දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Thursday, December 27, 2012

Samsung Galaxy S4 hands-on video

Samsung has already set their targets and strategies for the new year 2013. They have been quite busy during the past year building the best smartphones for the community whose needs are being developed every minute. As we all know, their flagship phone, Galaxy S3 could bring their name to the top of the lists compared to all the other mobile manufacturers out there who are still willing to give Samsung a competition.

As the new rumors are developing, their next flagship mobile is going to be the youngest brother of the Galaxy S family but one the most powerful mobile phones available as of the date it's unveiled in the mid 2013. The phone is going to be named as Samsung Galaxy S4 with the model number GT-I9500. Yet the features of this phone have not properly revealed but most believe that this device would be facilitated with astonishing features engineered with cutting-edge technologies.

However in the past few days a video featuring Galaxy S4 has leaked unofficially with the device and its features shown during the playback and Samsung has not confirmed anything regarding the video yet as it was published by Rozetked. So far this is the first hands-on video with the handset. But this video nicely depicts the handy look and the beauty of the rumored Galaxy S4 with a sense of a suitable music in the background.

According to this video it says this mobile is thinner and lighter than both Galaxy S3 and iPhone 5. Furthermore it features a 1080p Grand AMOLED display accompanied by a 13 megapixel rear camera and a 2GHz Quad Core processor, which may run the next Android version, Android 5.0 Key Lime Pie. As the video shows the laser keyboard looks nice and it is unlikely to expect the device with Android 5.0 and may be with pre-installed Android 4.2.x.

Still this video being a mock-up hands-on, we can expect more features and technical specifications plus the exact look of the real Galaxy S4 in the coming days. Let us see what can Samsung introduce in the new year that can compete the current high end smartphones.



Wednesday, December 19, 2012

2013 ට අනාවැකි 13 ක්

එළැඹෙන 2013 වසරේ දී Android හි කිනම් වෙනස්කම් සිදු වේද? Android හා සම්බන්ධ වූ නොයෙක් ක්ෂේත්‍රයන්ගේ කිනම් වෙනසක්, වර්ධනයක් සිදු වේද? නවමු නිර්මාණ කොපමණක් එළි දකීවිද? අන්තර්ජාලයෙන් වාර්තා වන මේ සම්බඳ අනාවැකි 13ක් පිළිබඳවයි මේ කියන්නට යන්නේ. මේවා තවමත් දකින්නට නොමැති නමුත් ඉදිරි වසරේ දී දැකීමට ලැබෙතැයි අනුමාන කළ හැකි අනාවැකි කිහිපයක් බව මතක තබා ගන්න.

1. Google සමාගම T-Mobile ජාලය වෙනුවෙන් MVNO නිකුත් කිරීම
Google සමාගම Dish ජාලය සමග එකතුව wireless සේවාවන් ලබා දීමට යන බවට කට කතාවක් පැතිර පවතී. එසේ නමුත් Google සමාගම T-Mobile සමග ගිවිසුමක් අත්සන් කර 2013 වසරේ මැද භාගයේ දී T-Mobile සමාගම 4G LTE ජාලය ඇරඹුමත් සමග ම අතථ්‍ය දුරකතන ජාලයක් බවට පත් කිරීමේ හැකියාවක් ඇත.

2. Sony සමාගම Android උපාංග සඳහා Gaikai නිකුත් කිරීම
Gaikai යනු cloud ජාල අවකාශයේ සෙල්ලම් කළ හැකි විඩියෝ ක්‍රීඩාවක්. ඉතා හොඳ මට්ටමේ පවතින මෙම ක්‍රීඩාවේ Android සඳහා වූ අනුවාදය නිකුත් වී නොමැත. Sony සමාගම විසින් මේ වසරේ දී Gaikai මිලදී ගනු ලැබුවේ ඇමරිකානු ඩොලර් මිලියන 380 කටය. එබැවින් Sony සමාගමට මේ පිළිබඳව 2013 වසර සඳහා දිගු කාලින සැලසුම් ඇති බවක් පෙනී යයි. PS3 ක්‍රීඩා ජනප්‍රිය වූවාක් මෙන්ම ජංගම දුරකතන සඳහා වූ PS4, Gaikai සමග 2013 දී ඉදිරියට එනු ඇතැයි සිතිය හැක.

3. Google TV සඳහා Wireless හැකියාව ලැබීම
Google සමාගමේ රූපවාහිණී සඳහා "Miracast" වැනි wireless තාක්ෂණය හරහා ජංගම උපාංග මගින් ශ්‍රව්‍ය දෘශ්‍ය පට හුවමාරු කරමින් රසවිඳීමේ හැකියාව, තවත් වැඩි දියුණු කරන ලද අතුරු මුහුණතක් ද සමග එලැඹෙන වසරේ එළි දැක්වෙන Android 5 සංස්කරණය තුලින් Google TV වෙත ලැබිය හැකිය.

4. HTC සමාගම One X2 නමැති දුරකතනයක් සියළුම ඇමරිකානු දුරකතන ජාල සඳහා නිපදවීම
Samsung සමාගම තම Galaxy S3 ඉහළට ගෙන ඒමට සමත් වූවාක් මෙන්ම ලබන වසරේ දී HTC සමාගම තම ප්‍රමුඛ පෙළේ One X2 මාදිලියේ දුරකතනය ලබන වසරේ මැද භාගයේ දී ඇමරිකානු දුරකතන ජාල සඳහා ඉදිරියට ගෙන එනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

5. Nexus 4 දුරකතන මිලියන 10 ඉක්මවා අලෙවි වීම
Nexus දුරකතන මේ දක්වා පෙන්නුම් කළේ මන්දගාමී අලෙවියක් වුව ද Nexus 4 එම තත්ත්වය වෙනස් කර ඉතා ඉහළ ඉල්ලුමක් පෙන්නුම් කළ දුරකතනයක් වූ හෙයින් ලබන වසරේ දී මෙම Nexus 4 දුරකතනය මිලියන 10 කට අධික ප්‍රමාණයකින් LG සමාගම බෙදාහැරිය හැකිය.

6. Motorola සමාගම Nexus RAZR නමින් දුරකතනයක් එළි දැක්වීම
Nexus දුරකතනයක් නිපදවීමට තරම් වැඩි කාලයක් Google සමාගම Motorola සමාගම ලබාගෙන නොසිටි නමුත් ලබන වසරේ දී Google සහ Motorola සමාගම් ද්විත්වය නව Nexus දුරකතනයක් Motorola Nexus RAZR නමින් එළි දැක්වීමට ඉඩ ඇත.

7. Huawei හෝ ZTE සමාගම් $99 ක Nexus දුරකතනයක් නිකුත් කිරීම
Nexus දුරකතන පිළිබඳව කතා කිරීමේදී Google සමාගම වෙනත් දුරකතන නිපැයුම් සමාගම් සමග අත්වැල් බැඳ එනම් Huwawei හෝ ZTE සමාගම් හා එක්ව ඇමරිකානු ඩොලර් 99 ක මිලට Nexus දුරකතනයක් එළි දැක්වීමට හැකියාවක් උදා විය හැක.

8. Sony සමාගමේ Smartwatch 2 කරළියට පැමිණීම
Sony Smartwatch, Pebble, සහ Metawatch Strata වැනි Android මගින් ක්‍රියා කෙරෙන ස්මාර්ට් අත් ඔරලෝසු මේ වසරේ දී නිකුත් වුවත් ඒවාට වැඩි ජනප්‍රියතාවක් හිමි නොවූ හෙයින් ලබන වසරේ දී Sony සමාගම සිහින් සහ අවම මිලකට ස්මාර්ට් අත් ඔරලෝසු නිර්මාණය කරනු ඇත.

9. Samsung සමාගම ඇමරිකාවේ උපාංග වෙළඳසැල් විවෘත කිරීම
Samsung සමාගම පළමු විකුණුම් සැල පැරීසියේ දී විවෘත කරනු ලැබුවා. මේ වසරේ දී ඔවුන් විසින් විවිධ තාවකාලික විකුණුම් සැල් ඇමරිකාවේ සාප්පු සංකීර්ණයන් තුල ගොඩ නැගුව ද ලබන වසරේ දී ප්‍රධාන ප්‍රදේශ 25 ක ඔවුනගේ ස්ථිර විකුණුම් සැල් ගොඩ නගනු ඇති බවක් නිගමනය කළ හැක.

10. Intel චිප් තාක්ෂණය Android දුරකතන වලට පිවිසීම
Intel සමාගම ඔවුන්ගේ ම දුරකතන නිපදවා ඇති බවක් පෙනී ගිය හෙයින් ලබන වසරේ දී Intel සමාගම තම චිප් තාක්ෂණය Android දුරකතන වල අන්තර්ගත කිරීම පිළිබඳව පෙර නිගමනයකට එළැඹිය හැකිය.

11. NVIDIA සමගමේ Tegra 4 ප්‍රොසෙසරයට සුභ කළක්
ඇමරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ලබා දෙමින් NVIDIA සමාගමේ සිව් වන පරම්පරාවේ Tegra 4 ප්‍රොසෙසරය ලබන වසරේ දී නිකුත් විය හැකි අතර එම චිපය අන්තර්ගත ජංගම දුරකතන ද රැසක් වෙළඳ පොළට පැමිණිය හැක.

12. Amazon මගින් Android දුරකතනයක් එළි දැක්වීම
Amazon සමාගම දුරකතනයක් නිශ්පාදනය කරතැයි බොහෝ කලක සිට කටකතා පැතිරෙමින් තිබිණ. මේ හා සැසඳීමේදී 2013 දී Android දුරකතනයක් නිපදවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතර එය Kindle Phone ලෙසින් නම් විය හැක.

13. HTC සමාගමේ Sense 5.0 අතුරු මුහුණතේ ආගමනය
ලබන වසරේ පැවැත්වෙන Mobile World Congress 2013 සමුළුවේ දී HTC සමාගම තම නවතම දුරකතනයන් හී පවතින Sense 5.0 අතුරු මුහුණත එළි දැක්විය හැකිය.

Tuesday, December 18, 2012

HTC M7 ගැන තොරතුරු පිට වෙයි

ජංගම දුරකතන ලෝකය නවමු මානයකට පිය නගනා බවක් දැන් දැන් පෙනී යනවා. මීට හේතුව නම් කුඩා තිර වලට සීමා වෙමින් තිබූ ජංගම දුරකතන අදාළ සීමාවන් අභිබවා විශාල තිර සඳහා යොමු වීම. මේ ප්‍රවණතාවට අනුව බොහෝමයක් දුරකතන නිශ්පාදන ආයතන මේ වන විටත් තම ජංගම දුරකතන මාදිලි වලට නවතම තාක්ෂණික ක්‍රමෝපායන් සහිතව විශාල සහ පැහැදිලි තිර සහිත දුරකතන පාරිභෝගිකයන් හට හඳුන්වා දීමට පෙළඹී ඇත. 

මෙසේ මෙම රැල්ලට හසු වූ මීළඟ දුරකතනය වන්නේ HTC සමාගම මගින් එළි දැක්වීමට නියමිත HTC M7 යන නාමය සහිත ස්මාර්ට් ජංගම දුරකතනයයි. HTC සමාගමෙන් මින් ඉහතදී එළි දැක්වූ HTC Butterfly J, Butterfly සහ Droid DNA යන මාදිලි ත්‍රිත්වය ම ඉහත කී නව පන්නයේ අඟල් 5 ක විශාල තිර සහිත දුරකතන මාදිලි වේ. නමුත් ඒ මාදිලි වලට මඳක් වෙනස් වෙමින් HTC One X/X+ හි පැවති අඟල් 4.7 ක තිරයක් සහිතව මෙම M7 දුරකතනය නිම වනු ඇත. මෙය ලබන වසරේ, එනම් 2013 වසරේ පෙබරවාරි මස පැවැත්වීමට නියමිත Mobile World Congress 2013 දී බොහෝ විට එළි දකිනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කරයි. 

අඟල් 4.7 ක Full HD තිරයක් නොහොත් පික්සල් විභේදනය 1980 x 1080 වන, ලොව ප්‍රථම වරට අඟලකට ඇති වැඩිම පික්සල් ප්‍රමාණය ද සහිතව දොරට වඩිනා මෙම තිරය Super LCD 2 අභිබවා යන Solux තිරයකින් නිර්මාණය වී ඇත. මෙම තිරයෙහි එකී අඟලක පික්සල් ධාරිතාව පික්සල් 468 ක් පමණ වේ. එය මෙතෙක් ඇති මීට සමාන තිරයන්ගේ ඇති අඟලකට පික්සල් 440 ප්‍රමාණය අභිබැවූ මුල්ම තිරය වේ. මෙම M7 ජංගම දුරකතනයට ජවය සපයනු ලබන්නේ ලොව දැනට ඇති ඉතාමත්ම වේගවත් 1.7GHz ක Snapdragon S4 Pro ප්‍රොසෙසරයක් මගිනි. එමෙන්ම මතක ධාරිතාව ගිගාබයිට් 2 ක් ද, අභ්‍යන්තර ගබඩා ධාරිතාව ගිගාබයිට් 32 ක් ද වනු ඇත.

මෙහි එන තවත් සුවිශේෂී අංගයක් වන්නේ එහි ඇති සුපිරි මට්ටමේ කැමරාවයි. එනම් f/2.0 ක් වූ කාචයක් සහිත, CineSensor තාක්ෂණයෙන් හෙබි, මෙගා පික්සල් 13ක පසුපස ප්‍රධාන කැමරාවයි. වාර්තාවන්ට අනුව HD වීඩියෝ පටිගත කිරීමේ හැකියාව සහ ඉතාමත් ම මන්දගාමී (super slow motion) වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ද පවතී. මෙහි හඬ සඳහා බලය සපයන්නේ Beats Audio සහ Stereo speakers වේ. HTC M7 හි එන තවත් විශේෂ වෙනසක් වන්නේ මෙයට දැනට පවතින 802.11n wireless ජාල වලට වඩා වේගවත් 802.11ac wireless ජාල වලට සම්බන්ධ වීමේ හැකියාව පැවතීම. තව ද මෙයට බලය සපයනු ලබන්නේ 2300mAh බැටරියකිනි.

මේ සුපිරි ගණයේ ජංගම දුරකතනයට Samsung සමාගමේ දුරකතන අභිබවා යෑමට හැකි වේදෝයි ලබන වසර වන තෙක් බලා හිඳිමු.


Samsung Galaxy Grand

Samsung සමාගම Android 4.1.2 ධාවනය වන නවතම Galaxy Grand ස්මාර්ට් ජංගම දුරකතන ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙය බොහෝ දුරට Samsung Galaxy Note පෙළගැස්මේ සාමාජිකයෙක්දෝයි සිතෙන තරමටම හැඩරුවෙන් සමානතාවක් දක්වයි. මෙහි විශේෂත්වය නම් අඟල් 5 ක දීප්තිමත්, පැහැදිලි TFT තිරයක් පැවතීම, 1.2GHz Dual Core ප්‍රොසෙසරයකින් ජවය ලැබීම සහ මෙගාපික්සල් 8ක පසුපස කැමරාවක් පැවතීමයි. 

මෙහි කැමරා මෘදුකාංගය ඉතාමත් වේගයෙන් ක්‍රියා කිරීම මෙහි ඇති තවත් විශේෂත්වයක්. එනම් ඡායාරූප ගැනීමේ දී සිදුවන කාලය ගතවීම් මෙහිදී සිදු වන්නේ ඉතාමත් ම අඩුවෙන්. අඳුරු අවස්ථාවන් වලදී පවා ඡායාරූප ගැනීමේ හැකියාව මේ සඳහා ලබා දී ඇත. තව ද මෙමගින් Full HD වීඩියෝ ද පටිගත කළ හැකිය. 

මෙම දුරකතනය ද නිකුත් වන්නේ Samsung සමාගමේ TouchWiz අතුරු මුහුණත සමගින් වන අතර වැඩි දියුණු කරන ලද අංගයන්ගෙන් සමන්විතව, මෙතෙක් වීඩියෝ සඳහා පමණක් සීමා වී තිබූ PopUp Play හැකියාව එකවර වීඩියෝ 2ක් එකක් මත අනෙක PopUp අයුරෙන් ගෙන නැරඹීමේ Picture-in-Picture PopUp Play හැකියාව ද එක්වී ඇත. මීට අමතරව S Voice ද අන්තර්ගත කර ඇති අතර ස්පර්ශයන්ගේ චලන උපයෝගී කර ගෙන සිදු කර ඇති වෙනස්කම් ද පවතී. මෙම දුරකතනය පළමුව සිම් පත් 2 ක් සහිත GT-I9082 මාදිලි අංකයෙන් පැමිණෙන අතර සාමාන්‍ය තනි සිම් පතක දුරකතනය GT-I9080 ලෙසින් මාදිලි 2 කින් පැමිණේ. 

මෙම දුරකතනය නිර්මාණය කර ඇත්තේ Galaxy Note 2 වැනි උපාංග සඳහා ලඟා විය නොහැකි නමුත් විශාල තිරයන් අපේක්ශා කරනා පාරිභෝගිකයන් හටය. වාර්තාවන්ට අනුව මෙම දුරකතනයේ Galaxy Note හි මෙන් S Pen උපාංගයක් අන්තර්ගත නොවේ. 




Sunday, December 16, 2012

Sony EXYNOS ප්‍රොසෙසර යොදන්නට යයි


නව වසරට ඈඳෙන නව කට කතාවක් පිළිබඳවයි මේ කියන්නට යන්නේ. එනම් Sony සමාගම Samsung සමාගමේ EXYNOS ප්‍රොසෙසර තම ස්මාර්ට් ජංගම දුරකතන නිශ්පාදනයේ දී නව වසරේ සිට යෙදවීමට යන බවයි.

Samsung සමාගමේ මෙම EXYNOS ප්‍රොසෙසර ඔවුනගේ ජංගම දුරකතනයන්හි ඉතා මැනවින් ක්‍රියා කරවයි. නමුත් ගැටළුව නම් ඔවුන් එම ප්‍රොසෙසරය සම්බන්ධ දත්ත සහ කේත එතරම් ලෙහෙසියෙන් වෙනත් සමාගම් කෙරෙහි ලබා නොදීමයි. එනම් එම ප්‍රොසෙසරය හා සම්බන්ධ විය හැකි Custom ROM නිර්මාණය කිරීම උදෙසා වන ක්‍රමලේඛ දත්ත පිටතට ලබා නොදීමයි. එබැවින් බොහෝ සංවර්ධකයන් මේ පිළිබඳව සතුටුදායක බවක් නොදක්වයි. මේ හේතුව නිසාවෙන් ඔවුන් බොහෝ දෙනා Sony සහ HTC වැනි ආයතන කෙරෙහි යොමු වීම ද දක්නට ලැබේ.

කෙසේ නමුත් බොහෝ මෘදුකාංග සංවර්ධකයින් Samsung සමාගම මෙහි ලිපි ගොනු ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින්නේ ඉතා හොඳ සහ ඉක්මන් Custom ROM නිපදවීමේ අදිටනිනුයි.


Thursday, December 13, 2012

Nexus 4 ජරමරේ

පසුගිය දින කිහිපය Google සහ LG සමාගම් ද්විත්වයට ම බෙහෙවින් කාර්යබහුල වූ දින කිහිපයක් වීය. ඊට හේතුව වූයේ Google සමාගම ඔක්තෝබර් 29 වැනි දින Nexus උපාංග එළි දැක්වීම සහ නොවැම්බර් මස 13 වැනි දින ඒවා අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමට ඉඩ සැලසීමයි. මෙම එළි දැක්වීම කෙසේ සාර්ථක වුවත්, එම උපාංග ඇනවුම් කිරීමේ සිට බෙදා හැරීම දක්වා වූ ක්‍රියාවලිය නම් ඉතාමත් අසාර්ථක මට්ටමක පැවතුණු දෙයක්. මේ හේතුවෙන් Google සමාගමට තම පාරිභෝගිකයන්ගේ බොහෝ අපවාදයන්ට ඇහුම්කන් දීමට පවා සිදු වූවා. මීට බෙහෙවින් හේතු වූයේ වෙනත් කවරදාකවත් නොතිබූ පරිද්දෙන් LG සමාගම මෙවර නිපදවූ Nexus 4 දුරකතනයට ඉතාමත් ඉහළ ඉල්ලුමක් පැවතීමයි. මේ හේතුවෙන් Google සමාගමේ අදාළ Play Store හි පෙර ඇණවුම් වෙබ් පිටුව පවා අක්‍රීය තත්ත්වයට පත් වූවා. මෙම ඉල්ලුම කෙතරම් වී ද යත් එය අන්තර්ජාලයට මුදා හැරි පළමු දිනය වන නොවැම්බර 13 වැනි දා අඩ හෝරාවක් ඇතුලත සියළුම දුරකතන විකිණී අවසාන වූවා. එම අවස්ථාවේ දී බොහෝ දෙනා හට නිතර දැක ගන්නට ලැබුනේ Google සමාගමේ තත්ත්වයෙන් බාල, එම අවස්ථාවේ දී නිතර දෝශ පෙන්නුම් කරනා වෙබ් පිටුවකි.

එදින දුරකතන සියල්ල විකිණී යාමෙන් අනතුරුව Google සමාගම නැවතත් නොවැම්බර් 27 වැනි දින මෙම Nexus 4 දුරකතනය පෙර ඇණවුම් කිරීම සඳහා Play Store හරහා අන්තර්ජාලයට මුදා හැරිය ද එදින ද බොහෝ දෙනාට මෙය මිල දී ගැනීමට නොහැකි වූ අතර පෙර කී දෝශයන් රැසට මුහුණ දීමට ද සිදු විය. මේ පිළිබඳව Google සමාගම පෙර දැනුවත් වීමකින් නොසිටියා ද, නැතහොත් මෙතරම් ඉල්ලුමක් පැවතේදෝයි නොසිතුවාදැයි යන්න පිළිබඳව නිෂ්චිත නිගමණයකට එළැඹිය නොහැකිය. නමුත් ඔවුනගේ බාළ තත්ත්වයේ මේ මුදා හැරීම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයන් ඉමහත් අපහසුතාවයටත් කණස්සල්ලටත් පත් වූ බව අන්තර්ජාලය පුරා ඔවුන් විසින් පළ කරන ලද ප්‍රකාශයන්ගෙන් දැක ගැනීමට හැකි වූවා.

මෙහි දී එක් වෙබ් අඩවියක් මෙම සිදු වූ දෝශයන් පැහැදිළි කර තිබුණේ ඉතාමත් අපූරු ආකාරයකින්. යමෙක් සුපිරි වෙළඳ සැලකට ගොස් තමා කැමැති භාණ්ඩය ලබා ගැනීමට පෝළිමේ සිට එය ලබා ගෙන අයකැමි වෙතට පැමිණි විට අදාළ භාන්ඩ මිල දක්වන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් අයකැමි තමා ලබා ගත් භාණ්ඩය රැගෙන නැවතත් තිබූ තැනින් තබා පාරිභෝගිකයා හට නැවතත් උත්සාහ කර අදාළ භාණ්ඩය රැගෙන ඒමට පවසයි. එවිට දී නැවතත් පැමිණ සිටිනා අනෙකුත් පාරිභෝගිකයන් සමග පොර කා අදාළ භාණ්ඩය රැගෙන අයකැමි වෙත පැමිණි විට නැවතත් ඔහු එය රැගෙන තිබූ තැනින් තබයි. නමුත් මෙවර පාරිභෝගිකයා අදාළ භාණ්ඩය ගැනීමට එය වෙත යාමේ දී එම භාණ්ඩයේ තොග අවසන් වී ඇති බව දැන ගනී. පසුගිය දින වල දී Nexus 4 දුරකතනය ඇනවුමේ දී ද මේ හා සමානම ක්‍රියාවලියක් Google Play Store හී දී ද සිදු විය.

මීට අමතරව LG සමාගම මගින් Google සමාගමට අවශ්‍ය කරනා තොග ලබා දීමට ප්‍රමාද වීමත් හේතුවෙන් නොවැම්බර් 13 වනදායින් අනතුරුව නැවතත් ඇනවුම් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමට හැකි වූයේ 27 වැනි දිනයි. එමෙන්ම මෙම ප්‍රමාදය හේතුවෙන් ඇණවුම් කළ දුරකතන අදාළ පාරිභෝගිකයන් හට යැවීමට දිනක් හෝ දින 2 ක් පමණ ගත වෙතැයි කළ අනුමානය සති 4 සිට 5 දක්වා මුල දී සහ පසුව සති 7 සිට 9 දක්වා ද දීර්ඝ වූවා. මෙමගින් ද බොහෝ පාරිභෝගිකයන් අපහසුතාවන්ට ලක් වූවා පමණක් නොව කණස්සල්ලට ද පත් විය.

කෙසේ නමුත් Google සමාගම මෙම තත්ත්වයන් මගහරවා ගෙන තම වටිනා පාරිභෝගිකයන් හට උපරිම සහ කාර්යක්ෂ්‍යම සේවාවක් සපයන්නට වග බලා ගත යුතුය. මන්දයත් මෙයින් Google සමාගම අහිමි කර ගන්නේ අති විශාල මුදල් ප්‍රමාණයක් මෙන්ම තම වටිනා ලෝක ව්‍යාප්ත පාරිභෝගික පිරිසයි.




Samsung Galaxy S II Plus


මෙම නවතම දුරකතනය බොහෝ සෙයින් Samsung Galaxy S II ස්මාර්ට් ජංගම දුරකතනයට බෙහෙවින් සමානතාවයක් දක්වනවා. Samsung සමාගම මෙම නවතම දුරකතනය එනම් Samsung Galaxy S II Plus එහෙත් නැතිනම් GT-I9105 මාදිලි නාමයෙන් හඳුන්වන දුරකතනය Chic White සහ Dark Blue යන වර්ණ ද්විත්වයෙන් ඉදිරිපත් කිරීමට සැරසෙන බවයි අන්තර්ජාලයෙන් වාර්තා වන්නේ.

මෙම දුරකතනයේ ඇති විශේෂාංග වලට යොමු වුවහොත් එය ගිගාබයිට් 8 මාදිලියකින් පමණක් වෙළඳපොළට පැමිණෙන බවයි පෙනී යන්නේ. එය එසේ පැමිණෙන්නට නියමිතව ඇත්තේ 2013 වසරේ පළමු කාර්තුව ඇතුලතදීයි. තව දුරටත් ලැබෙනා තොරතුරු වලට අනුව මෙම දුරකතනයේ Chic White වර්ණයෙන් යුතු දුරකතන හඳුන්වාදීමෙන් තෙවන සතියේ සිටත්, Dark Blue මාදිලියේ දුරකතන 5 වැනි සතියේ සිටත් බෙදා හැරීමට සූදනමින් පවතිනවා.

වාර්තා වන ආකාරයට මෙම දුරකතනය Android 4.1.1 හෝ 4.1.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර, අඟල් 4.3 ක පික්සල් විභේදනය 480 x 800 වන තිරයකින් සහ 1GHz ක Dual Core ප්‍රොසෙසරයකින් ජව ගැන්වෙමින් පැමිනෙන්නක්. මෙය මෙතෙක් පැවති Samsung Galaxy S II මාදිලියට වඩා ගුණාංගයන්ගෙන් අඩු මට්ටමක පවතින දුරකතනයක් බව ඉන් පැහැදිලි වෙනවා.


Monday, December 10, 2012

අළුත් ප්‍රොසෙසර

ජංගම දුරකතන කී විට අප බොහෝ විට බලාපොරොත්තු වන්නේ එය smart මාදිලියේ හෝ feature මාදිලියේ පවතින දුරකතනයක් පිළිබඳවයි. නමුත් මේ කිනම් දුරකතනයක් වුව ද ක්‍රියා කිරීමට එහි ප්‍රධානතම අංගය වන ප්‍රොසෙසරය ඉතා හොඳ මට්ටමකින් පැවතිය යුතුය. අතීතයේ සිට මේ දක්වා පසු විපරමක් කර බලන්නේ නම් එදා මෙදා තුර පැවති ජංගම දුරකතන වල ඇති ප්‍රොසෙසර ඉතාමත් සීඝ්‍ර ආකාරයෙන් වැඩි දියුණු වී ඇති බව පෙනී යනවා. මේ සඳහා ඉතාමත් ඉහළ දායකත්වයක් ලබා දෙන එක් සමාගමකි Qualcomm සමාගම.

මෙම සමාගම ඉතාමත් වේගවත්ව ප්‍රොසෙසර නිර්මාණය කිරීමේ ප්‍රමුඛයන් අතරේ සිටින්නෙක්. ඔවුන් විසින් හඳුන්වා දුන් Snapdragon S4 ප්‍රොසෙසරය වර්තමානයේ ඉහළ ජවයකින් යුතු ස්මාර්ට් ජංගම දුරකතන වැඩි ප්‍රමාණයක ම පවතින්නක්. මෑතක දී ඔවුන් තම පවුලේ නවතම සාමාජිකයන් දෙදෙනා වන, නැනෝමීටර 28 දරන නිශ්පාදන ක්‍රමවේදය මගින් නිපදවන, මාදිලි අංක MSM8626 සහ MSM8226 දරණ chipset හඳුන්වා දීමේ දින දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම chipset වලට ඇති හැකියාවන් අතර මෙගා පික්සල් 13ක කැමරාවක් අන්තර්ගත කිරීමේ හැකියාව, Full HD 1080p ප්‍රමාණයේ වීඩියෝ Andreno 305 හරහා පටිගත කිරීමේ හැකියාව, සිම් පත් කීපයක් හැසිරවීමේ හැකියාව පවතී. මෙම chipset ද්විත්වය ම Dual Sim/Dual Sim standby, Dual Sim/Dual Sim active සියල්ලට ම ජවය සැපයිය හැකි ද්විත්වයකි. මේවායේ ඇති විශාලත ම විශේෂත්වය වන්නේ මේ chipset ද්විත්වය ම චීන TD-SCDMA සහ සාමන්‍ය CDMA/HSPA+ ජාල වලට සම්බන්ධ වීමේ හැකියාව පැවතීම සහ මෙවන් අනෙකුත් chipset හා සසඳද් දී මේ ද්විත්වය ම 60% කින් කුඩා වීම.

මීළඟ පරම්පරාවේ මේ ප්‍රොසෙසර chipset යුගලය 2013 වසරේ දෙවැනි කාර්තුවෙහි දී වෙළඳ පොළට නිකුත් වීමේ හැකියාව ද පවතින බව දැන් දැන් හෙළි වෙමින් පවතින නමුත් කිනම් දුරකතන නිශ්පාදකයෙකු මෙය යොදා ගැනීමට තීරණය කර ඇත්දැයි තවමත් නිශ්චිතව පැවසිය නොහැක්කක්. මෙම නවතම S4 Quad Core chipset වලට අමතරව Qualcomm සමාගම ඒවාට නිර්දේශ නිමැවුම්, සහය පවා නිශ්පාදකයන්ගේ පහසුව උදෙසා නිකුත් කිරීමටත් නියමිතයි.