දන්න කියන දෙයක් හැමෝටම දැනගන්න කියලා ලියන මේ බ්ලොග් පිටුවට ඔයාලව ආදරයෙන් පිළි ගන්නවා. ඉගෙන ගන්න පුළුවන් දේවල් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආපු වෙලාවක කොමෙන්ට් එකක් දාන්නත්, පාඨකයෙක් විදියට ෆොලෝ කරන්නත් පුළුවන් නම් වටිනවා.

Saturday, September 29, 2012

මීළඟ Nexus දුරකතනය තව නොබෝ දිනකින්

ඔබ Android මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන්නෙක්ද? එසේ නම් ඔබට තවත් සුභ ආරංචියක් ලඟදීම දැන ගැනීමට ලැබේවි. ඒ තවත් නොබෝ දිනකින් දුරකතන පාරිබෝගිකයන් වෙනුවෙන් නිපැයෙන තවත් දුරකතනයක් නිසාවෙන්. ඔබ Android මෙහෙයුම් පද්ධතියේ සුන්දරත්වය විඳින්නෙක් නම් ඔබ අනිවාර්යෙන්ම දැනටමත් පාවිච්චි කරනා ජංගම දුරකතනය හෝ ටැබ්ලට් පරිගණකය පිළිබඳව හොඳාකාරයෙන්ම දන්නා පුද්ගලයෙකු විය යුතුය. නැතහොත් ඒ පිළිබඳව හොඳාකාරයෙන් සොයා බලන්නෙක් විය යුතුය. මන්දයත් ජංගම උපකරණ හා සම්බන්ධ තාක්ෂණයේ දියුණුව දිනෙන් දින වර්ධනය වන නිසාවෙන්. ඔබ අද දුරකතනයක් ගත්තා නම් එහි ඔබ ප්‍රිය කළ බොහෝ විශේෂාංග වලට එහා ගිය උපකරණයක් හෙට දිනයේදී මොනයම් හෝ ආයතනයක් විසින් එළි දැක්වීමට ඇති හැකියාව වර්තමාන තාක්ෂණික ලෝකයේදී පවතී.

මේ කියන්නට යන්නේ තව දින කිහිපයකින් ඔබේ අතට පැමිණෙන තවත් නව නිර්මාණයක් පිළිබඳවයි. ඒ Google සමාගමේ Nexus දුරකතන පෙළේ මීලඟ සංස්කරණයයි. Google සමාගමෙන් මුල්ම වරට Nexus නමින් දුරකතනයක් එළි දැක්වුනේ 2010 වසරේ ජනවාරියේදීයි. ඒ Nexus One වන HTC සමාගමෙන් නිෂ්පාදනය කළ Android 2.1 Eclair ධාවනය වන, පසුව Android 2.3 Gingerbread වලට පමණක් යාවත්කාලින වුන දුරකතනයයි. පසුව එම වසරේම දෙසැම්බරයේ Samsung සමාගම විසින් Nexus S නමින් Android 2.3 Gingerbread හඳුන්වා දීමත් සමගම එළිදැක්වුනා. මීලඟට 2011 වසරේ නොවැම්බරයේදී Google සමාගම විසින් Samsung සමාගම හා එක්ව Google Nexus නම් ලද දුරකතනය තම Android 4.0 Ice Cream Sandwich සංස්කරණය සමග එළි දැක්වූයේ ජංගම දුරකතන ක්ශේත්‍රයේ තවත් පෙරළියක් ඇති කරමිනුයි. පසුව මේ දුරකතනයත් Nexus S දුරකතනයත් Android 4.1 වන නවතම Jelly Bean සංස්කරණය ලබා ගන්නටත් සමත් වූවා. ඒ ඔවුන්ගේ නවතම Nexus 7 Android ටැබ්ලට් පරිගණකයද පාරිභෝගිකයින් අතට මේ වසරේදීම පත් කරමින්. ඒ අනුව මේ දක්වා ගූගල් සමාගම Android ජංගම උපකරණ 4ක් ලෝකයට ලබා දී හමාරයි. Nexus Q ද එළි දැක්වුනේ Jelly Bean සහිතව මේ වසරේදීමයි. එය විනෝදාස්වාදය උදෙසා අන්තර්ජාලය ඔස්සේ පවා ගීත වීඩියෝ ආදිය ලබගෙන, තම ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලටද ලබා ගැනීමට උදව් වන උපකරණයකි.

අලුත් Nexus දුරකතනයක් පිළිබඳව බොහෝ දෙනා සිහින මවමින් සිටියද ඒ පිළිබඳව නිවැරදි තොරතුරු තවමත් අන්තර්ජාලයට මුදා හැරීමට ගූගල් සමාගම සහ අනෙකුත් ජංගම දුරකතන නිෂ්පාදනායතන වලට හැකි වී නෑ. මෙය තවමත් රහසක් විය හැකියි. මන්දයත් තව නොබෝ දිනකින් එනම් නොවැම්බර් මස 5 වන දිනට Google සමාගමේ නිර්මාණයක් වන Android මෙහෙයුම් පද්ධතියට වසර 5ක් පිරෙන දිනය උදා වෙන බැවින්. එදිනට බොබෝ විට Google ආයතනය Android පස් වන උපන් දිනය සැමරීම නිමිත්තෙන් තවත් Nexus උපකරණ හෝ දුරකතන 5ක් හඳුන්වාදීමට යන බවට කටකතාවක් අන්තර්ජාලය පුරාවටම මේ දින වල පැතිර යන්නක්. මෙහි සත්‍යාසත්‍යතාවය පිළිබඳව තවමත් සැක සහිතයි. නමුත් පැවසිය යුතු දෙය නම් මේ වන විට මීළඟ Nexus දුරකතනය ලෙසින් Samsung ආයතනය දුරකතනයක් නිම කරනා බවට බොහෝ විට සත්‍ය වන හෝඩුවාවන් කීපයක්ම අන්තර්ජාලයට මුදා හැර තිබීමයි. ඉන් එකක් නම් මීලඟ Nexus දුරකතනයේ තිබෙනා අංග ඇතුලත් පත්‍රිකාවක් නිකුත් වීම සහ නව Nexus දුරකතනයේ කැමරාවෙන් ගන්නා ලද ඡායාරූප කීපයක් අන්තර්ජාලයට නිකුත් වීම.

එම පත්‍රිකා වල තිබූ තොරතුරු අනුව මේ නව Nexus ජංගම දුරකතනය දැනට පවතින 1.2GHz Dual Core ප්‍රොසෙසරය අභිබවා 1.5GHz Dual Core ප්‍රොසෙසරයක් අන්තර්ගත කර ඇති අතර දැනට පවතින මෙගා පික්සල් 5ක් වෙන ප්‍රධාන කැමරාව මෙගා පික්සල් 8 දක්වා වැඩි කර ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 1.9ක් දක්වා වර්ධනය කර තැනෙන්නක්. අභ්‍යන්තර ධාරිතාව ගිගා බයිට් 16ක් ම පවත්වා ගෙන ධාරිතාව වැඩි කර ගැනීමට SD card slot එකක් මෙහි අන්තර්ගත කෙරෙන අතර තිරය සුපුරුදු ලෙසින් අඟල් 4.65ක් ලෙසින්ම පවත්වා එය HD Super AMOLED දක්වා වර්ධනය වී තැනෙන්නක්. මෙහි භාවිත නම 'Superior' ලෙසින් නම් කරනු ඇතයි බොහෝ දෙනා කියනා කතාවක්. මේ Samsung සමාගම නිපදවන්නට නියමිත Nexus දුරකතනය පිළිබඳව විස්තරයයි.

එපමණක් නොව. ඉහත කී අංගෝපාංග දැඩි ලෙසින් අභිබවා Google ආයතනය HTC සමාගම සමග එක්ව Nexus දුරකතනයක් නිපදවීමට යන බවටත් තොරතුරු පසුගිය සතියේදී අන්තර්ජාලයට එක් වී තිබෙන තවත් දෙයක්. එයද කටකතාවක් ලෙසිනුයි දැනට පවතින්නේ. මෙයට අනුව එම දුරකතනය, දුරකතනයක් සහ ටැබ්ලට් පරිගණකයක් අතර පවතින ෆැබ්ලට් (Phone+Tablet=Phablet) දුරකතනයක් ලෙසින් ඔවුන් හඳුන්වා දෙනවා. එය Nexus 5 ලෙසින් ද හඳුන්වන්නට යෙදෙන බව එම තොරතුරු වල සඳහන්. එනම් මෙහි තිරය අඟල් 5කින් යුතු 1080p වන්නක් සහ Quad Core ප්‍රොසෙසරයක් ධාවනය වන්නක්. මෙහි ප්‍රධාන කැමරාව මෙගා පික්සල් 12 කින් නිපදවෙන අතර ඉදිරිපස කැමරාව මෙගා පික්සෙල් 2කින් නිම වෙමින් ද, මිලි ඇම්පියර් 2500ක් යුත් වැඩි බැටරි කාලයක් සහිතවත්, ගිගා බයිටි 64ක අභ්‍යන්තර ධාරිතාවකින්ද යුතු LTE සම්බන්ධතාව ද ඇතුව නිමැවෙන්නක්. Nexus පාරිභෝගිකයන්ට මෙය නම් ඉතාමත්ම සතුටුදායක ආරංචියක් වේවි මෙවන් දුරකතනයක් Google සමාගම නොවැම්බර් 5 වනදාට නිකුත් කළහොත්. 

මේ වාගේම තවත් ලැබෙනා තොරතුරක් නම් ගූගල් සමාගම Android මෙහෙයුම් පද්ධතියේ 5 වන උපන්දිනය සැමරීම උදෙසා Nexus උපකරණ 5ක් නිකුත් කිරීමට ඇති බවත් ඒ සඳහා LG, Asus, Motorola ආයතනත් සම්බන්ධ කොටගෙන ඇති බවත් ය. නමුත් මේ කිසිදු ආරංචියක නිරවද්‍යතාව තවමත් හෙළි වී නෑ. එය නොවැම්බරය ආසන්න වත්ම බොහෝ විට සියල්ලන්ගේම හද ගැස්ම වැඩි කරමින් හෙළි වන්නටත් බැරි නෑ. එමෙන්ම ගූගල් ආයතනය මේ උපාංග පහසු මිලක් යටතේ තමන්ගේ Play Store හරහා සියළු දෙනාටම මිලදී ගැනීමට හැකි පහසුකමත් මේ දුරකතන එළි දැක්වීමත් සමගම ලෝකයට බෙදා දෙන්නට සූදානම් බවයි අන්තර්ජාලයේ විවිධ තොරතුරු මගින් දැක්වෙන්නේ. එපමණක් නොව එළි දැක්වෙන කිනම් දුරකතනයක් වුවද මෙදිනට Android 5.0 නව සංස්කරණයද සතුව එළි දැක්වෙන බව ලැබෙනා තොරතුරු වල සඳහන්. එම දිනය වනතෙක් අපි බලා හිඳිමු.