනය විශේෂයෙන් ම නිම වන්නට යෙදුනේ Apple සමාගම වෙනුවෙන් ඔවුන්ගේ උපාංග සඳහා අවශ්‍ය වන Chip ඉතා ඉක්මණින් ලබා දීමේ අරමුණෙනි. 

Apple සමාගම, තමන් වෙනුවෙන් Chip සපයන්නන් අතරෙන් Samsung සමාගම ඈත් කර තම ආයතනය විසින්ම තමන්ගේ ම Chip නිර්මාණකරණයට පිවිසීම නිසා ද, පසුගිය මාසයේ දී Apple සමාගම විසින් Samsung සමාගමෙහි සිටි Chip නිර්මාණකරු බඳවා ගැනීම ද මෙම තීරණයට ප්‍රධානත ම හේතූන් විය හැකිය.

අන්තර්ජාලයෙන් වාර්තා වන නවතම තොරතුරු වලට අනුව Samsung සමාගම iPhone සහ iPad සඳහා ඔවුන් නිර්මාණය කරනා ප්‍රොසෙසර වල මිල 20% කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. මීට හේතුව ලෙස සඳහන් වන්නේ Samsung සමාගම විසින් නව කර්මාන්ත ශාලාව ඉදි කිරීම සඳහා මුදල් සපයා ගැනීම ය. Apple සමාගම තවමත් Samsung සමාගමේ ප්‍රොසෙසර භාවිතා කරනා බැවින් Samsung සමාගමේ නියමයන්ට අනුගත වීමට ද සිදු වී ඇත.

පෙර මෙන් නොව මේ වන විට Apple සහ Samsung සමාගම් ද්විත්වය අතර පවතින විරසකයට හේතුව ඔවුන් අතර පේටන්ට් අයිතීන් වෙනුවෙන් පවතින අරගලයයි. එමෙන්ම මේ වන විට Samsung සමාගම විශාලතම ජංගම දුරකතන නිශ්පාදකයා වීම නිසා Apple සමාගමට පෙරලා පහර දීමට තීරණය කර ඇති බවක් පෙනී යයි.

තවත් වාර්තා වන ආරංචියක් වන්නේ පළමු iPhone දුරකතනයේ තිබූ දෑ එලෙසින්ම තවමත් තිබීමත්, Apple සමාගම iPhone හි කිසිදු නව්‍යකරණයක් සිදු නොකිරීමත් හේතුවෙන් Apple iPhone ලෝලීන් iPhone භාවිතයෙන් ඉවත් වෙමින් පවතින බවයි.

විනාඩි 30න්, Nexus 4 ඉවරයි

ඊයේ දිනයේ දී එනම් නොවැම්බර් 13 වැනි දිනටනියමිතව තිබූ පරිදි Google සමාගම විසින් තම නවතම Nexus උපාංග පෙළ Google Play Store හරහා ඇණවුම් කිරීමට ඉඩ සලසා දෙනු ලැබුවා. එය ආරම්භ වන්නට යෙදුනේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10:30 ට පමණය. නමුත් පුදුමය දනවන කරුණක් වන්නේ මෙසේ අලෙවියට විවෘත කර අඩ හෝරාවක් ගත වන්නට මත්තෙන් සියළුම Nexus 4 ජංගම දුරකතන විකිණී අවසාන වීමයි. මේ හේතුව නිසා Nexus ලෝලීන් බොහෝමයක් දෙනාට තමන් බලාපොරොත්තු වූ ආකාරයට පළමු අවස්ථාවේදී ම Nexus 4 ජංගම දුරකතන ඇණවුම් කිරීමට නොහැකි වූවා මෙන්ම ඒ සඳහා අදාළ Play Store වෙබ් පිටුවට බොහෝ දෙනා පැමිණීම හේතුවෙන් විවිධ ගැටළු රාශියක් ම උද්ගත වී තිබිණ. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් විවිධ දෝශ වලට එම ලෝලීන්ට මුහුණ පෑමට ද සිදු විය.


ඉතාමත් සීමිත සහ වාසනාවන්ත වූ අයට පමණක් ගිගා බයිට් 8 සහ 16 මාදිලි ඇණවුම් කර ගැනීමට හැකියාව ලැබී තිබිණ. කෙසේ නමුත් මේ වන විට තොග අවසන් වීම හේතුවෙන් Google Play Store හරහා Nexus 4 ජංගම දුරකතන ඇණවුම් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. මෙම තත්ත්වය Google විසින් නැවතත් උපාංග ඇණවුම් කිරීමට හැකි වන සේ පැය කිහිපයක් ඇතුලත වෙනස් කරනු ඇත. Nexus 4 දුරකතනයට ඉල්ලුම වැඩි වීම හේතුවෙන් ඊට සෑහෙන සැපයුමක් Google සමාගමට ලබා දීමට නොහැකිව එවැනි තත්ත්වයක් උදා වූවත් Nexus 10 ටැබ්ලට් පරිගණකය තවමත් Google Play Store හරහා ඇණවුම් කිරීමේ හැකියාව පවතී.


Samsung නඩු ගාස්තු Apple ගෙවයි


Apple සහ Samsung සමාගම් ද්විත්වය අතර සටනේ උණුසුම තවත් ඉහළ නැංවෙන තීන්දුවක් අදාළ එක්සත් රාජධානිය සහ වේල්සයේ අභියචනාධිකරණය මගින් නැවතත් නිකුත් කර තිබෙනවා. එනම් Samsung සමාගමට සිදු වූ අපකීර්තිය හේතුවෙන් සමාව ප්‍රකාශ කොට එක්සත් රාජධානියට අදාළ Apple වෙබ් අඩවියේ ලිපියක් පළ කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව දෙවැනි වරට නැවත නිවැරදි කොට පළ කරන ලද සමාව අයැදීමේ ලිපිය එක්තරා නොමග යැවීමක් මෙන්ම අදාළ කරුණු නිසි පරිදි සඳහන් නොවූවක් බැවින් Samsung සමාගමට මෙම නඩු හබය වෙනුවෙන් දරන්නට සිදු වූ සියළුම ගාස්තු නැවතත් එම සමාගමට වන්දිපූර්ණයක් වශයෙන් Apple සමාගම විසින් ගෙවිය යුතුය යනුවෙන් නව නියෝගයක් ලබා දීමයි.

Apple සමාගමට අපකීර්තියක් ලැබීමට සිදු වූ මෙම අධිකරණ නියෝගය හේතුවෙන් Samsung සමාගමට වැය වූ බොහෝමයක් වියදම් අකුරටම පියවීමට Apple සමාගමට සිදු වනු ඇති.

පසුගිය ඔක්තෝබරයේ දී මෙම නඩුවෙන් Apple සමාගමට පරාජය හිමි වූයෙන් එයට Samsung සමාගමෙන් සමාව අයැද ලිපියක් තම එක්සත් රාජධානියට අදාළ වෙබ් අඩවියේ පළ කරන්නට නියෝග ලැබුන ද ඒ හරහා ද Samsung සමාගමට කැළැලක් සිදු විණ. එමෙන්ම එම ලිපිය පැටලිලි සහගත වූවක් ද වීය. අධිකරණයේ පීඩනය මත Apple සමාගම නැවතත් නිවැරදි කරන ලද ලිපියක් පළ කරනු ලැබීය. නමුත් අභිමතයන් සපුරා නොලීම හේතුවෙන් සහ වෙබ් අඩවියට පැමිණෙන්නන්ට එය එක සැණින් දිස් නොවන අයුරෙන් අඩවියේ පහතින් ම එම ලිපියට යා හැකි සබැඳිය පළ කිරීම හේතුවෙන් මෙවන් නියෝගයක් අධිකරණය විසින් ලබා දීමට හේතු වී ඇත.

Monday, November 12, 2012

අද සිට Nexus සහ Android 4.2 ඔබට

අද නොවැම්බර් මස 13 වැනි දා. අද දවස Android ලෝලීන්ට විශේෂ වන හේතුවක් තිබෙනවා. එනම් පසුගිය මස 29 වැනි දා එළි දැක්වූ නවතම Nexus උපාංග පෙළ අද සිට මිල දී ගැනීමට ඇති හැකියාව. එනම් Google Play Store හරහා ඔබට අද සිට ඇණවුම් කර ලබා ගත හැකියි. නමුත් මේ සඳහා සැපිරිය යුතු කරුණු කිහිපයක් ම තිබෙනවා.

මීට බලපාන එක් කොන්දේසියක් නම් Google Play Store ශ්‍රී ලංකාවට බල නොපැවැත්වීම. වෙනත් අයුරකින් පවසනවා නම් ලාංකිකයන්ට එය හරහා කිසිදු උපාංගයක් අන්තර්ජාලය හරහා ලංකාවේ සිට ඇණවුම් කිරීමට නොහැකියි. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටක ජීවත් වන අයෙකු නම් පහසුවෙන් ම අන්තර්ජාලය ඔස්සේ මේ භාන්ඩ ඇණවුම් කර ලබා ගැනීමේ හැකියාව පවතී. එබැවින් ඔබට විදේශීය ප්‍රොක්සියක් භාවිතා නොකර Google Play Store හරහා කිසිදු භාණ්ඩයක් මිල දී ගැනීමට හැකියාව නොලැබෙනු ඇත. 

මීට අමතරව මෙවර දී Google Play Store විසින් තවත් කොන්දේසියක් පනවා තිබෙනවා. එනම් ඔබ යම් රටකට විවෘත Play Store එකක් හරහා ණය (Credit) කාඩ් පතකින් මුදල් ගෙවා ඇණවුමක් කරනවා නම් ණය කාඩ් පතෙහි ඇති ලිපිනයෙහි සඳහන් රට අදාල Play Store හි රටට සමාන විය යුතුයි. ඔබ සිතා සිටිනවා නම් විදේශයක සිටින්නෙකු හට ඔබේ කාඩ්පතේ තොරතුරු ලබා දී මෙම උපාංගයක් ලබාගෙන ඔවුන් හරහා ලංකාවට ගෙන්වා ගැනීමට, මෙවර දී එය සාර්ථක නොවනු ඇති.

ඉතින් මේ කොන්දේසි ද්විත්වයට යටත්වයි ඔබට නවතම Nexus උපාංග ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. එසේ නොහැකි නම් වෙනත් වෙළෙන්දෙකු හරහා මෙම උපාංග වල මිල මින් දෙගුණයක පමණ මුදලක් ගෙවා ලබා ගන්නට සිදු වනු ඇත. 

මීට අමතරව නවතම Android 4.2 Jelly Bean සංස්කරණය ද අද දින අනෙකුත් Nexus උපාංග සඳහා නිකුත් කර ඇත. මේ වන විට වාර්තා වන්නේ GSM සබඳතාව සහිත Galaxy Nexus ජංගම දුරකතන සඳහා පමණක් මෙම යාවත්කාලීනය ලැබී ඇති බවයි. නුදුරේදී ම ලාංකික ඔබ සැමටත් Nexus උපාංග පරිශීලනය කරමින් නවතම Android අත්දැකීම ද ලැබීමට හැකියාව උදා වෙනු ඇති.

Apple සහ HTC 10 අවුරුදු විවාහය

HTC සහ Apple සමාගම් ද්විත්වය එකිනෙකා අතර පැවති බලපත්‍ර පිළිබඳ ආරවුල්, දස වසරකට, නඩු මාර්ගයන්ගෙන් ඉවත්ව සමථයකට පත් කර ගැනීමට එකඟතාවයකට පැමිණ තිබෙන බව ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නමුත් මෙම ගනුදෙනුවේ තොරතුරු අතිශය රහසිගත මට්ටමකින් තබා ගැනීමට ඔවුන් වග බලා ගෙන තිබෙනවා. මෙයින් පෙනී යන්නේ Apple සහ HTC සමාගම් දෙක ඉදිරි දස වසර තුල දී තම නීතිමය ගැටළු සඳහා අඩු වියදමක් සිදු කරනු ඇති බවයි.

මෙම ආයතන ද්විත්වය මේ කරන ලද ප්‍රකාශය ජංගම දුරකතන කර්මාන්තයේ පෙර නොවූ විරූ ආකාරයේ දෙයක් වන අතර ම එම ආයතන දෙක ම තම තමන්ගේ පේටන්ට් අයිතීන් උල්ලංඝනය වීම සොයා බලනවාට වඩා නවීණ තාක්ෂණික ක්‍රමවේද සඳහා යොමු වනු ඇති.

මෙම එකඟතාව මගින් HTC සමාගමට වාසි රැසක් හිමි වී ඇති නමුත් මෙම ප්‍රකාශය තවමත් අවිනිශ්චිතතාවකින් යුතු වන්නක්. මීට හේතුව වන්නේ HTC සමාගමේ Cher Wang මාස කිහිපයකට උඩ දී, HTC සමාගම Apple සමාගම හා ආරවුල් ඇති කර නොගනිමින් තම සම්පත් සහ බුද්ධිමය දේපළ කෙරේ වැඩි අවධානයක් යොමු කරවන බවටත්, මිල දී ගැනීමෙන් හෝ තම පේටන්ට් අයිතීන් Apple සහ අනෙකුත් සමාගම් වලින් ආරක්ෂා කර ගත යුතු බවටත් කර ඇති ප්‍රකාශයයි.

කෙසේ නමුත් මෙම එකඟතාව මගින් ආයතන ද්විත්වයට ම ලැබී ඇති වාසි බොහෝය. එමගින් ආයතන ද්විත්වයට ම පේටන්ට් අයිතීන් සම ලෙස භාවිතා කිරීමේ හැකියාව ලැබී ඇත.


Sunday, November 11, 2012

නොවැම්බරයේ හොඳම ජංගම දුරකතන 10

පසුගිය මාස කිහිපය ජංගම දුරකතන ලෝකය ඉතාමත් ම සීඝ්‍රයෙන් දියුණුවට භාජනය වූ වකවානුවක්. නවතම තාක්ෂණයෙන් හෙබි ස්මාර්ට් ජංගම දුරකතන සහ ටැබ්ලට් මේ කාලයේ බෙහෙවින් ඉස්මතු වී පෙණින. ඊට අමතරව මේ සියළුම ජංගම දුරකතන නිෂ්පාදකයින් අතර පැවති තරඟය ද ඉතාමත් ම ඉහල තත්ත්වයක පැවතිණ. කෙසේ නමුත් අප මේ සූදානම් වන්නේ නොවැම්බරය වන විට හොඳ ම ජංගම දුරකතන 10 පිළිබඳව කෙටියෙන් සොයා බැලීමටයි. ඔබේ පහසුව උදෙසා ඒවායේ දෘඪාංග කෙසේ වේදැයි මගින් ඒවාට ලැබී ඇති ස්ථාන පිළිබඳවත් මෙයින් දැන ගන්නට ලැබෙනු ඇති.

10 වන ස්ථානය - Droid RAZR M

  • Dual Core 1.5GHz Snapdragon S4 ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 960 × 540 වූ ද, අඟලකට පික්සල් 256 ක් වූ ද අඟල් 4.3ක් වන Super AMOLED තිරය
  • WiFi b/g/n සබඳතාව
  • ගිගාබයිට් 8 ක ධාරිතාව සහ Micro SD සඳහා ඉඩ
  • ගිගාබයිට් 1 ක මතකය
  • මෙගා පික්සල් 8ක පසුපස කැමරාව සහ ඉදිරිපස කැමරාව
  • 2,000 mAh වන බැටරිය
  • Android 4.0.4 සමග පැමිණි මෙයට Jelly Bean ලැබෙනු ඇත.

9 වන ස්ථානය - Motorola Photon Q

  • Dual Core 1.5GHz TI OMAP ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 960×540 වූ ද, අඟලකට පික්සල් 256 ක් වූ ද අඟල් 4.3ක් වන LCD තිරය
  • WiFi b/g/n සබඳතාව
  • ගිගාබයිට් 8 ක ධාරිතාව සහ Micro SD සඳහා ඉඩ
  • ගිගාබයිට් 1 ක මතකය
  • HD සහිත මෙගා පික්සල් 8ක පසුපස කැමරාව සහ ඉදිරිපස කැමරාව
  • 1,785 mAh වන බැටරිය
  • Android 4.0.4 සමග පැමිණි මෙයට Jelly Bean ලැබෙනු ඇති බව සඳහන් කර ඇත.

8 වන ස්ථානය - HTC One X

  • Dual Core 1.5GHz Snapdragon S4 ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 1280×720 වන, අඟලකට පික්සල් 312 ක් වූ අඟල් 4.7 ක් වන, Super IPS තිරය
  • WiFi b/g/n සබඳතාව
  • ගිගාබයිට් 32 ධාරිතාව, Micro SD සම්බන්ධ කළ නොහැකිය
  • ගිගාබයිට් 1 ක මතකය
  • 1,800 mAh වන බැටරිය
  • Android 4.0.4 සමග පැමිණි මෙයට Jelly Bean ලැබෙනු ඇත.

7 වන ස්ථානය - Sony Xperia TL

  • Dual Core 1.5GHz Snapdragon S4 Plus ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 1280×720 වන, අඟලකට පික්සල් 323 ක් වූ අඟල් 4.55 ක් වන, TFT LCD තිරය
  • WiFi b/g/n සබඳතාව
  • ගිගාබයිට් 16 හෝ 32 ක් වූ ධාරිතාව සහ Micro SD ඇතුලත් කිරීමේ පහසුකම
  • ගිගාබයිට් 1 ක මතකය
  • මෙගාපික්සල් 13 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.3ක් වූ ඉදිරිපස කැමරාව
  • 1,850 mAh වන බැටරිය
  • Android 4.0 සමග පැමිණි මෙයට Jelly Bean ලැබෙනු ඇත.

6 වන ස්ථානය - Motorola Droid RAZR HD / RAZR MAXX HD

  • Dual Core 1.4GHz Snapdragon S4 Plus ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 1280×720 වන, අඟලකට පික්සල් 312 ක් වූ අඟල් 4.7 ක් වන, Super AMOLED තිරය
  • WiFi b/g/n සම්බන්ධතාව
  • LE+EDR සහිත Bluetooth 4.0
  • ගිගාබයිට් 16 ක ධාරිතාව සහ Micro SD ඇතුලත් කිරීමේ පහසුකම
  • ගිගාබයිට් 1 ක මතකය
  • මෙගාපික්සල් 8 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.3ක් වූ ඉදිරිපස කැමරාව
  • 2,530 mAh වන බැටරිය සහ MAXX HD හි 3,300 mAh වන බැටරිය
  • Android 4.0 සමග පැමිණි මෙයට Jelly Bean ලැබෙනු ඇත.

5 වන ස්ථානය - HTC One X+

  • 1.7 GHz Quad Core NVIDIA Tegra 3 CPU ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 1280×720 වන, අඟලකට පික්සල් 312 ක් වූ අඟල් 4.7 ක් වන, Super LCD 2 තිරය
  • ගිගාබයිට් 1 ක මතකය
  • ගිගාබයිට් 64 ක ධාරිතාව සහ Micro SD සඳහා ඉඩක් නොමැත
  • අභ්‍යන්තර ස්පීකරය
  • මෙගාපික්සල් 8 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.6ක් වූ ඉදිරිපස කැමරාව
  • WiFi, Bluetooth, NFC හැකියාව
  • 2,100 mAh වන බැටරිය
  • Android 4.1 Jelly Bean මෙහෙයුම් පද්ධතිය සහ HTC Sense 4+ මුහුණත

4 වන ස්ථානය - LG Optimus G

  • පික්සල් විභේදනය 1280 x 768 වන, අඟලකට පික්සල් 320 ක් වූ අඟල් 4.7 ක් වන තිරය
  • Qualcomm Snapdragon S4 Pro ප්‍රොසෙසරය
  • මෙගාපික්සල් 8 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.3ක් වූ ඉදිරිපස කැමරාව
  • ගිගාබයිට් 16 ක ධාරිතාව
  • ගිගාබයිට් 2 ක මතකය
  • WiFi 802.11 b/g/n සබඳතාව
  • NFC පහසුකම
  • 2,100 mAh වන බැටරිය
  • Android 4.1 මෙහෙයුම් පද්ධතිය සහිත වීම

3 වන ස්ථානය - Samsung Galaxy Note II

  • Quad Core 1.6 GHz Exunos 4412 ප්‍රොසෙසරය
  • පික්සල් විභේදනය 1280 x 720 වන, අඟලකට පික්සල් 265 ක් වූ අඟල් 5.5 ක් වන, Super AMOLED තිරය
  • ගිගාබයිට් 2 ක මතකය
  • ගිගාබයිට් 16 ක ධාරිතාව සහ Micro SD සඳහා ඉඩ
  • මෙගාපික්සල් 8 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.9ක් වූ ඉදිරිපස කැමරාව
  • WiFi, Bluetooth, NFC හැකියාව
  • 3100 mAh වන බැටරිය
  • Android 4.1 Jelly Bean මෙහෙයුම් පද්ධතිය සහිත වීම

2 වන ස්ථානය - Samsung Galaxy SIII

  • පික්සල් විභේදනය 1280 x 720 වන, අඟලකට පික්සල් 306 ක් වූ අඟල් 4.8 ක් වන, Super AMOLED HD තිරය
  • ගිගාබයිට් 16, 32 සහ 64 ක ධාරිතාව සහ Micro SD සඳහා ඉඩ
  • ගිගාබයිට් 2 ක මතකය
  • මෙගාපික්සල් 8 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.9ක් වූ ඉදිරිපස කැමරාව
  • 2,100 mAh වන බැටරිය
  • Android4.0 සමග පැමිණි අතර දැන් Jelly Bean ලැබෙමින් පවතී

1 වන ස්ථානය - Google Nexus 4

  • පික්සල් විභේදනය 1280 x 768 වන, අඟලකට පික්සල් 320 ක් වූ අඟල් 4.7 ක් වන තිරය
  • Quad Core Qualcomm Snapdragon S4 Pro ප්‍රොසෙසරය
  • මෙගාපික්සල් 8 ක් වන පසුපස කැමරාව සහ මෙගාපික්සල් 1.3ක් වූ ඉදිරිපස කැමරාව
  • ගිගාබයිට් 16 ක ධාරිතාව
  • ගිගාබයිට් 2 ක මතකය
  • WiFi 802.11 b/g/n සබඳතාව
  • NFC පහසුකම
  • 2,100 mAh වන බැටරිය
  • Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය

Wednesday, November 7, 2012

Android වලට Apple වලට වඩා 6 ගුණයක නැඹුරුවක්

පසුගිය මැයි මාසයේදී Android වල වර්ධනය Apple සමාගමේ iPhone වල වර්ධනයට සාපේක්ෂව සිව් ගුණයකින් ඉහළ ගොස් තිබිණ. නමුත් මේ වෙන විට, එනම් නොවැම්බරයේ මුල වන විට එය හය ගුණයක් දක්වා වර්ධනය වී ඇත. එනම් Android පරිහරණයට යොමු වීමේ සීඝ්‍රතාව හය ගුණයකින් වැඩි වී ඇත. සෑම වසරකම Android විසින් නවතම Nexus දුරකතනයක් නිකුත් නොකරන්නට මේ තත්ත්වය මෙසේ නොවන්නට ඉඩ තිබිණ.

San Francisco හි Bloomberg මූලස්ථානයේ දී Mary Meeker නැමැත්තිය පවසා ඇති අන්දමට 2012 වසරේ පළමු කාර්තුවේ දී අන්තර්ජාලය සහිත Android උපාංග වල බෙදා හැරීම Microsoft සමාගමේ Windows සහිත උපාංග බෙදා හැරීමට සාපේක්ෂව ඉතිහාසයේ පළමු වතාවට ඉක්මවා ගොස් ඇති බවය. ඒ අනුව 2012 වසරේ පළමු මාස තුන ඇතුලත දී දළ වශයෙන් බෙදා හැර ඇති Windows පරිගණක මිලියන 82 ක ප්‍රමාණය Android උපාංග මිලියන 90 ක් බෙදා හැරීම මගින් මෙසේ ඉක්මවා ගොස් තිබෙනවා.

ඇය තව දුරටත් පවසා සිටින්නේ 2013 වසරේ දී එක් කාර්තුවක දී Android උපාංග මිලියන 160 ක් පමණ බෙදා හරිනු ඇති බවයි. ඒ අනුව Windows මිලියන 100 ක් ද, iOS මිලියන 80 ක් ද වශයෙන් විය හැකිය. එම කාලය වන විට ලොව පුරා සාමාන්‍ය ජංගම දුරකතන භාවිතා කරන්නන් බිලියන 5 ක් වනු ඇති අතර, ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන්නන් බිලියනයක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබෙනවා. මෙම අගයන් ඉතා ඉක්මණින් වෙනස් විය හැක.

පෙර වාර්තා වූ ආකාරයට තුන් වන කාර්තුවේ දී බෙදා හරින ලද සෑම දුරකතන 4 කින් 3 ක් ම Android මෙහෙයුම් පද්ධතිය සහිත වීය. 75% ක වෙළඳපොළ කොටසක් සහිතව Android හට Apple සමාගම 50% කට පමණ ආසන්න ප්‍රමාණයකින් පසුබෑමට ලක් කිරීමට හැකියාව ලැබී ඇත. නමුත් මේ තරඟකාරීත්වයට Apple සමාගම බිඳ නොවැටී පැවතිය යුතු වන්නේ Android හි ශක්තිය පෙන්වාලීමට එය හොඳ තරඟකරුවකු වන බැවිනි.

Tuesday, November 6, 2012

Android ට සුභ උපන්දිනයක්

ඉතාමත්ම කුඩාවට Android ආරම්භ වූයේ 2007 වසරේ නොවැම්බර් මස 5 වැනිදායි. "Open Handset Alliance" මගින් Android යනු සියළුම ජංගම උපාංග නිශ්පාදකයන් හට විවෘතව යොදා ගත හැකි නවතම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියක් ලෙස එවකට දී හඳුන්වා දෙන ලදී.

Android එළි දැක්වීමට ප්‍රථමව Google සමාගම නිහඬව එහි නිර්මාණ සැලසුම් සඳහා ඊට වසර 2 කට පෙර එනම් වර්ශ 2005 සිට ම දායක වෙමින් පැමිණියේ Android Inc නැමැති ආයතනය ද මිලට ගනිමිනි.

වසර 2009 දී Android කරළියට පැමිණියේ HTC සමාගමේ Dream නැමැති ජංගම දුරකතනයත් සමගයි. නමුත් ජංගම දුරකතන වෙළඳපොළෙහි 75% ක පමණ කොටසකට හිමිකම් කීමට එයට හැකි වී ඇති බව මේ වන විට සනාථ වී හමාරයි.

වසර 3 කට ඉහත දී දුරකතනයක් හරහා එසේ ප්‍රකට වූ Android මෙහෙයුම් පද්ධතිය 2012 වසරේ අග භාගය වන විට ලබා ඇති දියුණුව සහ වෙනස්කම් අතිශයින්ම ඉහළ මට්ටමක පවතී. දැන් දැන් Single core, 500MHz ප්‍රොසෙසර සහ තත්ත්වයෙන් බාල තිර භාවිතයෙන් ඉවත්ව Dual core ප්‍රොසෙසර සහ ඉහළ තත්ත්වයෙන් යුතු HD තිර යොදා ගනිමින් Android සහිතව නිපදවෙන ජංගම උපාංග Quad core ප්‍රොසෙසර භාවිතා කරමින් ද නිශ්පාදනය වීම මේ වන විට ආරම්භ වී ඇත.

දියුණු වන මෙවන් ජංගම උපකරණ වල තාක්ෂණයත් සමග ම ඊට අනුගාමීව ඒ තාක්ෂණය මෙහෙයවීම සඳහා Android ද මේ වසර කිහිපය ඇතුලත දී Android 1.5 Cupcake හි සිට Android 4.2 Jelly Bean දක්වා වෙනස් වෙමින් දියුණු වී ඇති ආකාරය ද සිත් ගන්නා සුළුය. එමෙන්ම එහි ඉදිරිය ද බෙහෙවින් සිත්ගන්නා සුළු වනු ඇත.


Monday, November 5, 2012

LG Nexus 4 මිල ඉහළ යයි

අන්තර්ජාලයෙන් අළුතෙන් ම වාර්තා වන අසුභදායක පුවතක් පිළිබඳව අවධානය යොමු කිරීමටයි මේ සැරසෙන්නේ. එනම් දෙසතියක්ටත් නො අඩු කාලයක් තුල Google සමාගම විසින් එළි දැක්වුණු LG සමාගමේ Nexus 4 ස්මාර්ට් ජංගම දුරකතනය පාරිභෝගිකයන් මිල දී ගන්නා ස්ථානය අනුව එහි මිල විශාල වෙනස්කමකට භාජනය වීමේ හැකියාවක් පවතින බව වාර්තා වෙනවා.

මෙනිසා LG Nexus 4 දුරකතන ආකර්ශනීය ඉතාමත් ම අඩු මිලකට මිල දී ගත හැකි එකම ස්ථානය Google Play Store වනු ඇති බවටයි බොහෝ දෙනාගේ මතය වන්නේ. එනම් ඇමරිකානු ඩොලර් 300 ක පමණ මිලකටය. ඒ හැරුණු කොට මෙම දුරකතනයේ සැපයුම්කරුවන් වන LG සමාගම හරහා Nexus දුරකතන ලබාගෙන අලෙවි කරන අනෙක් සියළුම ස්ථාන වල මිල Google Play Store හි අගයට වඩා බෙහෙවින් ඉහළ යනු ඇත. දැනට වාර්තා වන දත්ත වලට අනුව මෙහි මිල යූරෝ 599 ක් නැතහොත් සාමාන්‍ය මිල මෙන් දෙගුණයක මිලක් වනු ඇත.

ඔබ Google සමාගම හරහා මෙය මිල දී ගනී නම් මේ පුවත එතරම් බලපාන ගැටළුවක් ඇති නොකළ ද වෙනත් ස්ථාන වලින් මිලදී ගැනීමට, එසේත් නැති නම් තම රටේ වෙළඳ සැල් වලින් ලබා ගැනීමට බලාපොරොත්තුව සිටී නම් මෙය ඔබේ බලාපොරොත්තු සුන් කරවන හෝ ඔබව පසුබෑමකට ලක් කරනා පුවතක් වනු නොඅනුමානය. කෙසේ නමුදු Google Play Store හරහා Google සමාගමට Nexus 4 ජංගම දුරකතනය අලෙවි කළ හැක්කේ ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, ස්පාඥ්ඥය, කැනඩාව, පෝට රිකෝ ඇතුලත්ව ඇමරිකා එක්සත් ජනපදය යන රටවලටය.

ඉහත සඳහන් රටවල ජීවත් නොවන සියල්ලන්ට ම LG සමාගමේ ඉහළ මිල ගණන් වලට යටත්ව මෙම දුරකතනය මිල දී ගැනීමට සිදු වනු ඇත. නැතහොත් වෙනත් මාර්ගයකින් ලබා ගැනීමට සිදු වනු ඇත.

Sunday, November 4, 2012

Android ආධිපත්‍යය ඉදිරියෙන්

ලෝකයේ ප්‍රථම Android දුරකතනය වන G1 දුරකතනය හඳුන්වා දීමෙන් වසර 4 කට පසු මේ වන විට ජංගම දුරකතන සහ උපාංග වෙළඳපොළෙහි ප්‍රමුඛයන් වීමට Android හට හැකි වී තීබනවා. පිට වී ඇති IDC සංඛ්‍යා ලේඛණ වලට අනුව සියළුම ස්මාර්ට් ජංගම දුරකතන වලින් 75% ක් වන Android ධාවනය වන මිලියන 136 ක් වූ ස්මාර්ට් ජංගම දුරකතන ප්‍රමාණයක් මේ වසරේ තෙවැනි කාර්තුවේ දී විකිණී තිබෙනවා. ඉන් ඉතිරි 25% ට අයිති වන්නේ iOS 14.9% ක් ද, Blackberry 4.3% ක් ද, Symbian 2.3% ක් ද, Windows phone 2% ක් සහ Linux 1.5% ක් ද වශයෙනි.

වසරෙන් වසර දිස් වූ iOS හි 57.3% ක වැඩි වන බෙදාහැරීමේ ප්‍රතිශතය මෙවර Android හි 91.5% ක් වූ වැඩිවීමට සාපේක්ශව ඉතා අඩු තත්ත්වයකට පත්ව තිබෙනවා. තවත් අවධානයෙන් සිටිය යුතු කරුණක් වන්නේ Microsoft සමාගමේ Windows phone පසුගිය වසරට වඩා දෙගුණයක් තම උපාංග බෙදා හැරීම් සිදු කර ඇති බවයි. එනම් 1.2% ක තිබූ අගයේ සිට 2% දක්වා ය. HTC, Samsung සහ Nokia සමාගම් වලින් නිපද වූ Windows Phone 8 දුරකතන පෙළක් ම තිබීම හේතුවෙන් මෙම අගයන් නුදුරේදී ම ඉලක්කම් 2 ක අගයක් ලබා ගනු ඇති.

Thursday, November 1, 2012

Apple ට අධිකරණයෙන් බරපතල නියෝගයක්

පසුගිය ලිපි වලින් අප ඔබට Apple සමාගම සහ Samsung සමාගම අතර පවතින සීතල යුද්ධයේ තොරතුරු පැවසුවා. ඒ වගේම ඒවායේ අධිකරණ තීන්දු පිළිබඳවත් යම් තාක් අවබෝධයක් ඇතැයි කියා අප සිතනවා. මෑතක දී පැවැත්වුණු පේටන්ට් අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳව නඩු විභාගයකින් Apple සමාගමට පරාජය අත් වූවා. එනම් Samsung සමාගම Apple සමාගමේ iPad නිර්මාණය කොපි නොකළා යැයි තීන්දුව වශයෙන් ලබා දීම. මේ නිසා Samsung සමාගමට සිදු වූ කැළල හේතුවෙන් Apple සමාගමට, Samsung සමාගම තමාගෙන් කොපි නොකළ බව කියැවෙන දැන්වීමක් තම නිල වෙබ් අඩවියෙහි පළ කරනා ලෙස නියෝග ලැබුණා. මේ අනුව Apple සමාගම තම එක්සත් රාජධානිය වෙනුවෙන් වූ වෙබ් අඩවියේ අදාළ තීන්දුව පිළිබඳව පසුගිය දින වල ලිපියක් පළ කර තිබුනා. නමුත් Apple සමාගම අදාළ කරුණ එහි කියාපෑව ද එම ලිපිය හරහා ද Samsung සමාගමේ නමට කැළලක් ඇති කිරීමට පියවර ගනු ලැබුවා.

මෙම ලිපිය පළ කරනු ලැබුවේ ද ප්‍රමිතියකින් තොරව නිම වූ වෙබ් පිටුවක ය. ඒ සඳහා පිවිසිය හැකි සබැඳිය පවා තිබූයේ ඉතා කුඩාවටය. ඔවුන් තවදුරටත් තම ලිපිය හරහා Samsung සමාගම විසින් පේටන්ට් අයිතීන් උල්ලංඝණය කළ පෙර අවස්ථා පිළිබඳව ද සඳහන් කර තිබූ බවට වාර්තා වෙනවා. එමෙන්ම Samsung හි Galaxy ටැබ්ලට්ටුව iPad තරම් නොවනා බවත් එම ලිපියේ පවසා තිබෙනවා.

මෙම ලිපිය නිරීක්ෂණය කරනු ලැබූ එක්සත් රාජධානියේ අදාළ අධිකරණය Apple සමාගමට එම ලිපිය අදාළ නියෝගයට අනුකූල නොවූ හෙයින් නැවත වෙනස් කර පළ කරන ලෙසට නව නියෝගයක් ලබා දී තිබෙනවා. එමෙන්ම එම ලිපිය දෙසැම්බරයේ 14 වැනි දින දක්වා තම වෙබ් අඩවියේ තැබිය යුතු බව වැඩි දුරටත් දන්වා සිටිනවා. මේ සඳහා Apple සමාගම නිදහසට කරුණු ඉදිරිපත් කරමින් තර්ක කර ඇත්තේ අදාළ ලිපියෙහි නිවැරදි කරන ලද ලිපියක් පල කිරීමට ඔවුනට දින 14ක් පමණ ගත වන බවය. මේ පිළිබඳව අධිකරණ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ එය පිළිගත නොහැකි බවත්, හේතුව වෙනයම් කරුණක් බවයි.

කෙසේ නමුත් අදාළ නිවැරදි කිරීම සඳහා Apple සමාගමට දැන් පැය 48ක කාලයක් ලබා දි තිබෙනවා. එබැවින් Apple සමාගමේ එක්සත් රාජධානියට අදාළ වෙබ් අඩවිය පිළිබඳ සෝදිසියෙන් සිටීම මගින් මේ යුද්ධය කිනම් දෙසකට ඇදේදැයි නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත.

Samsung Galaxy Q හඳුන්වා දීමට යයි

Samsung සමාගම තම පළමු නැවිය හැකි ස්පර්ශ සංවේදී තිරයක් සහිත උපාංගය ලබන වසර ආරම්භයේ දී එළි දැක්වීමට සූදානමින් සිටිනා බව වාර්තා වෙනවා.

GT-B9150 යන සංකේත නාමයෙන් යුත් මෙහි අඟල් 5.3 ක පික්සල් විභේදනය 1280 x 672 ක් වන Super AMOLED HD DUAL තිරයක් පවතී. ආරංචි මාර්ග වලට අනුව මෙය Samsung Galaxy Q නමින් හැඳුන්වනු ඇති.

මේ සඳහා Samsung ආයතනය වේගය 1.7GHz ක් වන තම සමාගමේ ම නිර්මාණයක් වන Exynos 5 Cortex-A15 Dual Core නම් වන ප්‍රොසෙසරය යොදා ගනු ඇති. තව ද මෙහි මෙගා පික්සල් 8ක පසුපස කැමරාවක් සහ, මෙගා පික්සල් 2ක ඉදිරිපස කැමරාවක් පවතින අතර ගිගාබයිට් 2ක මතකයකුත්, NFC, Wi-Fi සහ Bluetooth තාක්ෂණයෙන් ද යුතු වනු ඇත. මේ සඳහා බලය සපයනු ඇත්තේ 3500mAh වන බැටරියකිනි.

මෙම උපාංගය කිනම් ආකාරයක Android අනුවාදයක් මගින් ක්‍රියා කෙරේද යන්න පිළිබඳව තවමත් වාර්තා නොවන්නක්. මන්දයත් නුදුරු අනාගතයේ දී මේවා මහා පරිමාණයෙන් නිශ්පාදනය වීමත් Android යාවත්කාලීන ඉතා වේගයෙන් ලැබීමත් ය.