දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Friday, May 14, 2010

PHP කරා යමු - 1 (Intro)

මේ 2010 මැයි 14 වෙනිදා. හොඳටෝම වහිනවා. තොර තෝංචියක් නැතුව එළියේ වැටෙන වරුසාව නිසා අද නම් කිසිම රස්ණයක් නෑ. හැබැයි ඉතින් ගෙරවිල්ල තමා ඉවසන්නම බැරි. නිදා ගන්නත් බැහැ. පොඩි කාලෙ අම්මා කියලා තියෙනවා වැඩක් නැත්තන් පොතක් බලා ගන්න නැත්තන් නිදා ගන්න කියලා. ඉතින් ඔය විදියට නිදා ගන්න ගියොත් නම් ඔයාලටම තමයි පාඩුව වෙන්නෙ. මොකද එතකොට මට මේ විදියට අන්තර්ජාලයෙන් ඔයාලට මං දන්න කිසි දෙයක් කියල දෙන්න වෙන්නෙත් නැහැ නෙ...

ඔන්න ඉතින් ඔහොම කියලා මම මගේ තවත් යාලුවෙක්ව ගෙදෙට්ට දෙන්න ගත්ත මගේ උදව්වට. මොකද වහින නිසා මොළේ පෙඟිල තිබුණොත් හෙම මම කියන සමහර දේවල් හරියට තේරෙන් නැතිව ගියොත් එයා හරි ඉන්නවනේ පැහැදිලි කරල දෙන්න. ඇයි නින්ද ගියොත් එහෙම කූද්දන්නත් කවුරු හරි එපැයි නේ. මම නම් ඉතින් වැඩි යමක් දන්න කෙනෙක් නෙවෙයි. හරියටම කිව්වොත් සොක්කෙක් තමයි. ඒත් දන්න කියන දේ පළපුරුද්දෙන් කරලම ඉගෙන ගෙන තියෙන නිසා මේ පාඩම ගැන යම් දුරකට ඔයාලට කියලා දෙන්න මම උත්සාහ කරන්නම්. ගුරු මුෂ්ටි නම් නෙවෙයි, මේ ගැන දන්න හැමදේම. එහෙම හොඳයි නේද යාළුවනේ?

ඔන්න එහෙනම් අපි පටන් ගමු. ඇත්තෙන්ම යාළුවනේ අන්තර්ජාලෙ කියන්නෙ ලෝකෙ පුරාම පැතිරුණු දෙයක්. හරියට අහස පුරා පැතිරුණු වළාකුළු වගේ. දැන් නම් ලෝකයේ කිසිම දේකට අන්තර්ජාලෙ නැතුවම බැරි තරම්. මොකද දැන් අන්තර්ජාලෙන් කරන්න බැරි ඉතින් හරිම පොඩි පොඩි අවශ්‍යතාවන් ටිකක් වීම. මේ හැම දෙයක්ම කර ගන්න අද කාළෙ එකම තැනක ඉඳන් පුළුවන්. ඒ මේ තාක්ෂණයේ දියුණුව නිසාත් කොම්පියුටර තියෙන නිසාත් තමයි. මුළු අන්තර්ජාලෙම කොම්පියුටර් තිරයේ පෙන්නන්න මිනිස්සු කොච්චර උත්සාහයක් දරලා තියෙනවද කියනවා නම් අද ඒක ෆැශන් එකක් තරමටම පත්වෙලා. වෙබ් පිටුවක් පවත්වගෙන යන් නැති කිසිම කෙනෙක් නැති තරම්. ඒක තමයි මාත් මේ වගේ නොමිලේ ලබා දෙන සේවාවකින් ඔයාලට මොනා හරි කියලදෙන්න අන්තර්ජාලෙට බැස්සේ.

මම කීවා නේද කලින් වෙබ් පිටුවක් ගැන. ඇත්තෙන්ම ඔයාල මේ පාඩ්ම කියවන්නෙත් වෙබ් පිටුවක් දිග ඇරන් තමයි. මේ දිග ඇරන් ඉන්න වෙබ් පිටුව යටින් කොච්චර නම් මිනිස් ශ්‍රමයක් වැය වෙලා තියෙනව කියලද හිතන්නේ? සමහර විට ඒක මුදලින් මනින්න බෑ. ඒත් ස්වයංක්‍රීයකරණය වීම මත මේ වගේ වෙබ් පිටුවක් තප්පර කීපයකින් ගොඩ නගා ගන්න පුළුවන් වෙලා තියෙනවා. උදාහරනයක් විදියට මේ වගේ පිටුවක් නිර්මානය වෙන හැටි කොහේ හරි සටහන් කරලා තිබ්බොත් ඕනෙ ඕනෙ වෙලාවට අවශ්ය දත්ත එහෙන් මෙහෙන් එක් රැස් කර ගෙන ඒ ඒ තැන් වල ඉබේම ලස්සනට පෙන්නන යාන්ත්‍රිකයක් අද කාලේ හැම වෙබ් පිටුවකම පාහේ දැක ගන්න පුළුවන්. ඒ ඉතින් තාක්ෂණයේ දියුණුවේ පිහිට නිසා තමයි. මගේ කතාව ටිකක් බර වැඩි නම් කොමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මොකද උගන්නන දේ හරියට ඔයාලගේ මොළේට යන්නත් එපැයි.

PHP කියන්නෙ ඒ වගේ උදව් වෙන තාක්ෂණයක්. ඔයාල මේ පාඩමෙන් ඉගෙන ගන්න යන්නෙත් ඒ ගැන නේ. හැබැයි එක පාරම බැහැ. ටිකෙන් ටික යන්න වෙනවා. මොකද PHP කියන්නෙ මයික්‍රෝසොෆ්ට් වර්ඩ් වගේ සොෆ්ට්වෙයා එකක්වත්, අන්තර්ජාල ගේම් එකක්වත් නෙවෙයි. ඒක ක්‍රමලේඛන බාසාවක්. ඒ කිව්වෙ සිංහලෙන් කියනවා නම් PROGRAMMING LANGUAGE එකක්. ඒක ඉගෙන ගන්න කලින් ඉගෙන ගන්න දේවල් තියෙනවා කීපයක්ම. මුලින්ම අපි ඉගෙන ගන්න ඕනි HTML. මේක නම් නිකන්ම නිකන් අකුරු 4ක් විතරයි. ඒත් අන්තර්ගතය නම් විශාලයි, හැබැයි ලේසියි. ආ... මට කියන්න අමතක වුණා. PHP ඉගෙන ගන්න යන පාරේ අතර මැදදි තව ගොඩක් දේවල් හම්බ වෙයි අපිට. අපි ඒවටත් ඔළුව දාල එහෙම මේ ගමන යමු. මතකයි නේ ගුරු මුශ්ටි නෑ ඕන්. එතකොට තමා දැනුම වැඩි කර ගන්න පුළුවන් වෙන්නේ.

12 comments:

වැප් said...

හොඳ ආරම්බයක් සුබ පැතුම් දිගටම ඇදගෙන යන්න

Kanishka Dilshan said...

ඔබගේ අදහස් ඉතා හොඳ බව පේනවා.මේක දිගටම කරගෙන යන්න යාලුවා.ඔබට මගෙන් සුභපැතුම්.

SL Tech Express said...

වැඩේ නම් මරු...
දිගටම ලියන්න තමයි ඕනේ....
අපි ඉන්නව ඉගෙන ගන්න...

Teshan said...

Bohoma sathutui oyaalata. magei shishshayo ne... :)

Thidas said...

jaya wewa!!

අරුණ සර් said...

මමත් සුභ පතනවා සහොදරයට.ඔහොම යං.

BLOG ගඩොල් said...

ඔන්න මගෙනුත් සුභ පැතුම්........

සිතුවිලි said...

බොහොම ස්තූතියි.....

GNS said...

එළකිරි වැඩක්.. (y)

Tharindu Edirisinghe said...

keep on writing

තරංග​ගේ බ්ලොග් පිටුව said...

ගොඩක් සතුටුයි ඒවගේම ගොඩක් ස්තුතියි....

Anonymous said...

aiyo june welin passe monawath naha ne .

Post a Comment