දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Tuesday, August 27, 2013

Nexus 4 වල මිල $100 කින් පහතට

ඔබ Nexus දුරකතන වලට ප්‍රිය කරන්නෙක් ද? එසේ නම් මෙන්න කදිම අවස්ථාවක්. පසුගිය වසරේදී Google සමාගම විසින් නිකුත් කරනු ලැබූ ඔවුන්ගේ නවතම ජංගම දුරකතනය වන Nexus 4 අද දින (28-08-2013) සිට ඔබට පෙර මිලට වඩා ඩොලර් 100ක් අඩුවෙන් මිල දී ගැනීමට ඔවුන් තම Play Store හරහා ඉඩ ප්‍රස්ථාව සලසා දී ඇත. ඒ අනුව පෙර ඩොලර් 299 කට පැවති 8GB මාදිලිය දැන් ඩොලර් 199 කට ද, ඩොලර් 349 කට පැවති 16GB මාදිලිය ඩොලර් 249 කට ද ඔබට දැන් මිලදී ගත හැක. 


මෙහිදී පැවසිය යුතු ප්‍රධාන ම කරුණ නම් තවමත් ශ්‍රී ලාංකිකයන් හට සෘජුවම Google සමාගමෙන් Nexus උපාංග මිල දී ගැනීමට හැකියාව ලැබී නොමැති අතර මෙම දුරකතන සහ ටැබ්ලට් එම සුවිශේෂී අවම මිලටම ලබා ගැනීමට ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, කොරියාව, ජර්මනිය, ප්‍රංශය සහ ස්පාඥ්ඥය යන රටවල වෙසෙනා අයෙකු ලවා මිල දී ගෙන මෙරටට ගෙන්වා ගැනීමට සිදු වනු ඇත.

Wednesday, February 20, 2013

Qualcomm ගේ වේගවත් ආරෝපණය


Qualcomm සමාගම විසින් හඳුන්වා දෙන්නට යෙදුනු 40% කින් වේගවත් කරන ලද ආරොපණ හැකියාව සම්බන්ධ තාක්ෂණයේ පළමු සංස්කරණයෙන් (Quick Charge 1.0) මුසපත් වී සිටියා නම් දැන් ඔවුනගේ 2 වන සංස්කරණය අත්හදා බැලීමට කාලය උදා වෙමින් ඇත. ඔ ුනගේ Quick Charge තාක්ෂණික ක්‍රමවේදයේ දෙවැනි පරම්පරාවට අයත් මෙම දෙවැනි සංස්කරණය පිළිබඳව මේ වන විට ඔවුන් ප්‍රකාශයට පත් කර අවසන්.

ඔවුන් පවසන ආකාරයට මොවුනගේ මේ Quick Charge 2.0 යන්න මගින් ඔබෙගේ ස්මාර්ට් ජංගම දුරකතනය Quick Charge 2.0 නොමැති උපාංග වලට වඩා 75%ක වේගයකින් බලය සපයනු ඇත.

මෙම තාක්ෂණය ඔවුන්ගේ Snapdragon 800 චිපයේ අන්තර්ගත තනිවම ක්‍රියා කළ හැකි පරිපථයකින් හෝ බලශක්තිය කළමණාකරණය සිදු කෙරෙන කොටසේ පවතින්නක් විය හැකි වන අතර ම බිත්ති චාර්ජරයේ ම පැවතිය හැක්කක් ද විය හැකිය.

Qualcomm ආයතනය පවසන ආකාරයට පවතින බිත්ති චාර්ජර නිර්මාණ මාවතේ ම ගිය ද Quick Charge 2.0 වොට් 60 ක බලයක් ලබා දීමට සමත් වන්නක් බවත්, මේ උපාංග 2014 ට පෙර බලාපොරොත්තු විය නොහැකි බවත් අවධාරණය කරනවා.

Thursday, January 3, 2013

Amazon ගෙන් Android Mini PC

ඔබට ඕනෙම තැනක පහසුවෙන් ගෙන යා හැකි පරිගණකයක් තිබුනොත් කොහොම වේවි ද? මෙසේ කී විගස ම ඔබේ මතකයට පැමිණෙන්නේ ලැප්ටොප් පරිගණක නැති නම් ටැබ්ලට් පරිගණක පිළිබඳවයි. නමුත් මේ ද්විත්වය ම බරින් වැඩි, තරමක් විශාලත්වයෙන් යුතු උපාංග වේ. ලැප්ටොප් පරිගණකයට සාපේක්ශව ටැබ්ලට් පරිගණක බරෙන් අඩු වුවත් මේ දෙකෙන් එකක්වත් සාක්කුවක් තුල බහා රැගෙන යාමේ හැකියාවෙන් තොරයි. මීට හොඳම විසඳුමක් පිළිබඳව අන්තර්ජාලයෙන් වාර්තා වෙනවා. එනම් Mini Android පරිගණකයි. මේවා ඇත්තෙන් ම වෙළඳපොළට පැමිණ දැනට යම්කිසි කාලයක් ගත වී හමාර වුවත් Amazon සමාගමේ වෙබ් අඩවිය හරහා මේවා ඇමරිකානු ඩොලර් 35 ක පමණ ඉතාමත් ම කුඩා මිලකට මිල දී ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා.


මෙම Mini MK802 හි ධාවනය වන්නේ Android 4.0 වන අතර එය ඕනෑම HDMI හැකියාව ඇති රූපවාහිණියකට හෝ මොනිටරයකට සම්බන්ධ කර එහි තිරය හරහා Android මෙහෙයුම් පද්ධතියේ කර ගන්නා කාර්යයන් බොහෝමයක් සිදු කර ගැනීමට හැකියාව ලබා ගත හැකියි. මෙම කුඩා උපකරණයේ ඇති තවත් වාසියක් වන්නේ එහි ඇති අමතර USB විවරය හරහා යතුරු පුවරුවක් හෝ මවුසයක් සම්බන්ධ කර වැඩ කරගෙන යාමේ හැකියාව ලබා දී තිබීමයි. තව ද මෙහි Wireless 802.11 b/g ග්‍රාහකයක් පවතින අතර එමගින් අන්තර්ජාලයේ සැරිසැරීමට ද හැකියාව ලැබේ. එහි ගබඩා ධාරිතාව Micro SD card මගින් ගිගාබයිට් 32 දක්වා වැඩි කර ගැනීමට හැකි වන අතර 1080p වීඩියෝ නැරඹීමට අවශ්‍ය හැකියාව ද ලබා දෙන්නකි.

මෙහි අංගයන් එසේ වුව ද Amazon මගින් මෙය මිල දී ගැනීමට හැක්කේ ඇමරිකානුවන්ට පමණකි. නමුත් eBay හරහා මෙම Android Mini PC ඕනෑම රටකට ගෙන්වා ගත හැක.