දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Friday, May 14, 2010

PHP කරා යමු - 3 (HTML)

ඔන්න වැස්ස ඩින්ගිත්තකට තුරල් කරා වගේ. කලින් ගිය පාර හෙන අකුණක් ගැහුවනේ. බය වුණ පාරට ලැප්ටොප් එක ඕෆ් කරා. දැන් ඉතින් ආයෙත් ආව ඔයාලව හොයන්. මම යාළුවාව කුස්සියට යැව්වා අම්මට උදව් වෙන්නය කියලා. මොකද හැමදාම වගේ මෙහේ රිංගන මනුස්සයා නෙව. අපි කොතනින්ද කලින් වතාවෙදි පාඩම කියාගෙන කියේ? ම්ම්... හරි මතක් වුණා. HTML ලෝඩ් වෙද්දි උඩ කැතට මුලින් ඇවිත් පස්සේ හරි යන්නේ කොහොමද කියලයි. ඔයාල හිතුවද ඒ ගැන? ඒක තේරුම් ගන්ට අමාරුවක් වෙන එකක් නෑ. අහ්!!! ඔයාල මතක තියා ගන්න ඕනෙ මේ උපදෙස. මම නම් නෙවෙයි දෙන්නේ. මේක මටත් ලැබුණු උපදෙසක්. ඕනෙම දෙයක් අමාරුයි කියලා හිතුවොත් අමාරුම තමයි. අපි මේ ඉගෙන ගන්න හැම දෙයක්ම එච්චර අමාරු නැහැ. අමාරුයි කියල හිතුවොත් කවදාවත් ආසාවෙන් ඉගෙන ගන්න තියා දකින්නවත් කවුරු කවුරුත් කැමති වෙන්නේ නැහැ. නිකමට අත් හදා බලන්නකෝ.

HTML වෙබ් පිටුවක තියෙන HTML කේත වෙබ් බ්‍රවුසරයෙන් කියවන්න පටන් ගන්නේ උඩ ඉඳන් පහලටයි, වමේ ඉඳන් දකුණු අත දිහාවටයි. මෙහෙම කියවද්දි HTML කේත බ්‍රවුසරය අඳුන ගන්නවා. HTML වලදි නම් මේ කේත ක්‍රමය යුගල වශයෙනුයි පාවිච්චි වෙන්නේ. එහෙම නොවෙන අවස්ථාවලුත් තියෙනවා. සාමාන්‍යයෙන් මේ HTML කේත වලට ව්‍යවහාරයේ කියන නමක් තියෙනවා. tags (ටැග්ස්) කියලයි කියන්නේ. මේ ටැග් එකතු වෙලයි වෙබ් පිටුවක සැකිල්ල හැදෙන්නේ. නිවැරදිවම කියනවා නම් HTML කියන්නේ වෙබ් පිටු සැකිලි නිර්මාණය කරන කේතන ක්‍රමයක්. ඒක හරිම පණ නැති දෙයක්. ඒ කිව්වේ ඉලක්කම් 2ක් දීල ඒක එකතු කරලා පෙන්නන්න කීවොත් ඒක කර ගන්න එයාට බැහැ. ඒකයි මම කීවෙ language එකක් වුණාට වැඩක් කරව ගන්න අපිට බැහැ කියලා. ඒ නිසා HTML කියන්නේ හුදෙක්ම ව්‍යූහය හදන කේතන ක්‍රමයක්. ඒ නිසාමයි HTML වලට අන්තර්ජාලයේදි ඉහළ තැනක් ලැබිලා තියෙන්නේ programming language එකකටත් වඩා.

HTML ගැන කතා කරා විතරයි නේ? කෝ අපි තාම දැක්කේ නැහැ නේ ඒව මොන වගේද කියලා. ඉන්නකෝ මම පෙන්නන්නම් ඒක මොන වගේද කියලා. හැබැයි හදිසි වෙලා බැහැ. තව ටිකක් ඉවසන්න. වෙබ් බ්‍රවුසරයකට පුළුවන් මේ HTML කේත අඳුන ගන්න. ඒ කොහොමද, ඒ බ්‍රවුසර නිර්මාණය කරද්දීම HTML tag (ටැග්) සියල්ලමයි, ඒවා යොදනා ආකාරයයි, මේ මේ ටැග් වෙබ් පිටුවෙදි හම්බ වුණොත් මේ වගේ පෙන්නය කියලා දත්ත ටිකකුයි, නීති රීති ටිකකුයි කවලා තියෙනවා. හැබැයි මේ HTML tags (ටැග්ස් පාවිච්චි වෙන හැටිය අනුවයි, යොදා ගැනීමේ ප්‍රසිද්ධිය අනුවයි එක එක වෙබ් බ්‍රවුසර වලින් ඒවට දක්වන ප්‍රතිචාර වල වෙනස් කම් සිද්ධ වෙලා තියෙනවා. ඒක ඒ බ්‍රවුසර නිර්මාපකයන්ගේ අයිතියක් වගෙම උවමනාවල්. හැබැයි හැම ටැග් එකක්ම පාහේ බ්‍රවුසර වලට කවල තියෙනවා. මොකද මේ ටැග් ලෝකෙටම එක නිසා. කොහේ මොන රටේ මොන ආයතනේ හිටියත් HTML tag (ටැග්) එකකින් කියවෙන අදහස එකමයි; කෙරෙන වැඩෙත් එකමයි. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැතිලු නේ. අන්න ඒ වගේ තමා.

ඒ නිසා මේ හැම ටැග් එකකින්ම කෙරෙන වැඩේ ගැන අපි හොයල බලන්න ඕනෙ. ඒවා හොඳට ඇඟට කවා ගත්තාම පුළුවන් වෙනවා ඕනෙම පරිසරයකදි ඒවා දක්ශ විදියට පාවිච්චි කරන්න.
PHP වලදීත් මේ HTML පෙළක් වෙලාවට පාවිච්චි වෙනවා අවශ්‍යතාවෙ හැටියට. මතක තියා ගන්න ඕනි HTML සැකිල්ල හදන්න උදවු වුණාට PHP ඉගෙන ගනිද්දි HTML අමතක වෙලා නොතිබිය යුතු බව. මේ එකකින් එකක් එකිනෙක සම්බන්ධ වෙන යාන්ත්‍රණය ගැනයි මම මේ වැහි වෙලාවෙදි කියන්නේ. ඒ නිසා බොරු කියන්නත් බැහැ නෙ අකුණු ගැහුවොතින්?

ඉගෙන ගන්න කෙනෙක් වෙබ් පිටුවක් හදන්න ගන්න ඕනෙ නෝට්පෑඩ් කියන වින්ඩෝස් එක්ක එන ටයිප් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එක උපයෝගී කරගෙන තමා. එතකොට තමයි පුළුවන්
HTML වල රහස් එළි කර ගන්න.

5 comments:

Anonymous said...

http://blog.AnuradhapuraZone.info/ Anna Apa sindiyta

තම තම නැණ පමණින් said...

අපි දහ පහළොස් දෙනෙක් එකතු වෙලා මේ වගෙ පරිගණක භාෂා අන්තර්ජාලයෙන් උගන්නන්න ගත්තොත් සිංහලෙන් වැඩ කරන අයට ලොකු සේවයක්. අපේ මව් භාෂාවටත් සේවයක්.

උත්සාහයත් භාෂාවත් ඉතා හොඳයි. කියවන්න හිතෙනවා. ඔබට ජය.

හසී said...

වැදගත් ලිපියක්.දිගටම ලියන්න.ඔබට ජය..!

Anonymous said...

This is a great idea aiya.....
continue this.........
god bless you........

dinesh said...

එළ පාඩමක් මල්ලියා....දිගටම ලියන්න.ඔයාට සදා ජය.

Post a Comment