දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.
Showing posts with label Samsung. Show all posts
Showing posts with label Samsung. Show all posts

Monday, February 17, 2014

Nexus Story

It's been more than three months since the Nexus 5 has made an official public appearance, to be precise its release on October 31st last year, allowing people to place orders directly from Google's play store and the pure Google experience that is stuffed inside this gorgeous flagship device has dramatically changed the way people look at mobile devices. 


The Nexus story was quite a little bit old by now but when you look back how it has changed over time was pretty amazing. We have come a long way since the first Nexus device suitably named to the Nexus One announced in 2010. Now we are in the new generation of apparently, ultra powerful, ever evolving smartphones at this point. Nevertheless for whatever reason, when Google was going to release their new version of the Nexus device along with their sweetest version of Android layered around it into this new era, they didn't make a big deal about it with announcements and subsequent releases. For this search engine giant, publicity was never needed to be sought and still their recent Nexus devices sold out in minutes like hot dogs out of the stove.

After the successful Nexus 4, it's clear that Google has built up a relationship with LG for the following Nexus, which made both devices sold out in first few minutes as it was first released for placing orders. Unlike other flagship contenders like Samsung Galaxy S4 and HTC One, everybody was quite anticipated to see how would it look, what features would it sport and who would take the challenge to cater the demand by manufacturing it for Google. Speculations twirled around the tech savvy people letting them wait for the successor to the previous Nexus, the 5th of its kind.

Nexus 5 was made after LG's own flagship smartphone named LG G2, designed with a minimal yet more premium and sophisticated look and feel, having almost of all its features trimmed a little bit down to match the Google's low price point starting at 350 dollars for the 16GB version. It first came with two color choices say black and white and now it's available in bright red too. The competitive specifications of Nexus 5 were good enough to bring a great smartphone experience as a reference device for the industry and for developers or general consumers, bundled with pure and powerful updated Android experience currently available unlike the predecessors. Most importantly the main advantage in Nexus devices is quick over the air Android updates.

Google uses their Nexus line to introduce the latest version of Android operating system and this time they released the tastiest Android experience they have ever made Android 4.4 KitKat with new user interface improvements and other eye-catching features that comes only available for the Nexus 5 at the moment. The new Google Experience launcher provides translucent notification and navigation bars with a second home screen fully dedicated to 'Google Now' with the ability to initiate voice searches by simply saying "Okay Google" when you are in any home screen. The updated camera was improved to produce better image quality with clear and saturated colors as a result of optical image stabilization plus incremental updates to Android KitKat in order to make the imaging experience more serviceable. Initially the downside of the Nexus 5 was its battery life and it's not as pathetic as it seems on average usage, but someone would feel like reaching for the charging cable earlier than any probably it should compared to competitors. 

With the Nexus 5, you are getting exactly what you are needed without having any bloatware or heavy applications that provides sky high features. It is a phone that suits the daily drive, because it is simple and it does what you need to do without giving any fuss. A rumor which started circulating a few weeks back stated that we might have to rely on much expensive Google Play edition devices to get our hands on pure Android experience, as it seems the Nexus line might come to an end this year, which surely is not a good news for many consumers. So let's have our fingers crossed until 2015 to see these rumors to get some backing. Till then enjoy pure Android on Nexus.

Thursday, December 27, 2012

Samsung Galaxy S4 hands-on video

Samsung has already set their targets and strategies for the new year 2013. They have been quite busy during the past year building the best smartphones for the community whose needs are being developed every minute. As we all know, their flagship phone, Galaxy S3 could bring their name to the top of the lists compared to all the other mobile manufacturers out there who are still willing to give Samsung a competition.

As the new rumors are developing, their next flagship mobile is going to be the youngest brother of the Galaxy S family but one the most powerful mobile phones available as of the date it's unveiled in the mid 2013. The phone is going to be named as Samsung Galaxy S4 with the model number GT-I9500. Yet the features of this phone have not properly revealed but most believe that this device would be facilitated with astonishing features engineered with cutting-edge technologies.

However in the past few days a video featuring Galaxy S4 has leaked unofficially with the device and its features shown during the playback and Samsung has not confirmed anything regarding the video yet as it was published by Rozetked. So far this is the first hands-on video with the handset. But this video nicely depicts the handy look and the beauty of the rumored Galaxy S4 with a sense of a suitable music in the background.

According to this video it says this mobile is thinner and lighter than both Galaxy S3 and iPhone 5. Furthermore it features a 1080p Grand AMOLED display accompanied by a 13 megapixel rear camera and a 2GHz Quad Core processor, which may run the next Android version, Android 5.0 Key Lime Pie. As the video shows the laser keyboard looks nice and it is unlikely to expect the device with Android 5.0 and may be with pre-installed Android 4.2.x.

Still this video being a mock-up hands-on, we can expect more features and technical specifications plus the exact look of the real Galaxy S4 in the coming days. Let us see what can Samsung introduce in the new year that can compete the current high end smartphones.



Wednesday, December 19, 2012

2013 ට අනාවැකි 13 ක්

එළැඹෙන 2013 වසරේ දී Android හි කිනම් වෙනස්කම් සිදු වේද? Android හා සම්බන්ධ වූ නොයෙක් ක්ෂේත්‍රයන්ගේ කිනම් වෙනසක්, වර්ධනයක් සිදු වේද? නවමු නිර්මාණ කොපමණක් එළි දකීවිද? අන්තර්ජාලයෙන් වාර්තා වන මේ සම්බඳ අනාවැකි 13ක් පිළිබඳවයි මේ කියන්නට යන්නේ. මේවා තවමත් දකින්නට නොමැති නමුත් ඉදිරි වසරේ දී දැකීමට ලැබෙතැයි අනුමාන කළ හැකි අනාවැකි කිහිපයක් බව මතක තබා ගන්න.

1. Google සමාගම T-Mobile ජාලය වෙනුවෙන් MVNO නිකුත් කිරීම
Google සමාගම Dish ජාලය සමග එකතුව wireless සේවාවන් ලබා දීමට යන බවට කට කතාවක් පැතිර පවතී. එසේ නමුත් Google සමාගම T-Mobile සමග ගිවිසුමක් අත්සන් කර 2013 වසරේ මැද භාගයේ දී T-Mobile සමාගම 4G LTE ජාලය ඇරඹුමත් සමග ම අතථ්‍ය දුරකතන ජාලයක් බවට පත් කිරීමේ හැකියාවක් ඇත.

2. Sony සමාගම Android උපාංග සඳහා Gaikai නිකුත් කිරීම
Gaikai යනු cloud ජාල අවකාශයේ සෙල්ලම් කළ හැකි විඩියෝ ක්‍රීඩාවක්. ඉතා හොඳ මට්ටමේ පවතින මෙම ක්‍රීඩාවේ Android සඳහා වූ අනුවාදය නිකුත් වී නොමැත. Sony සමාගම විසින් මේ වසරේ දී Gaikai මිලදී ගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 380 කටය. එබැවින් Sony සමාගමට මේ පිළිබඳව 2013 වසර සඳහා දිගු කාලින සැලසුම් ඇති බවක් පෙනී යයි. PS3 ක්‍රීඩා ජනප්‍රිය වූවාක් මෙන්ම ජංගම දුරකතන සඳහා වූ PS4, Gaikai සමග 2013 දී ඉදිරියට එනු ඇතැයි සිතිය හැක.

3. Google TV සඳහා Wireless හැකියාව ලැබීම
Google සමාගමේ රූපවාහිණී සඳහා "Miracast" වැනි wireless තාක්ෂණය හරහා ජංගම උපාංග මගින් ශ්‍රව්‍ය දෘශ්‍ය පට හුවමාරු කරමින් රසවිඳීමේ හැකියාව, තවත් වැඩි දියුණු කරන ලද අතුරු මුහුණතක් ද සමග එලැඹෙන වසරේ එළි දැක්වෙන Android 5 සංස්කරණය තුලින් Google TV වෙත ලැබිය හැකිය.

4. HTC සමාගම One X2 නමැති දුරකතනයක් සියළුම ඇමරිකානු දුරකතන ජාල සඳහා නිපදවීම
Samsung සමාගම තම Galaxy S3 ඉහළට ගෙන ඒමට සමත් වූවාක් මෙන්ම ලබන වසරේ දී HTC සමාගම තම ප්‍රමුඛ පෙළේ One X2 මාදිලියේ දුරකතනය ලබන වසරේ මැද භාගයේ දී ඇමරිකානු දුරකතන ජාල සඳහා ඉදිරියට ගෙන එනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

5. Nexus 4 දුරකතන මිලියන 10 ඉක්මවා අලෙවි වීම
Nexus දුරකතන මේ දක්වා පෙන්නුම් කළේ මන්දගාමී අලෙවියක් වුව ද Nexus 4 එම තත්ත්වය වෙනස් කර ඉතා ඉහළ ඉල්ලුමක් පෙන්නුම් කළ දුරකතනයක් වූ හෙයින් ලබන වසරේ දී මෙම Nexus 4 දුරකතනය මිලියන 10 කට අධික ප්‍රමාණයකින් LG සමාගම බෙදාහැරිය හැකිය.

6. Motorola සමාගම Nexus RAZR නමින් දුරකතනයක් එළි දැක්වීම
Nexus දුරකතනයක් නිපදවීමට තරම් වැඩි කාලයක් Google සමාගම Motorola සමාගම ලබාගෙන නොසිටි නමුත් ලබන වසරේ දී Google සහ Motorola සමාගම් ද්විත්වය නව Nexus දුරකතනයක් Motorola Nexus RAZR නමින් එළි දැක්වීමට ඉඩ ඇත.

7. Huawei හෝ ZTE සමාගම් $99 ක Nexus දුරකතනයක් නිකුත් කිරීම
Nexus දුරකතන පිළිබඳව කතා කිරීමේදී Google සමාගම වෙනත් දුරකතන නිපැයුම් සමාගම් සමග අත්වැල් බැඳ එනම් Huwawei හෝ ZTE සමාගම් හා එක්ව ඇමරිකානු ඩොලර් 99 ක මිලට Nexus දුරකතනයක් එළි දැක්වීමට හැකියාවක් උදා විය හැක.

8. Sony සමාගමේ Smartwatch 2 කරළියට පැමිණීම
Sony Smartwatch, Pebble, සහ Metawatch Strata වැනි Android මගින් ක්‍රියා කෙරෙන ස්මාර්ට් අත් ඔරලෝසු මේ වසරේ දී නිකුත් වුවත් ඒවාට වැඩි ජනප්‍රියතාවක් හිමි නොවූ හෙයින් ලබන වසරේ දී Sony සමාගම සිහින් සහ අවම මිලකට ස්මාර්ට් අත් ඔරලෝසු නිර්මාණය කරනු ඇත.

9. Samsung සමාගම ඇමරිකාවේ උපාංග වෙළඳසැල් විවෘත කිරීම
Samsung සමාගම පළමු විකුණුම් සැල පැරීසියේ දී විවෘත කරනු ලැබුවා. මේ වසරේ දී ඔවුන් විසින් විවිධ තාවකාලික විකුණුම් සැල් ඇමරිකාවේ සාප්පු සංකීර්ණයන් තුල ගොඩ නැගුව ද ලබන වසරේ දී ප්‍රධාන ප්‍රදේශ 25 ක ඔවුනගේ ස්ථිර විකුණුම් සැල් ගොඩ නගනු ඇති බවක් නිගමනය කළ හැක.

10. Intel චිප් තාක්ෂණය Android දුරකතන වලට පිවිසීම
Intel සමාගම ඔවුන්ගේ ම දුරකතන නිපදවා ඇති බවක් පෙනී ගිය හෙයින් ලබන වසරේ දී Intel සමාගම තම චිප් තාක්ෂණය Android දුරකතන වල අන්තර්ගත කිරීම පිළිබඳව පෙර නිගමනයකට එළැඹිය හැකිය.

11. NVIDIA සමගමේ Tegra 4 ප්‍රොසෙසරයට සුභ කළක්
ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ලබා දෙමින් NVIDIA සමාගමේ සිව් වන පරම්පරාවේ Tegra 4 ප්‍රොසෙසරය ලබන වසරේ දී නිකුත් විය හැකි අතර එම චිපය අන්තර්ගත ජංගම දුරකතන ද රැසක් වෙළඳ පොළට පැමිණිය හැක.

12. Amazon මගින් Android දුරකතනයක් එළි දැක්වීම
Amazon සමාගම දුරකතනයක් නිශ්පාදනය කරතැයි බොහෝ කලක සිට කටකතා පැතිරෙමින් තිබිණ. මේ හා සැසඳීමේදී 2013 දී Android දුරකතනයක් නිපදවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර එය Kindle Phone ලෙසින් නම් විය හැක.

13. HTC සමාගමේ Sense 5.0 අතුරු මුහුණතේ ආගමනය
ලබන වසරේ පැවැත්වෙන Mobile World Congress 2013 සමුළුවේ දී HTC සමාගම තම නවතම දුරකතනයන් හී පවතින Sense 5.0 අතුරු මුහුණත එළි දැක්විය හැකිය.

Tuesday, December 18, 2012

HTC M7 ගැන තොරතුරු පිට වෙයි

ජංගම දුරකතන ලෝකය නවමු මානයකට පිය නගනා බවක් දැන් දැන් පෙනී යනවා. මීට හේතුව නම් කුඩා තිර වලට සීමා වෙමින් තිබූ ජංගම දුරකතන අදාළ සීමාවන් අභිබවා විශාල තිර සඳහා යොමු වීම. මේ ප්‍රවණතාවට අනුව බොහෝමයක් දුරකතන නිශ්පාදන ආයතන මේ වන විටත් තම ජංගම දුරකතන මාදිලි වලට නවතම තාක්ෂණික ක්‍රමෝපායන් සහිතව විශාල සහ පැහැදිලි තිර සහිත දුරකතන පාරිභෝගිකයන් හට හඳුන්වා දීමට පෙළඹී ඇත. 

මෙසේ මෙම රැල්ලට හසු වූ මීළඟ දුරකතනය වන්නේ HTC සමාගම මගින් එළි දැක්වීමට නියමිත HTC M7 යන නාමය සහිත ස්මාර්ට් ජංගම දුරකතනයයි. HTC සමාගමෙන් මින් ඉහතදී එළි දැක්වූ HTC Butterfly J, Butterfly සහ Droid DNA යන මාදිලි ත්‍රිත්වය ම ඉහත කී නව පන්නයේ අඟල් 5 ක විශාල තිර සහිත දුරකතන මාදිලි වේ. නමුත් ඒ මාදිලි වලට මඳක් වෙනස් වෙමින් HTC One X/X+ හි පැවති අඟල් 4.7 ක තිරයක් සහිතව මෙම M7 දුරකතනය නිම වනු ඇත. මෙය ලබන වසරේ, එනම් 2013 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත Mobile World Congress 2013 දී බොහෝ විට එළි දකිනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කරයි. 

අඟල් 4.7 ක Full HD තිරයක් නොහොත් පික්සල් විභේදනය 1980 x 1080 වන, ලොව ප්‍රථම වරට අඟලකට ඇති වැඩිම පික්සල් ප්‍රමාණය ද සහිතව දොරට වඩිනා මෙම තිරය Super LCD 2 අභිබවා යන Solux තිරයකින් නිර්මාණය වී ඇත. මෙම තිරයෙහි එකී අඟලක පික්සල් ධාරිතාව පික්සල් 468 ක් පමණ වේ. එය මෙතෙක් ඇති මීට සමාන තිරයන්ගේ ඇති අඟලකට පික්සල් 440 ප්‍රමාණය අභිබැවූ මුල්ම තිරය වේ. මෙම M7 ජංගම දුරකතනයට ජවය සපයනු ලබන්නේ ලොව දැනට ඇති ඉතාමත්ම වේගවත් 1.7GHz ක Snapdragon S4 Pro ප්‍රොසෙසරයක් මගිනි. එමෙන්ම මතක ධාරිතාව ගිගාබයිට් 2 ක් ද, අභ්‍යන්තර ගබඩා ධාරිතාව ගිගාබයිට් 32 ක් ද වනු ඇත.

මෙහි එන තවත් සුවිශේෂී අංගයක් වන්නේ එහි ඇති සුපිරි මට්ටමේ කැමරාවයි. එනම් f/2.0 ක් වූ කාචයක් සහිත, CineSensor තාක්ෂණයෙන් හෙබි, මෙගා පික්සල් 13ක පසුපස ප්‍රධාන කැමරාවයි. වාර්තාවන්ට අනුව HD වීඩියෝ පටිගත කිරීමේ හැකියාව සහ ඉතාමත් ම මන්දගාමී (super slow motion) වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ද පවතී. මෙහි හඬ සඳහා බලය සපයන්නේ Beats Audio සහ Stereo speakers වේ. HTC M7 හි එන තවත් විශේෂ වෙනසක් වන්නේ මෙයට දැනට පවතින 802.11n wireless ජාල වලට වඩා වේගවත් 802.11ac wireless ජාල වලට සම්බන්ධ වීමේ හැකියාව පැවතීම. තව ද මෙයට බලය සපයනු ලබන්නේ 2300mAh බැටරියකිනි.

මේ සුපිරි ගණයේ ජංගම දුරකතනයට Samsung සමාගමේ දුරකතන අභිබවා යෑමට හැකි වේදෝයි ලබන වසර වන තෙක් බලා හිඳිමු.


Samsung Galaxy Grand

Samsung සමාගම Android 4.1.2 ධාවනය වන නවතම Galaxy Grand ස්මාර්ට් ජංගම දුරකතන ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙය බොහෝ දුරට Samsung Galaxy Note පෙළගැස්මේ සාමාජිකයෙක්දෝයි සිතෙන තරමටම හැඩරුවෙන් සමානතාවක් දක්වයි. මෙහි විශේෂත්වය නම් අඟල් 5 ක දීප්තිමත්, පැහැදිලි TFT තිරයක් පැවතීම, 1.2GHz Dual Core ප්‍රොසෙසරයකින් ජවය ලැබීම සහ මෙගාපික්සල් 8ක පසුපස කැමරාවක් පැවතීමයි. 

මෙහි කැමරා මෘදුකාංගය ඉතාමත් වේගයෙන් ක්‍රියා කිරීම මෙහි ඇති තවත් විශේෂත්වයක්. එනම් ඡායාරූප ගැනීමේ දී සිදුවන කාලය ගතවීම් මෙහිදී සිදු වන්නේ ඉතාමත් ම අඩුවෙන්. අඳුරු අවස්ථාවන් වලදී පවා ඡායාරූප ගැනීමේ හැකියාව මේ සඳහා ලබා දී ඇත. තව ද මෙමගින් Full HD වීඩියෝ ද පටිගත කළ හැකිය. 

මෙම දුරකතනය ද නිකුත් වන්නේ Samsung සමාගමේ TouchWiz අතුරු මුහුණත සමගින් වන අතර වැඩි දියුණු කරන ලද අංගයන්ගෙන් සමන්විතව, මෙතෙක් වීඩියෝ සඳහා පමණක් සීමා වී තිබූ PopUp Play හැකියාව එකවර වීඩියෝ 2ක් එකක් මත අනෙක PopUp අයුරෙන් ගෙන නැරඹීමේ Picture-in-Picture PopUp Play හැකියාව ද එක්වී ඇත. මීට අමතරව S Voice ද අන්තර්ගත කර ඇති අතර ස්පර්ශයන්ගේ චලන උපයෝගී කර ගෙන සිදු කර ඇති වෙනස්කම් ද පවතී. මෙම දුරකතනය පළමුව සිම් පත් 2 ක් සහිත GT-I9082 මාදිලි අංකයෙන් පැමිණෙන අතර සාමාන්‍ය තනි සිම් පතක දුරකතනය GT-I9080 ලෙසින් මාදිලි 2 කින් පැමිණේ. 

මෙම දුරකතනය නිර්මාණය කර ඇත්තේ Galaxy Note 2 වැනි උපාංග සඳහා ලඟා විය නොහැකි නමුත් විශාල තිරයන් අපේක්ශා කරනා පාරිභෝගිකයන් හටය. වාර්තාවන්ට අනුව මෙම දුරකතනයේ Galaxy Note හි මෙන් S Pen උපාංගයක් අන්තර්ගත නොවේ. 




Sunday, December 16, 2012

Sony EXYNOS ප්‍රොසෙසර යොදන්නට යයි


නව වසරට ඈඳෙන නව කට කතාවක් පිළිබඳවයි මේ කියන්නට යන්නේ. එනම් Sony සමාගම Samsung සමාගමේ EXYNOS ප්‍රොසෙසර තම ස්මාර්ට් ජංගම දුරකතන නිශ්පාදනයේ දී නව වසරේ සිට යෙදවීමට යන බවයි.

Samsung සමාගමේ මෙම EXYNOS ප්‍රොසෙසර ඔවුනගේ ජංගම දුරකතනයන්හි ඉතා මැනවින් ක්‍රියා කරවයි. නමුත් ගැටළුව නම් ඔවුන් එම ප්‍රොසෙසරය සම්බන්ධ දත්ත සහ කේත එතරම් ලෙහෙසියෙන් වෙනත් සමාගම් කෙරෙහි ලබා නොදීමයි. එනම් එම ප්‍රොසෙසරය හා සම්බන්ධ විය හැකි Custom ROM නිර්මාණය කිරීම උදෙසා වන ක්‍රමලේඛ දත්ත පිටතට ලබා නොදීමයි. එබැවින් බොහෝ සංවර්ධකයන් මේ පිළිබඳව සතුටුදායක බවක් නොදක්වයි. මේ හේතුව නිසාවෙන් ඔවුන් බොහෝ දෙනා Sony සහ HTC වැනි ආයතන කෙරෙහි යොමු වීම ද දක්නට ලැබේ.

කෙසේ නමුත් බොහෝ මෘදුකාංග සංවර්ධකයින් Samsung සමාගම මෙහි ලිපි ගොනු ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින්නේ ඉතා හොඳ සහ ඉක්මන් Custom ROM නිපදවීමේ අදිටනිනුයි.


Thursday, December 13, 2012

Samsung Galaxy S II Plus


මෙම නවතම දුරකතනය බොහෝ සෙයින් Samsung Galaxy S II ස්මාර්ට් ජංගම දුරකතනයට බෙහෙවින් සමානතාවයක් දක්වනවා. Samsung සමාගම මෙම නවතම දුරකතනය එනම් Samsung Galaxy S II Plus එහෙත් නැතිනම් GT-I9105 මාදිලි නාමයෙන් හඳුන්වන දුරකතනය Chic White සහ Dark Blue යන වර්ණ ද්විත්වයෙන් ඉදිරිපත් කිරීමට සැරසෙන බවයි අන්තර්ජාලයෙන් වාර්තා වන්නේ.

මෙම දුරකතනයේ ඇති විශේෂාංග වලට යොමු වුවහොත් එය ගිගාබයිට් 8 මාදිලියකින් පමණක් වෙළඳපොළට පැමිණෙන බවයි පෙනී යන්නේ. එය එසේ පැමිණෙන්නට නියමිතව ඇත්තේ 2013 වසරේ පළමු කාර්තුව ඇතුලතදීයි. තව දුරටත් ලැබෙනා තොරතුරු වලට අනුව මෙම දුරකතනයේ Chic White වර්ණයෙන් යුතු දුරකතන හඳුන්වාදීමෙන් තෙවන සතියේ සිටත්, Dark Blue මාදිලියේ දුරකතන 5 වැනි සතියේ සිටත් බෙදා හැරීමට සූදනමින් පවතිනවා.

වාර්තා වන ආකාරයට මෙම දුරකතනය Android 4.1.1 හෝ 4.1.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර, අඟල් 4.3 ක පික්සල් විභේදනය 480 x 800 වන තිරයකින් සහ 1GHz ක Dual Core ප්‍රොසෙසරයකින් ජව ගැන්වෙමින් පැමිනෙන්නක්. මෙය මෙතෙක් පැවති Samsung Galaxy S II මාදිලියට වඩා ගුණාංගයන්ගෙන් අඩු මට්ටමක පවතින දුරකතනයක් බව ඉන් පැහැදිලි වෙනවා.


Tuesday, November 13, 2012

Samsung Apple ට Chip නොදී චිප් කියයි


පසුගිය සතියේ දී Samsung සමාගම එක්සත් ජනපදයේ ඔස්ටින් හී දී ගොඩනගමින් සිටි ඔවුන්ගේ Chip නිෂ්පාදන කර්මාන්ත ශාලාව නවතා දැමීමට කිරීමට තීරණය කර තිබෙනවා. මේ නිශ්පාදනායතනය විශේෂයෙන් ම නිම වන්නට යෙදුනේ Apple සමාගම වෙනුවෙන් ඔවුන්ගේ උපාංග සඳහා අවශ්‍ය වන Chip ඉතා ඉක්මණින් ලබා දීමේ අරමුණෙනි. 

Apple සමාගම, තමන් වෙනුවෙන් Chip සපයන්නන් අතරෙන් Samsung සමාගම ඈත් කර තම ආයතනය විසින්ම තමන්ගේ ම Chip නිර්මාණකරණයට පිවිසීම නිසා ද, පසුගිය මාසයේ දී Apple සමාගම විසින් Samsung සමාගමෙහි සිටි Chip නිර්මාණකරු බඳවා ගැනීම ද මෙම තීරණයට ප්‍රධානත ම හේතූන් විය හැකිය.

අන්තර්ජාලයෙන් වාර්තා වන නවතම තොරතුරු වලට අනුව Samsung සමාගම iPhone සහ iPad සඳහා ඔවුන් නිර්මාණය කරනා ප්‍රොසෙසර වල මිල 20% කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. මීට හේතුව ලෙස සඳහන් වන්නේ Samsung සමාගම විසින් නව කර්මාන්ත ශාලාව ඉදි කිරීම සඳහා මුදල් සපයා ගැනීම ය. Apple සමාගම තවමත් Samsung සමාගමේ ප්‍රොසෙසර භාවිතා කරනා බැවින් Samsung සමාගමේ නියමයන්ට අනුගත වීමට ද සිදු වී ඇත.

පෙර මෙන් නොව මේ වන විට Apple සහ Samsung සමාගම් ද්විත්වය අතර පවතින විරසකයට හේතුව ඔවුන් අතර පේටන්ට් අයිතීන් වෙනුවෙන් පවතින අරගලයයි. එමෙන්ම මේ වන විට Samsung සමාගම විශාලතම ජංගම දුරකතන නිශ්පාදකයා වීම නිසා Apple සමාගමට පෙරලා පහර දීමට තීරණය කර ඇති බවක් පෙනී යයි.

තවත් වාර්තා වන ආරංචියක් වන්නේ පළමු iPhone දුරකතනයේ තිබූ දෑ එලෙසින්ම තවමත් තිබීමත්, Apple සමාගම iPhone හි කිසිදු නව්‍යකරණයක් සිදු නොකිරීමත් හේතුවෙන් Apple iPhone ලෝලීන් iPhone භාවිතයෙන් ඉවත් වෙමින් පවතින බවයි.

Samsung නඩු ගාස්තු Apple ගෙවයි


Apple සහ Samsung සමාගම් ද්විත්වය අතර සටනේ උණුසුම තවත් ඉහළ නැංවෙන තීන්දුවක් අදාළ එක්සත් රාජධානිය සහ වේල්සයේ අභියචනාධිකරණය මගින් නැවතත් නිකුත් කර තිබෙනවා. එනම් Samsung සමාගමට සිදු වූ අපකීර්තිය හේතුවෙන් සමාව ප්‍රකාශ කොට එක්සත් රාජධානියට අදාළ Apple වෙබ් අඩවියේ ලිපියක් පළ කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව දෙවැනි වරට නැවත නිවැරදි කොට පළ කරන ලද සමාව අයැදීමේ ලිපිය එක්තරා නොමග යැවීමක් මෙන්ම අදාළ කරුණු නිසි පරිදි සඳහන් නොවූවක් බැවින් Samsung සමාගමට මෙම නඩු හබය වෙනුවෙන් දරන්නට සිදු වූ සියළුම ගාස්තු නැවතත් එම සමාගමට වන්දිපූර්ණයක් වශයෙන් Apple සමාගම විසින් ගෙවිය යුතුය යනුවෙන් නව නියෝගයක් ලබා දීමයි.

Apple සමාගමට අපකීර්තියක් ලැබීමට සිදු වූ මෙම අධිකරණ නියෝගය හේතුවෙන් Samsung සමාගමට වැය වූ බොහෝමයක් වියදම් අකුරටම පියවීමට Apple සමාගමට සිදු වනු ඇති.

පසුගිය ඔක්තෝබරයේ දී මෙම නඩුවෙන් Apple සමාගමට පරාජය හිමි වූයෙන් එයට Samsung සමාගමෙන් සමාව අයැද ලිපියක් තම එක්සත් රාජධානියට අදාළ වෙබ් අඩවියේ පළ කරන්නට නියෝග ලැබුන ද ඒ හරහා ද Samsung සමාගමට කැළැලක් සිදු විණ. එමෙන්ම එම ලිපිය පැටලිලි සහගත වූවක් ද වීය. අධිකරණයේ පීඩනය මත Apple සමාගම නැවතත් නිවැරදි කරන ලද ලිපියක් පළ කරනු ලැබීය. නමුත් අභිමතයන් සපුරා නොලීම හේතුවෙන් සහ වෙබ් අඩවියට පැමිණෙන්නන්ට එය එක සැණින් දිස් නොවන අයුරෙන් අඩවියේ පහතින් ම එම ලිපියට යා හැකි සබැඳිය පළ කිරීම හේතුවෙන් මෙවන් නියෝගයක් අධිකරණය විසින් ලබා දීමට හේතු වී ඇත.

Monday, November 12, 2012

අද සිට Nexus සහ Android 4.2 ඔබට

අද නොවැම්බර් මස 13 වැනි දා. අද දවස Android ලෝලීන්ට විශේෂ වන හේතුවක් තිබෙනවා. එනම් පසුගිය මස 29 වැනි දා එළි දැක්වූ නවතම Nexus උපාංග පෙළ අද සිට මිල දී ගැනීමට ඇති හැකියාව. එනම් Google Play Store හරහා ඔබට අද සිට ඇණවුම් කර ලබා ගත හැකියි. නමුත් මේ සඳහා සැපිරිය යුතු කරුණු කිහිපයක් ම තිබෙනවා.

මීට බලපාන එක් කොන්දේසියක් නම් Google Play Store ශ්‍රී ලංකාවට බල නොපැවැත්වීම. වෙනත් අයුරකින් පවසනවා නම් ලාංකිකයන්ට එය හරහා කිසිදු උපාංගයක් අන්තර්ජාලය හරහා ලංකාවේ සිට ඇණවුම් කිරීමට නොහැකියි. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටක ජීවත් වන අයෙකු නම් පහසුවෙන් ම අන්තර්ජාලය ඔස්සේ මේ භාන්ඩ ඇණවුම් කර ලබා ගැනීමේ හැකියාව පවතී. එබැවින් ඔබට විදේශීය ප්‍රොක්සියක් භාවිතා නොකර Google Play Store හරහා කිසිදු භාණ්ඩයක් මිල දී ගැනීමට හැකියාව නොලැබෙනු ඇත. 

මීට අමතරව මෙවර දී Google Play Store විසින් තවත් කොන්දේසියක් පනවා තිබෙනවා. එනම් ඔබ යම් රටකට විවෘත Play Store එකක් හරහා ණය (Credit) කාඩ් පතකින් මුදල් ගෙවා ඇණවුමක් කරනවා නම් ණය කාඩ් පතෙහි ඇති ලිපිනයෙහි සඳහන් රට අදාල Play Store හි රටට සමාන විය යුතුයි. ඔබ සිතා සිටිනවා නම් විදේශයක සිටින්නෙකු හට ඔබේ කාඩ්පතේ තොරතුරු ලබා දී මෙම උපාංගයක් ලබාගෙන ඔවුන් හරහා ලංකාවට ගෙන්වා ගැනීමට, මෙවර දී එය සාර්ථක නොවනු ඇති.

ඉතින් මේ කොන්දේසි ද්විත්වයට යටත්වයි ඔබට නවතම Nexus උපාංග ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. එසේ නොහැකි නම් වෙනත් වෙළෙන්දෙකු හරහා මෙම උපාංග වල මිල මින් දෙගුණයක පමණ මුදලක් ගෙවා ලබා ගන්නට සිදු වනු ඇත. 

මීට අමතරව නවතම Android 4.2 Jelly Bean සංස්කරණය ද අද දින අනෙකුත් Nexus උපාංග සඳහා නිකුත් කර ඇත. මේ වන විට වාර්තා වන්නේ GSM සබඳතාව සහිත Galaxy Nexus ජංගම දුරකතන සඳහා පමණක් මෙම යාවත්කාලීනය ලැබී ඇති බවයි. නුදුරේදී ම ලාංකික ඔබ සැමටත් Nexus උපාංග පරිශීලනය කරමින් නවතම Android අත්දැකීම ද ලැබීමට හැකියාව උදා වෙනු ඇති.

Thursday, November 1, 2012

Apple ට අධිකරණයෙන් බරපතල නියෝගයක්

පසුගිය ලිපි වලින් අප ඔබට Apple සමාගම සහ Samsung සමාගම අතර පවතින සීතල යුද්ධයේ තොරතුරු පැවසුවා. ඒ වගේම ඒවායේ අධිකරණ තීන්දු පිළිබඳවත් යම් තාක් අවබෝධයක් ඇතැයි කියා අප සිතනවා. මෑතක දී පැවැත්වුණු පේටන්ට් අයිතීන් උල්ලංඝණය කිරීම පිළිබඳව නඩු විභාගයකින් Apple සමාගමට පරාජය අත් වූවා. එනම් Samsung සමාගම Apple සමාගමේ iPad නිර්මාණය කොපි නොකළා යැයි තීන්දුව වශයෙන් ලබා දීම. මේ නිසා Samsung සමාගමට සිදු වූ කැළල හේතුවෙන් Apple සමාගමට, Samsung සමාගම තමාගෙන් කොපි නොකළ බව කියැවෙන දැන්වීමක් තම නිල වෙබ් අඩවියෙහි පළ කරනා ලෙස නියෝග ලැබුණා. මේ අනුව Apple සමාගම තම එක්සත් රාජධානිය වෙනුවෙන් වූ වෙබ් අඩවියේ අදාළ තීන්දුව පිළිබඳව පසුගිය දින වල ලිපියක් පළ කර තිබුනා. නමුත් Apple සමාගම අදාළ කරුණ එහි කියාපෑව ද එම ලිපිය හරහා ද Samsung සමාගමේ නමට කැළලක් ඇති කිරීමට පියවර ගනු ලැබුවා.

මෙම ලිපිය පළ කරනු ලැබුවේ ද ප්‍රමිතියකින් තොරව නිම වූ වෙබ් පිටුවක ය. ඒ සඳහා පිවිසිය හැකි සබැඳිය පවා තිබූයේ ඉතා කුඩාවටය. ඔවුන් තවදුරටත් තම ලිපිය හරහා Samsung සමාගම විසින් පේටන්ට් අයිතීන් උල්ලංඝණය කළ පෙර අවස්ථා පිළිබඳව ද සඳහන් කර තිබූ බවට වාර්තා වෙනවා. එමෙන්ම Samsung හි Galaxy ටැබ්ලට්ටුව iPad තරම් නොවනා බවත් එම ලිපියේ පවසා තිබෙනවා.

මෙම ලිපිය නිරීක්ෂණය කරනු ලැබූ එක්සත් රාජධානියේ අදාළ අධිකරණය Apple සමාගමට එම ලිපිය අදාළ නියෝගයට අනුකූල නොවූ හෙයින් නැවත වෙනස් කර පළ කරන ලෙසට නව නියෝගයක් ලබා දී තිබෙනවා. එමෙන්ම එම ලිපිය දෙසැම්බරයේ 14 වැනි දින දක්වා තම වෙබ් අඩවියේ තැබිය යුතු බව වැඩි දුරටත් දන්වා සිටිනවා. මේ සඳහා Apple සමාගම නිදහසට කරුණු ඉදිරිපත් කරමින් තර්ක කර ඇත්තේ අදාළ ලිපියෙහි නිවැරදි කරන ලද ලිපියක් පල කිරීමට ඔවුනට දින 14ක් පමණ ගත වන බවය. මේ පිළිබඳව අධිකරණ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ එය පිළිගත නොහැකි බවත්, හේතුව වෙනයම් කරුණක් බවයි.

කෙසේ නමුත් අදාළ නිවැරදි කිරීම සඳහා Apple සමාගමට දැන් පැය 48ක කාලයක් ලබා දි තිබෙනවා. එබැවින් Apple සමාගමේ එක්සත් රාජධානියට අදාළ වෙබ් අඩවිය පිළිබඳ සෝදිසියෙන් සිටීම මගින් මේ යුද්ධය කිනම් දෙසකට ඇදේදැයි නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත.

Samsung Galaxy Q හඳුන්වා දීමට යයි

Samsung සමාගම තම පළමු නැවිය හැකි ස්පර්ශ සංවේදී තිරයක් සහිත උපාංගය ලබන වසර ආරම්භයේ දී එළි දැක්වීමට සූදානමින් සිටිනා බව වාර්තා වෙනවා.

GT-B9150 යන සංකේත නාමයෙන් යුත් මෙහි අඟල් 5.3 ක පික්සල් විභේදනය 1280 x 672 ක් වන Super AMOLED HD DUAL තිරයක් පවතී. ආරංචි මාර්ග වලට අනුව මෙය Samsung Galaxy Q නමින් හැඳුන්වනු ඇති.

මේ සඳහා Samsung ආයතනය වේගය 1.7GHz ක් වන තම සමාගමේ ම නිර්මාණයක් වන Exynos 5 Cortex-A15 Dual Core නම් වන ප්‍රොසෙසරය යොදා ගනු ඇති. තව ද මෙහි මෙගා පික්සල් 8ක පසුපස කැමරාවක් සහ, මෙගා පික්සල් 2ක ඉදිරිපස කැමරාවක් පවතින අතර ගිගාබයිට් 2ක මතකයකුත්, NFC, Wi-Fi සහ Bluetooth තාක්ෂණයෙන් ද යුතු වනු ඇත. මේ සඳහා බලය සපයනු ඇත්තේ 3500mAh වන බැටරියකිනි.

මෙම උපාංගය කිනම් ආකාරයක Android අනුවාදයක් මගින් ක්‍රියා කෙරේද යන්න පිළිබඳව තවමත් වාර්තා නොවන්නක්. මන්දයත් නුදුරු අනාගතයේ දී මේවා මහා පරිමාණයෙන් නිශ්පාදනය වීමත් Android යාවත්කාලීන ඉතා වේගයෙන් ලැබීමත් ය.



Monday, October 29, 2012

නව Nexus උපාංග පෙළ දැන් Google වෙතින්

ඔක්තෝබර් 29 වැනිදා පිළිබඳව Android ලෝලීන්ගේ තිබූ කඩ වුණු බලාපොරොත්තුවට නැවතත් පණ දෙමින් ඔවුනගේ සිහින බොඳ නොකරමින් Google සමාගම 29 වැනිදා ම ඔවුනගේ නවතම Nexus උපාංග පෙළ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එළි දැක්වීමේ උත්සවයක් නොපැවැත්වුව ද එහි අදහස එවන් අවස්ථාවක් මෙවන් නව පන්නයේ උපාංග එළි දැක්වීමක් සඳහා අත්‍යාවශ්‍ය ම නැති බවයි. එහෙයින් Google සමාගම මගින් Nexus පවුලේ නවතම සාමාජිකයන් මෙලෙස 29 වැනි දා අන්තර්ජාලය ඔස්සේ මුළු ලෝකයට ම නිරාවරණය කරනු ලැබුවා. ආරංචි මාර්ග වලට අනුව මේ වන විට මේ එළි දැක්වීමත් සමග ම Nexus පිළිබඳව කෙරෙන කතා බහ අනෙක් සියළුම එළි දැක්වීම් වලට වඩා වැඩි වී ඇති බව වාර්තා වනවා.

මෙලෙස Nexus පවුලට එකතු වන නවතම උපාංග වන්නේ LG සමාගමේ Nexus 4 ස්මාර්ට් ජංගම දුරකතනයත්, Asus සමාගමේ Nexus 7 ටැබ්ලට් පරිගණකයේ ගිගාබයිට් 32ක් වන මාදිලිය සහ Samsung සමාගමේ Nexus 10 ටැබ්ලට් පරිගණකයයි. මේ නිල ප්‍රකාශයත් සමග ම Google සමාගම තම Google Play Store වෙත නවතම Nexus උපාංග ත්‍රිත්වය ද ඒවායේ අනෙකුත් මාදිලි ද ඇතුලත් කොට යාවත්කාලීන කොට තිබෙනවා. මීට අමතරව පැවසිය යුතු අනෙක් කරුණ නම් මේ උපාංග වල ඇදහිය නොහැකි මිල ගණන්. මන්දයත් වර්තමාණයේ නම ගිය ජංගම උපාංග නිර්මාණ සමාගම් මගින් නිපදවන ලද මේ උපාංගයන් අන් සියළුම ජංගම උපාංග වලට සාපේක්ශව මිලෙන් ඉතා අඩු වීමයි.

LG Nexus 4 හි ගිගා බයිට් 8 මාදිලිය ඇමරිකානු ඩොලර් 299 කටත්, ගිගාබයිට් 16 මාදිලිය ඇමරිකානු ඩොලර් 349 කට නොහොත් පෙර දී Galaxy Nexus දුරකතනය පැවති මිල‍ට ම ලබා දීම සුවිශේෂී කාරණාවක්. තව ද, Samsung Nexus 10 ටැබ්ලට් පරිගණකයේ ගිගාබයිට් 16 මාදිලිය ඇමරිකානු ඩොලර් 399 කටත්, ගිගාබයිට් 32 මාදිලිය ඇමරිකානු ඩොලර් 499 කටත් සලකුණු කර තිබෙනවා. Nexus 7 ටැබ්ලට් පරිගණකයේ ගිගාබයිට් 16 මාදිලිය ඇමරිකානු ඩොලර් 199 කටත්, ගිගාබයිට් 32ක් වන නවතම මාදිලිය ඇමරිකානු ඩොලර් 249 කටත් ලබා දීමට නියමිතයි. මේ මිල ගණන් Apple සමාගමේ සියළුම උපාංග හා සසඳා බලද්දී ඉතාමත්ම අඩු මට්ටමක පවතින, පාරිභෝගිකයන්ට පහසු මිලකින් යුතු වන බැවින් Apple iPad, iPad Mini, iPhone 5 අභිබවා ජනතාව අතරට යතැයි සිතිය හැකිය. මේ උපාංග Nexus පාරිභෝගිකයන් හට ලබා ගැනීමට හැකි වනුයේ නොවැම්බර් මස 13 වන දා සිටයි.

Nexus 10 ටැබ්ලට්ටුවේ ඇති අංග පිළිබඳව නිල වශයෙන් නිකුත් වූ Google Play Store පිටුවෙහි ඇති විස්තර කෙටියෙන් සලකා බැලුවහොත්, පික්සල් විභේදනය 2560 x 1600 වන අඟලකට පික්සල් 300ක් වන, අඟල් 10.055 ක WQXGA තිරයකින් හැඩ වී Corning සමාගමේ Gorilla Glass 2 වීදුරුවකින් ආරක්ෂා වී පැමිණෙන්නක්. ග්‍රෑම් 603 ක බරින් යුතු, A15 Dual Core ප්‍රොසෙසරයකින් ජව සම්පන්නවත්, ගිගාබයිට් 2ක මතකයකිනුත්, මෙගා පික්සල් 5ක ප්‍රධාන සහ මෙගා පික්සල් 1.9ක ඉදිරිපස කැමරා වලීන් ද, NFC, Bluetooth, Wi-Fi සබඳතාවෙන් ද පෝශණය වී ඇත. මෙයට බලය සපයන්නේ 9000mAh වන Lithium Polymer බැටරියකිනි. තව ද Micro USB, Micro HDMI විවර ද මෙහි අන්තර්ගතය. ප්‍රමාණය පිළිබඳව සැලකුවහොත් මෙය දිගින් 263.9mm ක් ද, පළලින් 177.6mm ක් ද, ඝණකම 8.9mm ක් ද වේ.

ඉතින් Android ලෝලීන් හට සතුටුදායක මේ පුවත හදිසි වාතාවරණයක් යටතේ වුව ද Google සමාගම විසින් තම පාරිභෝගිකයන් කණස්සල්ලට පත් නොකරමින් ලබා දීම Google සමාගම පිළිබඳව යහපත් ප්‍රතිරූපයක් ඇති කර ගැනීමට හේතු වනු ඇත. නැවතත් අපට බලා සිටීමට මින් ඉදිරියට එකතු වන දින 2 වනුයේ තවමත් ප්‍රකාශයට පත් නොකළ මේවායේ හඳුන්වා දීමේ උත්සවය පැවැත්වෙන දිනය සහ නොවැම්බර් 13 වැනිදායි.




Sunday, October 28, 2012

Sandy නිසා Nexus එළි දැක්වීම කල් යයි

අන්තර්ජාලයේ තත්පරයෙන් තත්පරය අළුත් වන ජංගම උපාංග පිළිබඳ පුවත් වල දායකත්වයෙන් Google සමාගම කුමක් තම ජංගම උපාංග පරිශීලනය කරන්නන් වෙනුවෙන් නිකුත් කිරීමට යනවාදැයි යන්න පිළිබඳව මනා අවබෝධයක් Android ලෝලීන් හට දැනටමත් ලැබී ඇතැයි සිතිය හැකිය මන්දයත් ඔක්තෝබර් 29 වැනිදාට නිව්යෝක් නගරයේ දී Google සමාගම ඔවුනගේ නවතම නිර්මාණ පොදියක් ම තම පාරිභෝගිකයන් හට හඳුන්වා දීමට මේ වන විට සියළුම සැලසුම් ක්‍රියාත්මක වෙමින් පැවතුණු නිසා. 

නමුත් අදාළ දිනට එනම් 29 වැනිදාට පෙර දිනයේ දී ඇමරිකාවට හඹා ආ "Sandy" යන නාමයෙන් හඳුන්වන දරුණු සුළි කුණාටුවක් හේතුවෙන් මෙසේ 29 වැනිදාට පැවැත්වීමට නියමිතව සංවිධානය කර තිබූ උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවී ඇති බව Google සමාගම විසින් තම ආරාධිතයන් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් යවා තිබෙනවා. මේ උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ නිව්යෝක් නගරයේ අදාළ ස්ථානය ජල තීරයක් අසබඩ පැවතීමත්, එම ස්ථානයෙන් මේ වන විට සියළු දෙනා ඉවත් කරමින් පවතින බවත් අන්තර්ජාලයෙන් වාර්තා වනවා. නිව්යෝක් නගරය හදිසි ආපදා තත්ත්වයක පවතින බවට ප්‍රකාශයට පත් කොට ඇති බවත් වැඩි දුරටත් වාර්තා වනවා. 

ආරාධිතයන් වෙත Google සමාගම විසින් යවන ලද පණිවිඩය මෙලෙස වේ. 

"We are canceling our Monday morning event in New York due to Hurricane Sandy. We will let you know our plans as soon as we know more. 
Stay safe and dry, 
The Android Team" 

Google සමාගම 29 වැනි සඳුදා දිනයේ දී තම නවතම Android උපාංග වන LG සමාගමේ Nexus 4 ජංගම දුරකතනයත්, Samsung සමාගමේ Nexus 10 ටැබ්ලට් පරිගණකය හා Asus සමාගමේ Nexus 7 ටැබ්ලට් පරිගණකයේ ම ගිගා බයිට් 32ක ධාරිතාවකින් හෙබි වැඩි දියුණු කරන ලද ටැබ්ලට් පරිගණකයත් ලෝකයට හඳුන්වා දීමට නියමිතව පැවතියේ ය. එපමණක් නොව එදින දී Android මෙහෙයුම් පද්ධතියේ 4.2 වන අනුවාදයත් නිකුත් කිරීමටයි සැදී පැහැදී සිටිනු ලැබුවේ. 

දින නියමයක් නොමැතිව හදිසි තත්ත්වයක් හේතුවෙන් මෙසේ කල් ගිය, සියළු දෙනා බලා සිටි මෙම අවස්ථාව අනිවාර්යෙන් ම Google සමාගම තුලින් ඉතා ඉක්මණින් ම නැවතත් ඉදිරි දිනක දී පවත්වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. කෙනමුත් Google සමාගම මේ පිළිබඳව නුදුරේදී ම දැනුන්ම් දෙන බවත් පවසා තිබෙනවා.

Friday, October 26, 2012

Nexus 10 වල පිට වූ විස්තර සහ රූප

අලුතෙන්ම වාර්තා වන Nexus පුවත වන්නේ Samsung සමාගම විසින් මෙවර නිපදවන Nexus 10 ටැබ්ලට් පරිගණකයේ රූප සහ විස්තර පිට වී තිබීමයි. පසුගිය ලිපියකින් පල කරන ලද සේවා අත් පොතක පල වූ සටහන් වල ඡායාරූප වලට සමාන අන්දමේ ම ටැබ්ලට්ටුවකුයි මේ නිකුත් වී ඇති රූප වලිනුත් පෙන්නුම් කරන්නේ. මෙය, පැතිරුණු කටකතා ඉවතලා ඇස් පනාපිට ම දැන් දැක ගැනීමට ලැබීමෙන් තව දින 2 කින් එළි දැක්වෙන Nexus උපාංග අතරේ නවතම සාමාජිකයා බැව් වැටහෙනවා ඇති.

මේ ටැබ්ලට් පරිගණකය Android 4.2 හෙවත් දැනට වාර්තා වන අන්දමට Jelly Bean හි ම සංස්කරණයකින් ක්‍රියා කෙරවෙන්නක්. එනම් Android හි 4.2 වැන්න key Lime Pie ලෙසින් නාමකරණය නොවන්නක් බැව් ලැබෙනා ආරංචි මාර්ග වලින් තහවුරු වෙමින් පවතිනවා. Android 4.2 හි "Settings" මෙනුවෙහි නව්‍යකරණයක් සිදු කර ඇති බව මේ වන විට දැක ගැනීමට හැකි වී තිබෙනවා. මීට අමතරව තවත් කිනම් අංගයන් වල වෙනස්කම් සිදු වී ඇත්දැයි තවමත් හෙළි වී නෑ. 

Nexus 10 ටැබ්ලට් පරිගණකයේ අභ්‍යන්තරයේ අන්තර්ගතැයි පැවසෙන මේත් සමගම පිට වන විස්තර සහිත අංගෝපාංග ලැයිස්තුවෙහි අන්තර්ගත වන දෑ මෙලෙසය. එනම් Samsung Exynos 5250 1.7 GHz, Dual Core Cortex-A15 ප්‍රොසෙසරයක්, වඩා හොඳ රූප හැසිරවීම් සහ දර්ශණ සඳහා Mali-T604 GPU එකක්, ගිගාබයිට් 2ක මතකයක්, ගිගාබයිට් 16ක අභ්‍යන්තර ගබඩා ධාරිතාවක්, පික්සල් විභේදනය 2560 x 1600 ක් වන අඟලකට පික්සල් 298.9 ක් පවතින අඟල් 10.1 ක Super AMOLED තිරයක්, LED සැණෙලියක් සහිත මෙගා පික්සල් 5ක පසුපස කැමරාවක්, ඉදිරිපස කැමරාවක්, NFC පහසුකම, Wi-Fi සම්බන්ධතාව, Bluetooth 4.0 පහසුකමත්, ඉදිර්පස ඇති speakers යුගලයකිනුත් මෙය හැඩ වනු ඇත.

සුපුරුදු පරිදි මෙම Nexus ටැබ්ලට්ටුවෙහි ද අභ්‍යන්තර ධාරිතාව වැඩි කර ගැනීමට Micro SD කාඩ් සවි කර ගැනීමට නොහැකි වන අන්දමිනුයි මෙය නිර්මාණය වන්නේ. මෙයට හේතුව විය හැක්කේ Google සමාගම තම Google Drive හරහා Nexus පරිශීලකයන් හට ඉඩ කඩ සලසා දීමත්, ඒ සඳහා ඔවුන්ව පෙළඹවීමත් විය හැකිය. 

එළැඹෙන සඳුදා දිනය, මේ ටැබ්ලට්ටුව ද Nexus සහෝදර කැල අතරට එකතු වන දිනයක් වනු ඇතැයි බොහෝ Android ලෝලීන්ගේ එකම බලාපොරොත්තුවයි.








Thursday, October 25, 2012

Nexus 10 ගැන අළුත්ම තොරතුරු

Nexus යනු මේ දිනවල වැඩිපුරම තාක්ෂණික ලෝකයේ භාවිතා වන වචනයක් කීවොත් නිවැරදිය. ඒ තරමට ම Nexus උපාංග දැන් දැන් ජනතාව අතරට යමින් පවතිනවා. ඒ මින් පෙර සිදු වූවාටත් වඩා වැඩි අයුරකින් සහ බොහෝ දෙනා තව තවත් ඒ උපාංග මිලදී ගැනීමට පොළොඹවමිනි. මේ පුවතත් Google සමාගම Samsung සමාගම සමග එකතුව නිපදවන Nexus 10 වන අඟල් 10ක තිරයක් සහිත ටැබ්ලට් පරිගණකය පිළිබඳව අන්තර්ජාලයෙන් වාර්තා වන කරුණු කිහිපයක්. 

Nexus 10 ටැබ්ලට් පරිගණකය වෙළඳ පොළට ඒමට වැඩි කාලයක් නැති තරම්. එමෙන්ම එනමින් සත්‍ය වශයෙන් ම උපාංගයක් Samsung සමාගම නිපදවනා බවත් නොසැඟවිය යුතු, තවත් කටකතාවක් නොවන වගේම මේ වන විට තහවුරු වී ඇති පුවතක්. අන්තර්ජාලයෙන් වාර්තා වන Nexus 10 පිළිබඳ අළුත් ම තොරතුර වන්නේ එහි සේවා සඳහන් වී ඇති අත් පොතක් එසේත් නැත්නම් "Service Manual" එකක් පිට වී තිබීමයි. එහි මෙම ටැබ්ලට්ටුව කිනම් හැඩයක් ගනීදැයි දළ රූප මගින් මුද්‍රණය වී තිබීම මේ පුවත තවත් පෝශණය කරන්නක්. මීට අදාළ ඡායාරූප පළ කර ඇත්තේ කොරියානු වෙබ් අඩවියක් විසිනි. 

ඡායාරූප වල පෙනෙනා අන්දමට මෙම ටැබ්ලට්ටුව කැමරා 2 කින් ද, Stereo speakers වලින් ද, notification පෙන්වීම සඳහා LED එකකින් ද, Micro USB විවරයකින් ද, 3.5mm ප්‍රමාණයේ headset එකක් සවි කර ගත හැකි වීම සඳහා ඉඩකින් ද සමන්විත වේ. Android 4.2 මෙහි අන්තර්ගත විය හැකි අතර ජවය සපයන්නට Exynos 5250 dual-core Cortex-A15 වර්ගයේ ප්‍රොසෙසරයක් යොදා ගනු ඇතැයි ඇතැමෙක් පවසයි. මෙහි අඟල් 10.1 ක හෝ 11.8 ක් වන තිරයේ පික්සල් විභේදනය 2560 × 1600 වනු ඇත. එනම් අඟලකට පික්සල් 299ක් ලෙසිනි. 

Nexus 10 ටැබ්ලට්ටුවෙහි සංකේත නාමය "MANTA" ලෙසින් හඳුන්වන අතර එය ගිගාබයිට් 16 සහ 32 ප්‍රමාණ වලින් පැමිණෙනු ඇත. එහි වර්ණය වනුයේ අඟුරු වල ඇති අළු පැහැ වර්ණයකි. Samsung සමාගම මෙම ටැබ්ලට්ටුව හඳුන්වනු ලබන්නේ "GT-P8110" ලෙසිනි. 

ආරංචි මාර්ග වලට අනුව මෙම ටැබ්ලට් පරිගණකය තව දින කිහිපයකින් එළැඹෙන ඔක්තෝබර් 29 වෙනිදාට යෙදෙන Google සමාගමේ විශේෂ සමුළුවේ දී එළි දැක්වීමට නියමිත Nexus උපාංග කිහිපයෙන් එකක් විය හැකිය.



Wednesday, October 24, 2012

Apple නැවතත් පැරදේ

Samsung සහ Apple සමාගම් දෙක අතර පවතින සීතල යුද්ධය දැන් දැන් උණුසුම් වෙමින් පවතී. පසුගිය දා Apple සමාගම Samsung සමාගමට එරෙහිව ඉදිරිපත් කළ නඩුවෙන් Apple සමාගමට පරාජය හිමි වූයේ Apple සමාගමෙහි පේටන්ට් බලපත්‍ර වල සඳහන් ශිල්පීය අංග Samsung සමාගම විසින් තම උපාංග වල යොදා ගන්නවා යැයි කළ චෝදනාව නිශ්ප්‍රභා වීම හේතුවෙනි.

අන්තර්ජාලයෙන් වාර්තා වන අන්දමට නැවතත් Apple සමාගම Samsung සමාගම හමුවේ පරාජයට පත් වී තිබෙනවා. ඒ නෙදර්ලන්තයේ අධිකරණයක් වෙත Samsung සමාගමට එරෙහිව Apple සමාගම විසින් ගොනු කරන ලද තවත් පේටන්ට් බලපත්‍ර උල්ලංඝණය කිරීමක් පිළිබඳව වූ නඩු විභාගයකිනි. මෙම පේටන්ට් බලපත්‍රය මගින් Apple සමාගමට පේටන්ට් අයිතිය හිමිව තිබුනේ තිරය ස්පර්ශ සංවේදීතාව නිර්මාණයේ එක්තරා තාක්ෂණික ක්‍රමවේදයක් පිළිබඳවයි. 

එය එසේ වුව ද මෙම පරාජයත් සමග Apple සමාගමට Samsung සමාගම වෙත යූරෝ 216,000 ක් ගෙවීමට සිදුව තිබෙනවා. තව ද පසුගිය දිනෙක Apple සමාගමට තම පේටන්ට් අයිතියක්ව තිබූ "Rubber band scroll" නම් වූ පේටන්ට් අයිතිය ද අහිමි වී ගියා.

Friday, October 19, 2012

Apple ට අන්ත පරාජයක්

මෑතකදී Apple සමාගම විසින් තම පේටන්ට් අයිතීන් භාවිතා කිරීම වෙනුවෙන් Samsung සමාගමට විරුද්ධව ගොනු කළ නඩුවෙන් Apple සමාගම පරාජයට පත් වී තිබෙනවා. ඒ වගේම Apple සමාගම වෙනත් උසාවි තීරණයක් පිළිබඳවත් කළ අභියාචනයක් ලන්ඩන් හි උසාවියක් මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Apple හා සසඳද්දී Apple උපාංග වල ඇති සරල බව නිසාම Samsung සමාගමේ උපාංග එතරම් මට්ටමක නොපවතින බව එහි දී විනිශ්චයකාරවරයා විසින් පවසා ඇතත් Samsung සමාගම Apple හි නිර්මාණ අංග කොපි නොකරනා බව ද සඳහන් කර තිබෙනවා.

සත්‍ය වශයෙන්ම වාර්තා වන උසාවි නියෝගයට අනුව Apple සමාගමට ඇමරිකාවේ ප්‍රධාන පෙළේ පුවත් පත් හා සඟරා කීපයකත්, තම වෙබ් අඩවියේත් දැන්වීම් ප්‍රචාරය කිරීමට සිදුව ඇති අතර ඒ මන්දයත් Samsung සමාගම Apple හි නිර්මාණ කොපි කරනා බවට ගෙන ගිය වැරදි කියමන නිවැරදි කිරීම සඳහායි.

Apple වෙබ් අඩවියේ පළමු පිටුවෙහි Samsung සමාගම වෙනුවෙන් විශාල දැන්වීමක් පළ නොකෙරුණ ද එය වෙනුවෙන් “Samsung/Apple Judgement.” යනුවෙන් සබැඳියක් අඩවියේ පළ කෙරෙනු ඇත. Samsung සමාගම ඉල්ලා සිටින්නේ එසේ පළ කෙරෙනා සබැඳිය මාසයක්වත් Apple සමාගමේ වෙබ් අඩවියේ මුල් පිටුවෙහි තැබිය යුතු බවයි.

Saturday, October 13, 2012

LG Nexus 4 හි මිල

කටකතාවක් ව පැවත දැනට සත්‍ය වී ඇති LG සමාගම විසින් නිෂ්පාදනය කරනා Nexus 4 දුරකතනයේ මිල කෙසේ විය හැකිද? දුරකතනය කෙසේ නිම වෙතත් එය පාරිභෝගිකයන් කරා ලඟා කරවීම සඳහා බලපාන ඉහළ ම සාධකය වන්නේ එහි මිලයි. මේ නව ජංගම දුරකතනයේ මිල ගණන් පිළිබඳවද අන්තර්ජාලයේ කටකතා පැතිර යන්නේ ද පෙරසේ ම වීම පුදුමයට කරුණක් නොවේ. මන්දයත් Nexus ලෝලීන් මෙය ලබා ගැනීමට බෙහෙවින් උනන්දුවෙන් පසු වීමයි.

ඔක්තෝබර් 29 වනදා එළි දැක්වෙතැයි සිතනා LG Nexus 4 දුරකතනයේ අභ්‍යන්තර ධාරිතාව ගිගා බයිට් 8ක් වන දුරකතනය ඩොලර් 399ක් විය හැකි බව අන්තර්ජාලයේ විවිධ මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබෙනවා. Google සමාගම මෙහි ගිගා බයිට් 16ක් වන දුරකතනයකුත් නිකුත් කරාවි යනු බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි. මන්ද යත් දැනටමත් පවතින Samsung Galaxy Nexus දුරකතනය ගිගා බයිට් 16ක ධාරිතාවකින් පවතින්නක්. එබැවින් මෙම නව දුරකතනය ඊටත් වඩා අඩු වීම පිළිබඳව ජංගම දුරකතන පරිශීලකයින් පසුවන්නේ දැඩි කණස්සල්ලකින්. ඔවුන් එසේ අභ්‍යන්තර ගබඩා ධාරිතාව ගිගා බයිට් 16ක් වන දුරකතනයක් ද නිකුත් කළහොත් එය බොහෝ විට ඩොලර් 449ක් පමණ විය හැකි බවයි බොහෝ දෙනාගේ මතය.

දැනට පවතින Galaxy Nexus දුරකතනය ඩොලර් 349 කට Play Store හරහා මිලදී ගත හැකි නමුත් එහි අන්තර්ගත දෘඪාංග වර්තමානයේ පවතින දුරකතන නිර්මාණකරන තාක්ෂණ සමග බලද්දී යල් පණිමින් පවතින බවත් සඳහන් කළ යුතුයි. එබැවින් ඊට වඩා වැඩියෙන් ඩොලර් 50ක් හෝ වියදම් කිරීමෙන් දැනට පවතින හොඳම දුරකතන ප්‍රොසෙසරයක් වන Snapdragon S4 Pro ද, හොඳම තිරයක් වන True HD IPS+ ද, වැඩි දියුණු කළ කැමරාවක් ද, නව තාක්ෂණයකින් යුතු බැටරියක් ද ඇතුළුව අළුත්ම Android අනුවාදයක් ද ලබා ගත හැකි වේවි. 

බොහෝ දෙනා මෙහි අභ්‍යන්තර ගබඩා ධාරිතාවේ මදිකම පිළිබඳව කණස්සල්ලෙන් පසු වුවත් දැනට පවතින හොඳම Nexus දුරකතනය මෙය වන බව ද විශ්වාස කලාට වරදක් නොමැත. එබැවින් ඩොලර් 399 කට ඔබත් LG Nexus 4 දුරකතනයක් මිලදී ගන්න සිතනවා ද?


Samsung Nexus 10 ලබන වසරේ මුල් භාගයේදී

පසුගිය කාලයේ පැතිර ගිය තොරතුරක් ඔස්සේ සුපිරි මට්ටමේ Nexus 10 ටැබ්ලට් පරිගණකයක් මේ වසරේ අග දී එළඹෙන නත්තල් නිවාඩුවේදී ඔබ ලබන්නට සිටියා නම් එම බලාපොරොත්තුව මඳකට කල් දමා ගන්නට සිදුවන පුවතකුයි මේ. Nexus 10 පිළිබඳව පුවතක් එළි දැක්වූ පුද්ගලයා වන CNET හි බෲක් ක්‍රොදර්ස් නැමැත්තා විසින්ම මේ පුවතට තවත් කරුණු එක් කරමින් පවසා ඇත්තේ මෙම ටැබ්ලට් පරිගණකය ලබන වසරේ මුල භාගයේදී බලාපොරොත්තු විය හැකි බවයි. 

මේ ප්‍රමාදයට හේතුව කවරක් දැයි තවමත් පැහැදිලි වී නැත. එනමුත් මෙය මීලඟ පරම්පරාවේ තිරයක් සහ ප්‍රොසෙසරයක් අඩංගු වන්නක් වීමේ ප්‍රවණතාවක් පවතී. මෙම Nexus 10 ටැබ්ලට් පරිගණකය පික්සල් 2,560 x 1,600 ප්‍රමාණයක් සහිත තිරයක් අන්තර්ගත Samsung සමාගමේ Exynos 5 (ARM Cortex-A15) වර්ගයේ ප්‍රොසෙසරයක් ද අඩංගු වන්නක්. මේ ද්විත්වයම මේ වසරේ මුල සිටම ආඩම්බරකාර හැසිරීමකට හිමිකම් ලද උපාංග ද්විත්වයකි. නමුත් මේවා Samsung සමාගම විසින් විශාල වශයෙන් නිපැයීමේ දී ගැටළු වලට මුහුණ පෑවා විය හැකිය. 

කෙසේ නමුත් නවමු ප්‍රවේෂයක් ලබනා මැදි පරාසයක Nexus ටැබ්ලට් පෙළක්ම තිබීමත් සතුටුදායක කරුණක්. නමුත් මේ සඳහා ලබන වසරේ මුල වන තෙක් iPad සඳහා තරඟ වැදීමට අඟල් 10ක ටැබ්ලට් පරිගණකයක් පැමිණෙන තුරු බලා හිඳීමට සිදු වනු ඇත.