දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.
Showing posts with label Amazon. Show all posts
Showing posts with label Amazon. Show all posts

Thursday, January 3, 2013

Amazon ගෙන් Android Mini PC

ඔබට ඕනෙම තැනක පහසුවෙන් ගෙන යා හැකි පරිගණකයක් තිබුනොත් කොහොම වේවි ද? මෙසේ කී විගස ම ඔබේ මතකයට පැමිණෙන්නේ ලැප්ටොප් පරිගණක නැති නම් ටැබ්ලට් පරිගණක පිළිබඳවයි. නමුත් මේ ද්විත්වය ම බරින් වැඩි, තරමක් විශාලත්වයෙන් යුතු උපාංග වේ. ලැප්ටොප් පරිගණකයට සාපේක්ශව ටැබ්ලට් පරිගණක බරෙන් අඩු වුවත් මේ දෙකෙන් එකක්වත් සාක්කුවක් තුල බහා රැගෙන යාමේ හැකියාවෙන් තොරයි. මීට හොඳම විසඳුමක් පිළිබඳව අන්තර්ජාලයෙන් වාර්තා වෙනවා. එනම් Mini Android පරිගණකයි. මේවා ඇත්තෙන් ම වෙළඳපොළට පැමිණ දැනට යම්කිසි කාලයක් ගත වී හමාර වුවත් Amazon සමාගමේ වෙබ් අඩවිය හරහා මේවා ඇමරිකානු ඩොලර් 35 ක පමණ ඉතාමත් ම කුඩා මිලකට මිල දී ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා.


මෙම Mini MK802 හි ධාවනය වන්නේ Android 4.0 වන අතර එය ඕනෑම HDMI හැකියාව ඇති රූපවාහිණියකට හෝ මොනිටරයකට සම්බන්ධ කර එහි තිරය හරහා Android මෙහෙයුම් පද්ධතියේ කර ගන්නා කාර්යයන් බොහෝමයක් සිදු කර ගැනීමට හැකියාව ලබා ගත හැකියි. මෙම කුඩා උපකරණයේ ඇති තවත් වාසියක් වන්නේ එහි ඇති අමතර USB විවරය හරහා යතුරු පුවරුවක් හෝ මවුසයක් සම්බන්ධ කර වැඩ කරගෙන යාමේ හැකියාව ලබා දී තිබීමයි. තව ද මෙහි Wireless 802.11 b/g ග්‍රාහකයක් පවතින අතර එමගින් අන්තර්ජාලයේ සැරිසැරීමට ද හැකියාව ලැබේ. එහි ගබඩා ධාරිතාව Micro SD card මගින් ගිගාබයිට් 32 දක්වා වැඩි කර ගැනීමට හැකි වන අතර 1080p වීඩියෝ නැරඹීමට අවශ්‍ය හැකියාව ද ලබා දෙන්නකි.

මෙහි අංගයන් එසේ වුව ද Amazon මගින් මෙය මිල දී ගැනීමට හැක්කේ ඇමරිකානුවන්ට පමණකි. නමුත් eBay හරහා මෙම Android Mini PC ඕනෑම රටකට ගෙන්වා ගත හැක.

Wednesday, October 17, 2012

Google ගෙන් $99 ට Nexus ටැබ්ලට් එකක්

අන්තර්ජාලයෙන් වාර්තා වන අළුත්ම පුවත් අතරට එකතු වුන මේ පුවතත් Android ලෝලීන්ට සුභාරංචියක් වෙන්නට ද පුළුවන්. ඒ මන්දයත් Google සමාගම Asus සමාගම සමග එකතු වී මේ වසර අග වන විට තවත් Nexus ටැබ්ලට් පරිගණකයක් නිමවා මුදා හැරීමට යාමයි. Single Core ප්‍රොසෙසරයක් මෙහි අන්තර්ගත වේ යැයි ද එම පුවත් වල සඳහන්. නමුත් මේ සියල්ලක් ම තවමත් 100% ක්ම නිරවධ්‍ය නොවන බවත් පැවසිය යුතුයි. ඒ මන්දයත් මේ දිනවල බොහෝ සේ පවතින ජංගම උපාංග තරඟයත් සමගම මතු වෙන කටකතා ප්‍රමාණයද වැඩි වීමයි.


වාර්තා වන කරුණු වලට අනුව මෙම නව Nexus ටැබ්ලට්ටුවේ සියළු උපාංග එකළස් කරනු ලබන්නේ Qanta නැමැති ආයතනයක් මගිනි. ඒ සඳහා ඇර්‍M ප්‍රොසෙසර WonderMedia යන සමාගමක් විසින් සපයනු ලැබන අතර, තිර සැපයුම කරනු ලබන්නේ HannStar නැමැති සමාගමකි.

කෙසේ නමුත් Nexus 7 ටැබ්ලට්ටුවට තරඟයක් දීමට පැමිනෙතැයි හැඟවෙන Apple හි ඩොලර් 250 ක් පමණ වන iPad Mini ටැබ්ලට්ටුවත්, Amazon සමාගමේ Kindle Fire වැනි තරඟකාරීන් සමග සැප්පීමට තවත් තරඟකරුවෙක්ගේ පැමිණීම පවතින සීත යුධයන්ට රුකුලක් ද සපයනු ඇත.